June 25, 2016

Special days

සිරි සිරියේ ඇදහැලෙන
සිසිරයේ නිලි වැස්ස
දුර ඈත තුරු මුදුන්
පබළුවෙන් සරසාවී

අහස සේ අකීකරු
හීනයක් දෑස් හැර
විදුලියක එළිය දී
හදවතේ දෙදරාවී

ඉතින් මම මේකුළක්
අතරමං හිරු බිඳක්
නුඹේ කතා දහසකින්
ඉඳුදුන්න උපදීවී

දෑස තරයේ පියා
අඩ අඳුරේ නවතින්න
මා නොදුන් හාදුවක්
කොපුල මත සුපිපේවි






















Pic drawn with MS Paint



2 comments:

  1. ලස්සනයි <3 කවියයි චිත්‍රයයි දෙකම. පේන්ට් වලින් මේ පසුබිම ඇන්දේ කොහොමද? :O

    ReplyDelete
    Replies
    1. හිරණ්‍යා, මම paint වලින් ඇඳපු චිත්‍රෙ photo editing program එකකින් edit කරනවා. ඒකෙන් බිත්තිය ටිකක් නාස්ති කරලා ගත්තා. :)

      Delete