May 02, 2016

The girl who was afraid to be | Nikita Gill


දොඩන්නී ඈ සතුටින්
සමත්කම් ගැන දස්කම් ගැන
ගිටාර ගැන, තරු ගැන
හදිසියේම නැවතී
සමාව යදින්නී ය, කතා කිරීම ගැනත්

ඒ,
ජීවිතයේ කොතැනකදී හෝ
ඈ ආදරය කළ කෙනෙක්
ඇගේ හදවත බිඳ දැමූ නිසා
ඇගේ සොඳුරු වදන් නොතකා හළ නිසා
ඈ ට නිහඬ වන්නට කී නිසා
ඈ නොවැදගත් යැයි කී නිසා

මිනිසුන් දුක්මුසු ව උපදින්නේ නැත
ඒ ශෝකය දෙන්නේ අප යි.

The girl who was afraid to be | Nikita Gill

She speaks to me fondly of passions and talents
guitars and stars
then stops short
and apologises for speaking at all

All because somewhere in her life
someone she loved broke her heart
by ignoring her beautiful words
and telling her to
shut up,
keep it down,
nobody cares

People aren't born sad
We make them that way

3 comments: