අහඹු ලෙස වැසි වැටුණු පසු කතරක මල් පිපී ඇත- පුවතක්
තෙත සිඳී ගිය පොළොවක
හද දවන එක පැල්මක
පිපුණු දම් පැහැ මලකට
කතාවක් ඇත කීමට
නොනිමි දිගු ගිම්හානෙක
එකම එක වැහි රැල්ලට
පුබුදුවනු හැකි බව හද
සෙනෙහසක මුදු සිසිලස
බොහෝ දුක් විඳි මුල් රැස
උරාගෙන සතුටක තෙත
සිනාසෙන විට රහසින්
පිපෙන බව මල් කතරක!
pic- ytimg.com
Atacama desert, Chile
පුබුදුවනු හැකි බව හද
සෙනෙහසක මුදු සිසිලස
බොහෝ දුක් විඳි මුල් රැස
උරාගෙන සතුටක තෙත
සිනාසෙන විට රහසින්
පිපෙන බව මල් කතරක!
pic- ytimg.com
Atacama desert, Chile
ගෙවා යන ගිම්හානෙක
ReplyDeleteලැබූ බාධක බොහොමෙක
පන්නරය ලැබ මල් ටික
පිපී හිනැහෙයි සතුටක.......
හරිම ලස්සන කවි ටික මලී.
ජයවේවා!!!
ඇත්තටම ලස්සනයි..
ReplyDeleteවියලි හදක ද කතර හා සම,
ReplyDeleteසෙනෙහසේ වැසි වැටුනු දිනයක,
දම් පැහැති මල් වහා පිබිදෙන,
බවද සැබවකි පසක් කල මට,
Fantastic Malee..:)
thanks Duminda, Dinesh, Ravi
ReplyDeleteවැහි බින්දු මුල් රැස ලඟ
ReplyDeleteඔවුනොවුන් හමු වූ විට
ලොවට නොපෙනෙන රහසක
කතාවයි දම් පැහැ මල
ලස්සනයි.. තිසර ඉතින් හැමදාම ලියන්නේ කමෙන්ට් කවි විතරනේ!
Deleteහරිම ලස්සන පද පෙලක් මලී...
ReplyDeleteස්තූතියි!
Delete