-The monarch butterfly, though vibrant in colour, is poisonous.
ඉහිරෙනා හිරු බිඳක පැහැය වෙමි
ගන අඳුරු මැදියමක අඳුර වෙමි
හිම මිදෙන සීතලක
දෑස් තරයේ පියා
හෙටක එන වසත් කල සැරිසරමි
ඇඟිලි තුඩු මත නතර වී රැඳෙමි
සිනහවක් දෙතොල රහසේ තබමි
විසැති මුදු සිහිනයක
පාට තවරා හදක
නොලියවෙන කවියක් ව තටු සලමි
drawn with MS paint
අපූරුයි
ReplyDelete//විසැති මුදු සිහිනයක
පාට තවරා හදක
නොලියවෙන කවියක් ව තටු සලමි//
ස්තූතියි දුකා :)
Deleteලසසනයි මලී.
ReplyDeleteසිහිනයක මල් සුවඳ තවර ගමි
හැගුම්වල සුව පහස රදවගමි
රිදුම් දෙන සමනල අතීතෙක
මතක ඇගිලි තුඩු මත පොවන්නෙමි.......
ජයවේවා!!!
ස්තූතියි දුමින්ද!
Delete///ඇඟිලි තුඩු මත නතර වී රැඳෙමි
ReplyDeleteසිනහවක් දෙතොල රහසේ තබමි ///
හරිම හරිම ලස්සනයි මලී.....:) :)