May 27, 2021

කවි පොත්

මා කවි ලියූ, කවි පමණක්ම ලියූ යුගයක් විය. නමුත් ඒ වෙද්දී මා වෙනත් කිසිම කවියෙක්ගේ කවි පොතක් කියවා නොතිබුණි. එවන් කාලයකදී මට කවි පොත් මිටියක් තෑගි ලැබුණි. අනෙත් කවීන්ගේ මානයන් හඳුනා ගන්නත් මගේ කවිවල උස් මිටි තැන් දකින්නත් උදවු දුන් ඒ පොත් මිටිය තවම මා ළඟ ආදරයෙන් සුරැකිව ඇත.

අදටත් පොත් සල්පිලකදී, පුස්තකාලයකදී කවි පොත් ළඟ මා සිත නවතින්නේ ඒ නිසා විය හැක. ලොක්ඩවුන් කාලය කවිපොත් හා ඒකාත්මික වීමට කදිමය.

මේ අනුරාධා නිල්මිණි කිවිඳියගේ 'රිදුම් පිරි පිරිමැදුම්' කවි පොතෙනි 

   



නොලියවෙන කවි ගැන හිත යට සිහින් රිදුමක් දැනෙන දින ඇතත් ඒ තවත් එක් අහිමි වීමක්, අත්හැරීමක් බව දැන් හිත හදා ගනු හැක. 

වින්ද්‍යා ආරියරත්න කිවිඳියගේ 'මිහිරි මිථයා දෘෂ්ටියක මම' කවි පොතේ පහත පිදුම සිනහවක් සමඟම කඳුලක් ගෙන ආවේ එබැවිනි.






පොත්- 
රිදුම් පිරි පිරිමැදුම්, අනුරාධා නිල්මිණි
සන්ථව ප්‍රකාශන (2019)

මිහිරි මිථයා දෘෂ්ටියක මම, වින්ද්‍යා ආරියරත්න
ගොඩගේ ප්‍රකාශන (2019)



2 comments:

  1. ලොක් ඩවුන් කාලෙ කවි කියවලා.. කියවලා.... මලීට පුලුවන්නෙ නොලියූ කවි ටික ලියලා පොතක් එලි දක්වන්න.

    ReplyDelete
  2. Lotus- නොලියවෙන 'නොලියූ කවි' :)

    ReplyDelete