ආත්මගත සහකරුවන් ගැන සහ දුටු සැණින් ප්‍රේමයෙන් බැඳීම ගැන මා තවදුරටත් විශ්වාස කළේ නැත. නමුත් ඔබ වාසනාවන්ත නම් කලාතුරකින් ඔබට නියමාකාරවම ගැලපෙන කෙනා මුණගැසෙන බව මා විශ්වාස කරන්නට පටන්ගෙන ඇත. මෙසේ ගැලපෙන්නේ ඔහුවත් ඔබවත් සර්ව සම්පූර්ණ නිසා නොවේ. ඒ, ඔබ වැනි වෙනස්ම දෙදෙනෙකු එලෙස මනාව පෑහීමට ඔබ දෙදෙනාගේ අඩුපාඩු වල එකතුව ඉඩ සැලසූ නිසා යි.
පරිවර්තනය- හෙල්මලී ගුණතිලක
Translation of an excerpt of the book Blue-Eyed Devil by Lisa Kleypas
Digital painting
අපි එකිනෙකාගේ අඩුව පුරවන කොට සම්පුර්න වෙනවා කියල මම හිතන්නේ
ReplyDeleteඑහෙම එකකුත් තියෙනවා නේද අජිත්. කාලයක් යද්දී ඉබේම එහෙම වෙනවා.
Delete++++++
ReplyDelete:) :)
Delete"ඒ, ඔබ වැනි වෙනස්ම දෙදෙනෙකු එලෙස මනාව පෑහීමට ඔබ දෙදෙනාගේ අඩුපාඩු වල එකතුව ඉඩ සැලසූ නිසා යි" මේක සෑහෙන බරපතල කතාවක් නේද. එහෙම හම්බවෙන කෙනා අනිත් කෙනාගෙ දුර්වලතා හා insecurities මත feed කරලා, අනිත් කෙනාගෙ අඩුපාඩු තවත් තීව්‍ර කරන්නත් පුලුවන්නෙ. It can go both ways.
ReplyDeleteTrue, it can go both ways
Deleteහොඳටම assertive නැති කෙනෙකුට bully කෙනෙක් හම්බ උනොත් දෙන්නාගේම අඩුපාඩු වල එකතුව ලොකු disaster එකක්.
මං හිතන්නේ මෙතන අදහස් කරන්නේ කවුරුවත් සර්ව සම්පූර්ණ නැහැ කියලා තේරුම් අරගෙන, අඩුපාඩු බාර අරගෙන ඉඳීමෙන් relationship එක සාර්ථක වෙනවා වගේ දෙයක්.
ඔව් කලු කලිසමට සුදු කමිසෙ කොච්චර හොඳට ගැලපෙනවද?
ReplyDeleteනියම උදාහරණේ! :D
Deleteජීවිතයේ fully match හමු නොවෙන්න පුලුවන් හෝ විරල දෙයක් වෙන්න පුලුවන්. ඒත් හැම match එහෙකම mismatch ද, හැම mismatch එහෙකම match ද තියෙන්න පුලුවන්. ඒ mix match වලින් වඩාත් යහපත් ප්‍රයෝජන ගතහැකි වේවි අවබෝධය කියන good give & take policy එකෙන් කියන එකයි මගේ මතය.
ReplyDeleteලස්සනයි මලී.
ReplyDeleteජයවේවා !!!
බ්ලොග් මිතුරන් අත්දැකීම් වලින් පරිණත වෙන්න වෙන්න දාර්ශනික වෙනවා වගේ .....
ReplyDelete