October 24, 2023

හඳුන්වාදීම්

අප ආදරය කරන ඇතැම් දේ
අපට මුණ ගැසෙන්නේ
පාරේ වැටුණු රන් කාසි පිරි පසුම්බියක්
මෙන් අහම්බෙනි
 
කවියක්, මිතුරෙක්, අපූරු ගීතයක්


සමහර දේවල්
වෙනත් දෙයක් සොයා
අප හෙම්බත් වූ විට
ඉබේම අපට නිරාවරණය වේ
 
කොළ පැහැති හේසල් ගස් ගොල්ලේ
සැඟවුණු ළිඳක්
නට් ගස් ගොමුවක්


තවත් සමහර දේ
දිලිසෙන දිය බඳුනක් සේ
අලුත පිළිස්සූ පාන් සේ
ප්‍රවේසමෙන්,
අප වෙත
රැගෙන එනු ලැබේ

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක 
Translation of the poem 'Introductions' by Moya Cannon 
Digital pinting



9 comments:

  1. https://awanhala.blogspot.com/2023/10/blog-post_24.html

    ReplyDelete
    Replies
    1. ප්‍රා.. ❤❤❤

      Delete
    2. තව ටිකෙන් මගේ පොත ගැන ලීව විචාරය මට මිස් වෙනවා! ස්තුතියි ප්‍රා ඔත්තුවට!

      මහේෂ් බොහොම ස්තුතියි මේ ඉක්මන් ප්‍රතිචාරයට. මේවා දැක්කාම තමයි ලියන්න තියෙන කම්මැලිකම් නැතිවෙලා තව ලියන්න හිතෙන්නේ :) :)

      Delete
  2. ඒ වුණත් භාරගත යුත්තේ පරිස්සමටය
    සොඳුරුතම උද්‍යානයක වුව සැඟව
    නපුරුතම ෆ්‍රෙඩී කෘෘගරයෙක් සිටිය හැක

    🙈🙈🙈🙃🙃🙃🙃

    පරිවර්තනය අපූරුයි... ජය

    ReplyDelete
    Replies
    1. ෆ්‍රෙඩී කෘෘගර ගැන නොදැන හිටිය මම! අන්තිමට google කරන්න උනා. :D
      ඒක ඇත්ත, අහම්බෙන් හම්බවෙන හැම දේම හොඳ නැහැ.

      Delete
  3. දැන් නම් ඉතිං ඔහොම අහඹු දේවල් හමුවෙන්නේ ජාලෙ ඇවිදිනකොට තමයි.

    ReplyDelete
    Replies
    1. True story, බස්සා. එහෙම දේවල් ක්ෂණයෙන් අතුරුදන් වෙන නිසා මම නම් දැන් සේව් කරගන්නවා

      Delete
  4. ලස්සනයි ඒ අහඹුව.
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමින්ද

      Delete