හිම සුනු ඉහෙන හීනෙක
ගං ඉවුරතක නවතිමි
ඉපල් අතු ඉති අතරින්
ඉහිරෙන හිරුගේ දැවටෙමි
ලෝකය මිදී ගල් වුණු
විරාමයකදී හිනැහෙමි
හදවතේ ගැඹුරුම තැන
නුඹේ උණුහුම හඳුනමි
Photo-Roadside stream near Hanmer Springs, New Zealand- Sept 2016
// හදවතේ ගැඹුරුම තැන
ReplyDeleteනුඹේ උණුහුම හඳුනමි //
:)
Deleteලස්සනයි මලී. ඇත්තටම මට මේ බ්ලොග් එක මගහැරිලා තිබ්බේ කොහොමද කියන්න මම දන්නේ නෑ. මේක් කියවද්දි නන්දා මාලනියන්ගේ " නවාතැන්පල ඔබයි" කියන ගීතය මතක්වුණා.
ReplyDeleteජයවේවා!!!
ස්තූතියි දුමින්ද. Welcome! :)
Delete