September 02, 2016

වසත් කල එළඹෙද්දී..























තුරු හිස් වසා එක ලෙස
පිපෙන හැම සුදු මලක ම
පෙති අතර සඟවා ඇත
අකුරු එක එක, කවියක

වලාකුලකුදු නොමැතිව
දිදුලන විසල් අහසක
නිල් පැහැයේ මුහු කර ඇත
මඟහැරුණු වදනක තෙත

දවස මැද හිස් ඉඩකට
ගැඹුරු නින්දක හුස්මට
නොදැනී දැනී මුහු වෙමි
මතකයේ දුහුල් පැහැ ගෙන

සිනහවක් තවරනු මැන
අඳුරු අවපස අහසක
නිදි නොමැති රෑ මැදියම 
දකින්නට තරුවක් ලෙස

photo- spring in Melbourne

6 comments:

  1. ලස්සන ඡායාරූපයක් එක්ක අපූරු පද පෙළක් :)

    ReplyDelete
  2. කවියයි පින්තූරයයි දෙකම ලස්සනයි, ඒත් අනිත් අයගෙන් හිනාව ඉල්ලන්න බලාපොරොත්තු වෙන එකේ වැඩක් නම් නැ දිඟු කාලිනව.. තමන් ඇතුලේ පහනක් දල්වා අනිත් අයටත් එළිය බෙදා දුන්නානම් වසත් කල සුන්දරයි වගේම පැවැත්මකුත් තියේවි...

    ReplyDelete