"මුහුණුපොතේ ඉල්ලීමක්- වැඩියෙන්ම ආදරේ දැනුණු වෙලාවල ගැණුනු පින්තුර පහක් පළ කරන්න"
මුහුණ නිකටෙන් ඔසවා
පිසදා කඳුළු බිඳුවක්
රළු මහපටැඟිල්ලෙන්...
"නිදිමත ඇස් - කඳුළු පිරුනාම ලස්සන!"
හිනැහෙමින් කියූ දින
මුහුණ නිකටෙන් ඔසවා
පිසදා කඳුළු බිඳුවක්
රළු මහපටැඟිල්ලෙන්...
"නිදිමත ඇස් - කඳුළු පිරුනාම ලස්සන!"
හිනැහෙමින් කියූ දින
පින්තූරයක් නැත
දුම්රියේ සිහිසුන් වූ දා
බිය වී බොහොමත්ම
වාරු කරගෙන ළය මතට
"බෙහෙත් ගමු, ප්‍රෙෂර් බලමු!"
කලබලෙන් කියූ දින
පින්තූරයක් නැත
පීරා නිමක් නැති කවි රැස
අමුණා එකින් එක පිටු මත
තනවා දී පොතක්,
මගේ විස්මය දැක
දෑස දල්වා සිනාසුණු දින
පින්තූරයක් නැත
නොවැදගත් දේකට
අමනාප වී බිඳකට
යන්නටම යන්නට ගොස්
"හිතෙන්නෙත් නැහැ යන්නට"
කියා යළි ඇවිදින්
ලඟට වී එරවූ දින
පින්තූරයක් නැත
තටු ඉරී තිබුණත්
ඉගිලිය යුතුම බව දුර
පහදා සෙනෙහසින්
ඉගිලෙන්න වරම් ලද දා
පස්වනක් සතුටින්
නළල සිඹ සු'පැතූ දින
පින්තූරයක් නැත
දුම්රියේ සිහිසුන් වූ දා
බිය වී බොහොමත්ම
වාරු කරගෙන ළය මතට
"බෙහෙත් ගමු, ප්‍රෙෂර් බලමු!"
කලබලෙන් කියූ දින
පින්තූරයක් නැත
පීරා නිමක් නැති කවි රැස
අමුණා එකින් එක පිටු මත
තනවා දී පොතක්,
මගේ විස්මය දැක
දෑස දල්වා සිනාසුණු දින
පින්තූරයක් නැත
නොවැදගත් දේකට
අමනාප වී බිඳකට
යන්නටම යන්නට ගොස්
"හිතෙන්නෙත් නැහැ යන්නට"
කියා යළි ඇවිදින්
ලඟට වී එරවූ දින
පින්තූරයක් නැත
තටු ඉරී තිබුණත්
ඉගිලිය යුතුම බව දුර
පහදා සෙනෙහසින්
ඉගිලෙන්න වරම් ලද දා
පස්වනක් සතුටින්
නළල සිඹ සු'පැතූ දින
පින්තූරයක් නැත
Great
ReplyDeleteආදරණීය සිතිවිලි.....ලස්සනයි මලී අවංකවම
ReplyDeleteස්තූතියි!
ReplyDeleteනිදි වරා වෙහෙසී
ReplyDeleteපැමිණි සුභ දිනයක
පෝරු මස්තකයක
විඳි නේක වද මැද
රූ ශිල්පි අණකට
ආදරෙන් හිනැහුණ
ඡායාරූපයක් ඇත
අතීතයත් අනාගයත් අතර මැද මොහොත!
Deleteගොඩක් ලස්සනයි !
ReplyDeleteස්තූතියි නිරෝ!
Delete