December 08, 2015

April, come she will | Simon & Garfunkel

 මෝසමින් ඉල්පී
දොගොඩ යද්දී ගං දිය
ඈ ඒවි එන බක් මස
නවතීවි ඈ නිසැකව
වෙසක් මස, මා තුරුලෙහි
පොසොන් මස එළඹෙද්දී
වෙනස් වෙයි ඇගේ තාලය
නොඉවසිලි සක්මන්වල
ගෙවාවී ඈ මැදියම
ඇසල මාසය සමගින්
ඉගිල්ලී යනු ඇත ඇය
යන බවක් වත් නොකියාම
නිකිණි මාසයේ එළඹෙන
ශරතයේ රුදු සීතල
සමඟ ඈ මිය යනු ඇත
එළඹෙද්දී බිනරය
මතක හිස ඔසවනු ඇත
නැවුම් ප්‍රේමය පෙර දින
මහලු වී ගිය අරුමය

-------------------------------------

April come she will
When streams are ripe
And swelled with rain
May she will stay
Resting in my arms again
June she'll change her tune
In restless walks
She'll prowl the night
July she will fly
And give no warning
To her flight
August die she must
The autumn winds blow
Chilly and cold
September I remember
A love once new
Has now grown old

Audio link- April come she will | Simon & Garfunkel




No comments:

Post a Comment