December 13, 2015

මොහොතයි

















මේ මැකෙන්නේ එකම සුසුමයි
හද ගැස්ම දෙකක් මැද පළලයි
තුරු හිසක තුරුළු වුන
සියොත් කැළ විසිරෙනා අසුරයි

මේ ගෙවෙන්නේ එකම ක්ෂණයයි
හුස්මකින් නම් අරික්කාලයි
ඇහිපියක අග රැඳී
කඳුලු බිඳුවක් බිඳෙන තරමයි

මේ මියෙන එකම තත්පරයයි
ඇසිල්ලක ගිලිහෙනා පැතුමයි
නටුව අතහැර මුදු ව
මලක පෙති විසිරෙනා මොහොතයි

Photo credits- Manel K. R Fernando, a wintry evening in Cobourg, Ontario, Canada







6 comments:

  1. ලස්සනයි මලී

    ReplyDelete
  2. ස්තූතියි!

    ReplyDelete
  3. This infinitesimal moment

    Just the fading of a single exhale
    The distance between two heartbeats
    The blink of an eye
    And the breaking of fallen teardrop

    Just the dying of a second
    The moment of a lost wish
    The instant of a shattered dream
    The split second to see
    A flock of waxwings erupting
    From a treetop; shrouding the sky
    A moment of happiness…!

    ReplyDelete
    Replies
    1. thank you Manel akka, both for the photo and the translation. both are equally beautiful!

      Delete