Rental Family කියන චිත්‍රපටියෙන් කතාකරන්නේ මේ ගැන. තනිකම, පවුලක් ඇතුළේ තියෙන බැඳීම් වගේම ගැටුම්, මවාපෑම්, තමන්වත් අනුන්වත් රවටා ගැනීම් ඇසුරෙන් ගලාගෙන යන කතාවක් මේක. ජපානයේ ජීවත්වෙන ඇමෙරිකානු නලුවෙක් වන ෆිලිප් රඟපාන්න අවස්ථා සොයමින් ඉන්න කෙනෙක්. ඔහු අහම්බෙන් සම්බන්ධ වෙනවා කුලියට පවුලේ සාමාජිකයන් සපයන ආයතනයකට. ඒ ආයතනය හරහා ඒ ඒ අවස්ථාවට ගැලපෙන්න සැමියෙක්, පියෙක්, වාර්තාකරුවෙක් වගේ චරිත ඔහු රඟපාන්න බාරගන්නවා. මුලදී මුදලට කරන මේ රැවටීම ගැන අකමැත්තෙන් පසුවන ඔහු කාලය ගතවෙද්දී ඒ ඒ චරිතයට පිවිසෙන්නේ ඒ පවුල් වල සාමාජිකයින් එක්ක ඇත්තටම බැඳෙමින්. මේ තරම් කාලයක් ඔහුගේ ජීවිතය වෙලාගත් තනිකම ඒ සම්බන්ධකම් නිසා ගිලිහෙන බවක් ඔහු අත් විඳිනවා, ඔහු තමන් ගැනත් අලුතෙන් ඉගෙන ගන්නවා. ඒත් ගිවිසුම්ගත කාලයෙන් පස්සේ මේ සමහර බැඳීම්වලින් මිදෙන්න බැරිවීමත් තමන්ගේ ගිවිසුමට පිටින් සේවා සපයන්න යාමත් නිසා ෆිලිප් මුහුණ දෙන විවිධ අර්බුද තමයි මේ කතාවෙන් පෙන්නුම් කරන්නේ.
අවමංගල්‍යයන්ට සහභාගීවන අමුත්තන් හැටියට වගේම තවත් විවිධ කටයුතුවලට companions ලා හැටියට පුද්ගලයන් කුලියට ගැනීම ජපානයේ අතීතයේ පටන් පැවතුනු චාරිත්‍රයක්. ශ්‍රමය කුලියට ගැනීම වගේම මානසික සේවාවක් සපයන companion කෙනෙක් කුලියට ගැනීම සාමාන්‍ය දෙයක් හැටියට ඔවුන් සලකන්නේ.
They're not so much engaging someone in a service to fill in as a family member, but having the courage to say, 'Hey, I want to be able to do this better, can you help me?'"
"Even if it's a substitute, even if it's only for a short time, it's still valuable to them."
මේ චිත්‍රපටිය රචනා කරලා අධ්‍යක්ෂණය කළ Hikari කියන්නේ එහෙමයි.
Brendon Fraser මේ කතාවේ ෆිලිප් ගේ චරිතය බොහොම සංයමයෙන් රඟපානවා. ඒ වෙනුවෙන් ඔහුට ජපන් භාෂාව ඉගෙන ගන්නත් සිදුවුණු බව ඔහු කියනවා. බොහොම සුන්දර ව, නරඹන්නන්ගේ හිත ඇද බැඳ ගනිමින් ගලාගෙන යන මේ කතාව බැලිය යුතුම චිත්‍රපටියක් කියලා කියන්න පුළුවන්. මට නම් මේක බලලා ඉවරවුණාම මීට ටික කලකට කළින් ජපානේ සංචාරය කරලා ආපිට එද්දී දැනුණු saudade මය හැඟීම ආයෙත් දැනෙන්න ගත්තා.
Director-Hikari
Writers- Hikari, Stephen Blahut
Stars- Brendan Fraser, Takehiro Hira, Mari Yamamoto
ස්තූතියි. ඔබේ රෙකමඩේෂන් වැරදිලා නැහැ. මේකත් බලනවා. 👌💐
ReplyDeleteBrendon Fraser මම කැමතිම නලුවෙක්. පසු කාලෙක ඔහුට වෙච්ච අවාසනාවන්ත සිදුවීම් දැන ගත්තාම ඒ කැමැත්ත තවත් වැඩි වුනා.
Deletehttps://www.gq-magazine.co.uk/culture/article/brendan-fraser-renaissance
Deleteඇත්ත... සම්පුර්ණයෙන් එකඟයි. බලන්නම වෙනවා
Deleteබස්සා , කුමුදු - බැලුවොත් අදහස් කියන්න. Brendan Fraser රඟපාන The Whale ත් හොඳයි, ටිකක් depressing හැබැයි.
DeletePra - Good to see he is making a comeback. Seems he was kind of black listed for some time.
ෆිල්ම් එක බැලුවොත් කියන්නම් මලී 👍.
ReplyDeleteමම කල්පනා කරේ මලී හොඳ influencer කෙනෙක් වෙලා නේද කියලා. මලී රෙකමෙන්ඩ් කරන ඒවා බලන්නම/කියවන්නම ඕනෙ කියලා ෆෑන් ක්ලබ් එක හිතනවා. තමන් කියන හැම දේම අනිත් අය පිළිගන්න ඕනෙ කියලා හිතන අය අතරෙ, මලී තමන්ට දැනෙන හැඟෙන දේ අපිත් එක්ක ශෙයාර් කරගෙන හොඳ credibility එකක් build up කරගෙන. Well done 👏.
Lotus- මං හිතන්නේ ඕකේ රහස තමයි මම movie එකක් බලන්නේ බොහොම කලාතුරකින් වීම. ඒ නිසා මම එකක් ඉවර වෙනකම් බලලා, ඒ ගැන ලියන්නත් හිතුවා කියන්නේ very rare phenomenon එකක්. එතකොට ඒක හොඳ වෙන්න තියෙන චාන්ස් එක වැඩියි! :D
Deleteබ්‍රෙන්ඩන් කියන්නෙ මා ඉතාම කැමති නලුවෙක්. බැලිය යුතුයි
ReplyDelete