December 24, 2025

සිහිනය



මා තුළ මෙවැනි සිහිනයක් ඇත
තුරුවැලින් වටවූ නිහඬ නිවසක්

කරදරකාරී නගර වලින් එපිට
කම්හල්, පාසල්
සහ දුක් අඳෝනා වලින් ඔබ්බෙහි
හරිත පැහැ අක්කර කීපයක්

එතැන,
මට විවේකීව ගෙවන්නට
වුවමනාවටත් වඩා කාලය තිබෙනු ඇත
මගේ තනියට
දොළ පාරක් සහ කුරුල්ලන් පමණි

එහිදී
මගේ දිවිය තුළින්
වනයේ සිලෝ හඬ මවන්නට
වරමක් ලැබෙනු ඇත

ඉනික්බිති මට කල්පනා විය
මරණයද මෙවැන්නකි
එයද,
හුරුපුරුදු හැම තැනකින්ම
මඳ දුරක් ඔබ්බෙනි

Translation of the poem A Dream of Trees by Mary Oliver
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Digital art

9 comments:

  1. එනමුදු මරණය
    සත්‍ය ලෙසම ඔබ එවැන්නක් ද?

    (මරණය)
    නැත සබඳ
    මක්නිසාද යත්
    ඔබ සොයන
    නිදහස
    සතුට
    සැනසුම
    මරණයෙන්
    කෙලවර වේ.

    එසේනම්?

    (මරණය)
    Arpico මෙට්ටයක් අරං හොඳට නිදාගන්න 😂

    ReplyDelete
    Replies
    1. ශා.. මරු කවිය 👍

      Delete
    2. ඔව් නවීන් කවියෝ romanticize කළාට මරණය කියන්නේ ශූන්‍යබවක් නේ

      Delete
  2. සුබ නත්තලක් සහ නව වසරක්!

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා! බස්සාට නම් white christmas එකක් ලැබිලා ඇතිනේ

      Delete
    2. නත්තල් දවසෙ නෙමෙයි ඊලඟ දවසෙ ලැබුනා. මගේ නං කැමැත්තක් නැහැ. නත්තල් දවසෙ නං කමක් නෑ කඩ වහන නිසා.

      Delete
  3. සතුටින් කියවගෙන ඇවිල්ලා අන්තිම කොටසට එනකොට එක පාරට ගැස්සිලා ගියා; නමුත් ඒක තමයි ඇත්ත නේද.

    (මලී කලින් පරිවර්තනය කරපු කවියක තිබුනා වගේ සිහින දෙව්දුවගෙ තේ, කෝපි සංග්‍රහයත් විඳලනෙ එතෙන්ට යන්නෙ 😉😎. ඒ නිසා "හුරුපුරුදු හැම තැනකින්ම මඳ දුරක් ඔබ්බෙනි" තමයි ).

    ReplyDelete
    Replies
    1. Lotus ඔව් මේ කවියේ ඒ නොසිතූ twist එකට තමයි මටත් කැමති හිතුණේ.
      අනිවාර්යයෙන් තේ, කෝපි හෝ හොට් චොකලට් එකක් බීලම තමයි යන්න ඕන ඒ ගමන! :)

      Delete