මා තුළ මෙවැනි සිහිනයක් ඇත
තුරුවැලින් වටවූ නිහඬ නිවසක්
කරදරකාරී නගර වලින් එපිට
කම්හල්, පාසල්
සහ දුක් අඳෝනා වලින් ඔබ්බෙහි
හරිත පැහැ අක්කර කීපයක්
එතැන,
මට විවේකීව ගෙවන්නට
වුවමනාවටත් වඩා කාලය තිබෙනු ඇත
මගේ තනියට
දොළ පාරක් සහ කුරුල්ලන් පමණි
තුරුවැලින් වටවූ නිහඬ නිවසක්
කරදරකාරී නගර වලින් එපිට
කම්හල්, පාසල්
සහ දුක් අඳෝනා වලින් ඔබ්බෙහි
හරිත පැහැ අක්කර කීපයක්
එතැන,
මට විවේකීව ගෙවන්නට
වුවමනාවටත් වඩා කාලය තිබෙනු ඇත
මගේ තනියට
දොළ පාරක් සහ කුරුල්ලන් පමණි
එහිදී
මගේ දිවිය තුළින්
වනයේ සිලෝ හඬ මවන්නට
වරමක් ලැබෙනු ඇත
ඉනික්බිති මට කල්පනා විය
මරණයද මෙවැන්නකි
එයද,
හුරුපුරුදු හැම තැනකින්ම
මඳ දුරක් ඔබ්බෙනි
Translation of the poem A Dream of Trees by Mary Oliver
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Digital art
මගේ දිවිය තුළින්
වනයේ සිලෝ හඬ මවන්නට
වරමක් ලැබෙනු ඇත
ඉනික්බිති මට කල්පනා විය
මරණයද මෙවැන්නකි
එයද,
හුරුපුරුදු හැම තැනකින්ම
මඳ දුරක් ඔබ්බෙනි
Translation of the poem A Dream of Trees by Mary Oliver
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Digital art
එනමුදු මරණය
ReplyDeleteසත්‍ය ලෙසම ඔබ එවැන්නක් ද?
(මරණය)
නැත සබඳ
මක්නිසාද යත්
ඔබ සොයන
නිදහස
සතුට
සැනසුම
මරණයෙන්
කෙලවර වේ.
එසේනම්?
(මරණය)
Arpico මෙට්ටයක් අරං හොඳට නිදාගන්න 😂
ශා.. මරු කවිය 👍
Deleteඔව් නවීන් කවියෝ romanticize කළාට මරණය කියන්නේ ශූන්යබවක් නේ
Deleteසුබ නත්තලක් සහ නව වසරක්!
ReplyDeleteමේ හැම දේම ණයක්!
Deleteඔබටත් එසේම වේවා! බස්සාට නම් white christmas එකක් ලැබිලා ඇතිනේ
Deleteනත්තල් දවසෙ නෙමෙයි ඊලඟ දවසෙ ලැබුනා. මගේ නං කැමැත්තක් නැහැ. නත්තල් දවසෙ නං කමක් නෑ කඩ වහන නිසා.
Deleteසතුටින් කියවගෙන ඇවිල්ලා අන්තිම කොටසට එනකොට එක පාරට ගැස්සිලා ගියා; නමුත් ඒක තමයි ඇත්ත නේද.
ReplyDelete(මලී කලින් පරිවර්තනය කරපු කවියක තිබුනා වගේ සිහින දෙව්දුවගෙ තේ, කෝපි සංග්‍රහයත් විඳලනෙ එතෙන්ට යන්නෙ 😉😎. ඒ නිසා "හුරුපුරුදු හැම තැනකින්ම මඳ දුරක් ඔබ්බෙනි" තමයි ).
Lotus ඔව් මේ කවියේ ඒ නොසිතූ twist එකට තමයි මටත් කැමති හිතුණේ.
Deleteඅනිවාර්යයෙන් තේ, කෝපි හෝ හොට් චොකලට් එකක් බීලම තමයි යන්න ඕන ඒ ගමන! :)