June 08, 2024

ලියන්නට ඉගෙනීම

 


හැටපස් වියැති මගේ සීයා
තමන්ගේ නම ලියන්න උගෙනිමිනි
ඔහුගේ එක අතක් නිදහසේ මේස රෙද්ද මත
අනිත් අතින්
පෑනක් වැරෙන් අල්ලා
කඩදාසියක් මතින් එය
සෙමෙන් දුවවමින්

ලියන ලද
හැම අවිනිශ්චිත රේඛාවක් ම, වක්‍රයක් ම
ඔහු වරින්වර
මුල් ලියවිල්ල හා සසඳමින්

ආගන්තුකයි ඔහුට
මෙවැනි ලියවිලි
ඔහු දන්නා සියුම් වැඩ නම්
වක් වූ පිහියකින්
සලාද කොළ කප්පාදුවයි
සිරගත බිලියඩ් බෝල
ප්‍රවේසමෙන් දැලෙන් මුදා ගැනීමයි

මා ඔහුගේ ප්‍රගතිය
පරීක්ෂා කරමින්
පිහියක මොට දාරය
අතුල්ලමි මේස රෙද්ද මත
නරඹමි,
ඒ මත ඉරි කාවැදෙමින් මැකෙන අයුරු

අපහසුවෙන් ඔහු ලියන දේ
කියවන්නට හැකි අය විසින්
ඔහුගේම බව හඳුනාගැනීම
ඔහුගේ එකම පැතුමයි
ලියවිල්ල අවසන් වූ පසු
ඔහු පසුපසට ඇල වී
පරීක්ෂා කරයි
මේ ප්‍රාතිහාර්ය

බීජයකින්
පමාවී රිකිල්ලක් මතුවන අයුරු දැක
ඔහු සතුටිනි

Translation of the poem ‘Learning to Write’ by Gary Catalano
පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

1947 දී ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයේ උපන් Gary Catalano, ප්‍රසිද්ධ කලා සඟරා කිහිපයකම විචාරකයෙකු ලෙස සේවය කළේ ය. ඔහු කාව්‍ය සංග්‍රහ, කලා විචාර සහ කෙටිකතා පොත් කිහිපයක් පළ කර තිබේ.
ලන්ඩන් කවි - ජුනි 2024 කලාපය.


Picture Canva AI


8 comments:

  1. ටිකක් දුක හිතෙනවා. මෙතනින් පෙන්වන්නෙ extreme case එකක් වුණත්, විවිධ හේතු නිසා තමන්ට ආශා තරම් ඉගෙන ගන්න බැරි වෙච්ච වැඩිහිටියො කොච්චර ඇත්ද.

    "බීජයකින් පමාවී රිකිල්ලක් මතුවන අයුරු දැක ඔහු සතුටිනි" ලස්සණ යෙදුමක්.

    ReplyDelete
    Replies
    1. Lotus- ඔව් ලංකාවෙත් අපිට කලින් පරම්පරා වල ආර්ථික ගැටළු නිසා, එහෙම නැත්නම් බාල සහෝදර සහෝදරියන්ට උගන්නන්න ඕන නිසා දිගටම ඉගෙනගන්න නොලැබුණු අය ඉන්නවා නේ. ඒ කාලේ options ත් සීමිතයිනේ.

      Delete
  2. තමන් විසින් කුමන අයුරකින් හෝ සිදු වූ අතපසු වීම ජීවිතයේ සැදෑ සමයේදී හෝ හානි පූරනය කිරීමට සිත් දුන් එකම මොන තරම් චමත්කාරජනක විප්ලවකාරි සිතිවිල්ලක්ද?යම් විදිහකින් එම රිකිල්ල මහා වෘක්ශයක් බවට පත් නොවුනත් පැලයක් ලෙසවත් තව දිගු කලක් පවතීවි!

    ReplyDelete
    Replies
    1. සරත්- වැඩිහිටි වයසේදී කොයි ඩේ වුණත් මුල ඉඳන් ඉගෙනගන්න අමාරුයිනේ. ඒ අතින් ඇත්තටම මේක විප්ලවකාරී වැඩක් තමයි.

      Delete
  3. සුධා මූර්ති ගේ කෙටි කතාවක් මතක් වුනා
    How I Taught My Grandmother to Read

    ReplyDelete
    Replies
    1. කුමුදු- මම ඒක කියවලා තිබුණේ නැහැ. මෙන්න බලද්දී ඔන්ලයින් තියෙනවා! thank you ඔත්තුවට. හරි ලස්සන කතාවක්- පරිවර්තනය කරන්නත් හිතුණා. :)

      Delete
    2. ඔයා ලස්සනට ඒ වැඩේ කරයි කියල හිතෙනවා
      මේ අදම....................

      Delete
    3. ආන්න ජංසන්.🙏👌😁

      Delete