July 14, 2023

මුළුතැන්ගෙයි කවි


Translation of the poem ‘Kitchen Poems’ by Nicolette Stasko

දස දහස් වෙනි වතාවට
අස් පස් කරමි
උදේ කෑම කෑ පිඟන් කෝප්ප
තද කරමි කිමෝනෝව
සකසාගමි එහි බුරුල් අත්
ඉහිරුණු පාන් කුඩු සහ මී පැණි
නොතැවරෙන්නට

කඩදාසි ඉවත් කරමි
එක් තැනකින් තවත් තැනකට
හීනි කවි පොතක්
ලිස්සා වැටේ පිටතට

ලිවීමට තරම් වටිනා දෙයක් ලිවීමම
කෙතරම් අසීරුද
එය දැක යළිත් සිහිවේ මට
හුරුපුරුදු රිදුමක් මතුව එයි
මා දෑස පසුපස

අද අහස
ඕනෑවටත් වඩා
නිල් පාට ය
තියුණු ය

පරිවර්තනය හෙල්මලී ගුණතිලක

ඕස්ට්‍රේලියානු ජාතික කිවිඳියක් වන Nicolette Stasko සිඩ්නි විශ්ව විද්‍යාලයේ කථිකාචර්යවරියක් ලෙස සේවය කළාය. කවි පොත් කිහිපයක් සහ නවකතාවක් පළ කර ඇති ඇය ඒවා වෙනුවෙන් විවිධ සම්මාන දිනා තිබේ. 

Digital painting
ලන්ඩන් කවි- ජූලි 2023 කලාපය 

13 comments:

  1. ගෙදර එකම දේ හැමදාම කරන කොටත් එනවා කම්මැලි කමක්

    ReplyDelete
    Replies
    1. අජිත්- ඔව්, ටික කාලෙකට නම් කමක් නැහැ, දිගු කාලීනව නම් මටත් බැරි වැඩක් තමයි එකම දේ කර කර ගෙදර ඉන්න එක.

      Delete
  2. අඩේ එතකොට, පාන් ටෝස්ට් කරලා, බටර් උලලා මී පැණි ගාගෙන කන එක, ඔහේ කෑමක් ද?😮

    ReplyDelete
    Replies
    1. මෙහෙ ජාතික උදේ ආහාරය හැටියට සැලකෙන්නේ නම් ටෝස්ට් ඇන්ඩ් වෙජිමයිට්. මෙහෙමත් කනවා ඇති නේද? මී මැස්සෝ ඇතිකරන යාලුවෙක් ගෙන් මට මීපැණි jar එකක් හම්බවෙලා තියෙනවා, ට්‍රයි කරලා බලන්නෝන :D

      Delete
    2. අපිත් උදේට මීපැණි ගාලා ටෝස්ට් කනවා සාමාන්‍යයෙන්. ජර්මන් පැත්තෙන් ආපු පුරුද්දක්

      Delete
    3. අජිත්-ආ! ඒ පැත්තෙන් ආව කම්බිනේෂන් එකක් එහෙනම්!

      Delete
    4. වෙන්න පුළුවන්. රුසියාවේදී මම පෑන් කේක් මි පැණි එක්ක කෑව . බ්ලිනි කියල කියන්නේ. මෙහෙ පෝලිෂ් මී පැණි හෝ ජර්මන් එක තමා වැඩිපුර ගන්නේ. සෙට් මි පැණි එකක්. පාන් එකේ ගාල කන්න පුළුවන් රහට.

      Delete
  3. අපරාදෙ!! කවි පොත දැකලා දුක හිතිලා නවතින්නෙ නැතුව "ඔනෑවටත් වඩා නිල් පාට තියුණු අහස" ගැන ඒ ගැම්මෙන්ම කවියක් ලිව්වනම් ඉවරයි.

    ReplyDelete
    Replies
    1. Lotus- ලියන්න දෙයක් නැතිකම ගැන කවියක් ලිවීම :)
      Nicolette ගේ මේ කවිය කියවලා තියෙනවද? මම ආස එකක්
      https://hotchocolatedays.blogspot.com/2017/03/poem-for-40th-birthday-nicolette-stasko.html

      Delete
  4. අනේ අස් පස්
    තුනපහ මිශ්‍ර හොදි සහිත ඇතිලි වලං
    එතකොට දන්කුඩ
    ෆ්‍රිජ් එකේ දාපු ඉතුරු බිතුරු
    ජීවිතේ unavoidable කරදර

    ReplyDelete
    Replies
    1. ඇයි හෝදන, වේලන, නවන ආයිත් හෝදන රෙදි!

      Delete