November 25, 2022

Apostasy - Movie Review

Apostasy (2017)

ජීවිතයේ තීරණ බලය ආගම් වලට පැවරුවාම ජීවිතයේ වැදගත් දේවල් අහිමි වෙලා ආගම විතරක් ඉතුරු වෙනවා. අපිට පැහැදිලිව හිතන්න, හරි වැරැද්ද තේරුම් ගන්න තියෙන හැකියාව දුර්වල වෙනවා. Apostasy චිත්‍රපටියේ පෙන්නන්නේ එක ආගමක් වුණත් මේක හැම ආගමටම පොදුයි.

'Apostasy' පොඩි ඉඩක් ඇතුළේ ලොකු කතාවක් කියන චිත්‍රපටියක්. මේ මෙහි තිර රචක Daniel Kokotajloගේ පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් නිර්මාණය වූවක්. මේ චිත්‍රපටිය ගැන දැනෙන හැඟීම විචාරයක මෙහෙම සාරාංශ කරලා තිබුණා.

//Frequently, the film is enraging. Not because it shows the way in which dogma has the power to rewire the moral instincts of its devotees, but for the sombreness with which it acknowledges that the devotees allow this to happen //- The Guardian 

Apostasy කියන වචනේ තේරුමත් මේ චිත්‍රපටිය නිසා අලුතින් ඉගෙන ගන්න ඉඩ ලැබුණා

Apostasy- the abandonment or renunciation of a religious or political belief or principle.





Directed by: Daniel Kokotajlo
Written by: Daniel Kokotajlo
Produced by: Andrea Cornwell, Marcie MacLellan

13 comments:

  1. https://slate.com/human-interest/2011/02/true-apostasy-from-quintus-to-paul-haggis.html

    ReplyDelete
  2. මටත් ඔය ආගම් ගැන එක නීරීක්ෂණයක් තමයි හැම වෙලේම, හැම ක්‍රියාවකින්ම තමන් හරි හොඳයි කියලා පෙන්නන්න යෑම හෙවත් virtue signalling කිරීම. මම දන්න, මාත් එක්ක වැඩ කරන බහුතරය ආගමක් නැති අය, නමුත් ඒගොල්ලන් තමන්ගෙ කාලය, ශ්‍රමය, බුද්ධිය හැකි හැමවෙලේම volunteering, fund raising වලට යොදවන අය. සමහර අය උපන්දින වගේ විශේෂ අවස්තා වලදි ළමා නිවාසවලට කැම බීම දීලා, ෆොටෝ දාලා සතුටු වෙන අතරෙ, සමහර අය තමන්ගෙ දරුවන්ට අමතරව අනාථ ලමයින් පවුලෙ අය විදිහටම හදා ගන්නෙත් ඒ වෙනස නිසා කියලයි මම හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. ආගමක් නෙමේ ඉතින් ඒක ඕනින ආයතනයකට ඒවගේම පුද්ගලෙකුට පොදුයි නෙහ්...

      තමන්‍ට වඩා හොඳ දෙයක් තියෙනවා කිය කියා ඉන්න බෑ නෙ...


      අනිත් එක ආගම් හදපු අය වුණත් සර්ව සම්පූර්ණ සියල්ල දත් අයත් නෙමේ නෙහ්🤔

      Delete
    2. ආගමක් ඇති නැති කියන්නෙ අර උපතින් ඔයා බෞදධ කතෝලික කියලා නම් කරන එකෙන් විතරයි නම් ඒක එච්චර ගැලපෙන්නෙ නෑ නෙ....

      Delete
    3. Lotus- මටත් ඔයා කියන දේම හිතිලා තියෙනවා. මම ආගමික ලේබලයක් සහිත පාසලක් වැඩ කළත් මාත් එක්ක වැඩකරන අය කිසි ආගමක් ඔලුව උඩ තියාගෙන ඉන්න අය නෙමෙයි. ඒත් ඔයා කිව්වා වගේ තමන්ට කිසිම වාසියක් නොලැබෙන දේවල් වලට කාලය ශ්‍රමය ධනය වැය කරනවා. මම මේක තවත් හොඳින් දැක්කේ මගේ පුතා scouting කරද්දී. ඕස්ට්‍රේලියාවේ scouting කරන්නේ ඉස්කෝලේ ආශ්‍රිතව නෙමෙයි නේ. ඉතින් scout leaders ලා හැටියට වැඩ කරන වැඩිහිටියෝ වීකෙන්ඩ් වල ඈත කැලෑවල් වල කඳවුරු සංවිධාන කරන ඒවා තමන්ට කිසිම වාසියක් නැතිව බොහොම සතුටින් ළමයි වෙනුවෙන් කළා. fund raising වලටත් මේ වගේම මේ මිනිස්සු වැඩ කරන හැටි මම දැකලා තියෙනවා. දිව්‍යලෝකේ සීට් එකක් බුක් කරගන්න අරමුණෙන් නැතිව හිතේ සතුටින් යහපත් දේවල් කරන එකට වැඩිය වෙන ආගමක් කොයින්ද!

      Delete
    4. නවීන් - ආගමක් හරි ආයතනයක් හරි කෙනෙක් හරි තමන් අනිත් හැමෝටම වඩා ඉහළින් කියලා කියනවා නම් එතැන අවුලක් තියෙනවා. පුද්ගලයෙක් එහෙම කියනවා නම් ඒක මානසික රෝගයක් හැටියට සැලකෙනවා. 'ලෝකෙන් උතුම් රට ලංකාවයි' කියලා පොඩි කාලේ ඉඳන් ඔලුවට දාලා ඉගැන්නුව ඒවායේ ප්‍රතිපල සමහර අය හිතන පතන විදිහ දැක්කාම තේරෙනවා නේ. කවුරුවත් කාටවත් වඩා හොඳ වෙන්න ගිහින් අනෙත් අය පහත් කරන්න පටන් ගන්න තැනින් තමයි ඔක්කොම අවුල් පටන්ගන්නේ. ආගම් වලටත් මේක පොදුයි.

      Delete
    5. නවීන්- උපතින් ආගම නම් කරන එක අපේ පාලනෙන් පිටයි නේ. තනියම තීරණයක් ගන්න පුළුවන් කාලේ ඒක අනුගමනය කරනවද නැද්ද කියන එකෙන් තමයි ආගමක් ඇති නැති බව තීරණය වෙන්න ඕන.

      Delete
    6. අන්න හරි ඒක තමයි මටත් කියන්න ඕනි උනේ.. බහුතරයක් අය ඒ උපතින් හම්බුණ එකම පිලිගෙන ඒක දිගටම කරගෙන යනවා..

      සුලු තරයක් තමයි තාර්කිකව හෝ මොන විදියකට හරි වෙනත් දේවල් ගැනත් හොයලා බලන්නෙ...

      ඉතින් එහෙම විමසලා බලන අය සුලුතරය නේද ආගම් අනුගමනය කරන්නෙ නෑ කියන තැන හිටියත් හොඳ දේවල් කරන්නෙ🤔

      Delete
    7. නවීන්- ඔව් ඒක හරි
      ඕස්ට්‍රේලියාවේ නම් බහුතරයක් ඉන්නේ නිරාගමික අය. මෙහෙ තියෙන පල්ලි වලට යනවා වැඩිපුරම පේන්නේ ආසියාතික අය, එහෙම නැත්නම් ග්‍රීක, ඉතාලි ජාති වල වයසක අය.
      අපේ ළමයිනුත් කවුරුවත් කීව පමණින් වත්, උප්පැන්නේ තිබුණ පමණින් ආගම් බදා ගන්නේ නැහැ. එයාලා ඒ හැම ආගමක්ම ප්‍රශ්න කරනවා. මම හරි කැමතියි එහෙම විවෘත මනසක් ඇතිව හැදෙන්න පුළුවන් පරිසරයට. අපිට ඒ චාන්ස් එක හම්බ වුණේ නැහැ. අපිට ආගම් සසඳලා හොඳ දේවල් තෝරා බේරා ගන්න ලැබුනෙත් නැහැ. ළමයින්ට හරි එහෙම ලැබෙන එක ලොකු දෙයක්.

      Delete
    8. මං අහලා තියෙනවා එහෙ පාසල් වල ළමයිට හැම ආගමක්ම ටික ටික ඉගෙන ගන්න ලැබෙනවා කියලත්

      Delete
    9. ඕස්ට්‍රේලියාවේ රජයේ පාසැල් වල කිසිම ආගමක් උගන්වන්නේ නැහැ. මීට අමතරව කතෝලික පාසල්, ස්වාධීන පාසල් කියලා වර්ග දෙකක් තියෙනවා. ස්වාධීන පාසල් බොහෝ වෙලාවට කතෝලික නොවන (මෙතෝදිස්ත, ප්‍රෙස්බිටේරියන් වගේ) වෙනත් නිකායන්ට අයත්. රජයේ නොවන පාසල් වල ඒ පාසලට අදාළ ආගම උගන්නනවා. ඒත් දහයේ පන්තියේදී සියලුම ආගම් සංසන්දනාත්මකව හැදෑරිය යුතු කොටසක් ඊට ඇතුළත්. මේ නිසා පාසැල් පුස්තකාලවල හැම ආගමටම අදාළ පොත් තියෙනවා. වෙන පන්තිවල ළමයිනුත් මේවා නිදහසේ පරිහරණය කරනවා.

      Delete
    10. ආහ් හරි හරි. මං අහන්න ඇත්තෙ 10 වසරෙ සීන් එක වෙන්න ඇතී

      Delete