November 16, 2022

ශෝකය

Translation of the poem 'Grief' by Louise Erdrich

ඇතැම් වෙලාවට
අතරමං වූ දරුවෙක් ලෙසින්
ඔබට ඔබවම
අතින් අල්ලාගෙන
අයිස් කඳු අතරින්
පය පැකිලෙමින්
නිවස වෙත කැඳවාගෙන ආ යුතු වනු ඇත

ඔබේ නිවස වටා
ශ්වේත වර්ණය පැතිරේ
විවර ඉදිරිපස දොරින්
උණුසුම් එළිය තීරුවක්
නොසැලී ඉහිරේ

මෙන්න, දිගහරින ලද ඔබේ ඇඳ
හාන්සි වෙන්න,
හාන්සි වෙන්න
නිල් පැහැති හිමෙන්
ඔබව වැසෙන්නට ඉඩ දෙන්න

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක   

දිනමිණ වසත් සුළඟ 16. 11. 2022

Sketch- Watercolour paint on paper




4 comments:

  1. Why does Erdrich use the term 'blue snow'?

    https://www.urbandictionary.com/define.php?term=blue%20snow

    ReplyDelete
    Replies
    1. Not that meaning hopefully!
      I had the impression it had something to do with 'feeling blue'

      Delete
  2. //ඇතැම් වෙලාවට
    අතරමං වූ දරුවෙක් ලෙසින්
    ඔබට ඔබවම
    අතින් අල්ලාගෙන//

    🥺👌🤗

    ReplyDelete