November 23, 2022

අපට අවැසි දෑ


 Translation of the poem 'What We Need' by David Budbill


ආදිපාද වරයාත්
ඔහුගේ මැරයන් සහ
හෙන්චයියනුත්
දිනපතාම
ලෝකය
බියෙන් ත්‍රස්ත කරවයි

මෙබැවිනි
අපට
හැමදිනකම අවශ්‍ය

කරුනාභාරිත
කුඩා කවියක්

සාමයෙන් යුත්
කුඩා ගීයක්

සතුට පිරි
කුඩා මොහොතක්

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Digital sketch
දිනමිණ වසත් සුළඟ 22.11.2022 



10 comments:

  1. what a beautiful sketch...

    ReplyDelete
    Replies
    1. Thank you Kumudu :)
      දැන් එළඹිලා තියෙන්නේ මම කාලාන්තරයක් තිස්සේ ඇන්ද චිත්‍ර පරිවර්තන කවි එක්ක ගලපලා පෝස්ට් කරන යුගය!

      Delete
    2. මම හිතුවෙ හැමදාම කවියක් පරිවර්තනය කරලා, ඒකත් එක්කම ගැලපෙන චිත්‍රෙකුත් අදිනව ඇති කියල😄😄😄

      Delete
    3. එහෙම කරන්න නම් මට රස්සාවෙනුත් ගෙදර ඉන්න වෙයි :D
      චිත්‍ර මහා තොගයක් තියෙනවා කාලයක් තිස්සේ ඇඳපු ඒවා. කවි එක්ක ඒවා පෝස්ට් කරන්න මෙච්චර කල් මතක් උනේම නැහැනේ. බලමුකෝ ඒකෙත් හැටි නේද?
      ඉඳලා හිටලා ඔක්කොම වැඩ පැත්තකින් දාලා කවියකට ගැලපෙන චිත්‍රයක් අඳින වෙලාවලුත් තියෙනවා හැබැයි :D

      Delete
    4. හැමදේම හැටි ඔහොම තමයි නේද හෙ හෙ😄

      මං කල්පනා කරේ 3D designing එහෙම කරලා හොඳ ගානක් හම්බෙනවා කියලා මගෙ යාලුවෙක් කීවා ඊයෙ..

      ඒවගේ දෙයක් try කරලා නැද්ද? එතකොට අඳින්නත් පුලුවන්.. ඒකෙන් ම ජීවත් වෙන්නත් පුලුවන්🤓

      Delete
    5. නවීන්- ආසා ජොබ් එකක් තියෙන නිසා වෙන පැති වලට හැරෙන්න දැන් කම්මැලියි. :)
      අනිත් එක ජීවිකාව හැටියට ඕක කරන්න ගත්තොත් ප්‍රෙෂර් එක වැඩිවෙන නිසා නිර්මාණයක් කරලා ලැබෙන සතුට අඩු වෙන්නත් පුළුවන් නේද?

      Delete
    6. අනිවාරෙන්ම ඒක හරි😁

      Delete