July 16, 2022

ආදරය තෝරාගන්න

 


‘ඔබට දෙවර්ගයක පිරිමින් මුණගැසෙනු ඇත’
වරක් මගේ මව මට කීවාය.
‘පළමු වර්ගය
ඔබ කැමති ජීවිතය ඔබට දෙනු ඇත.
දෙවෙනි වර්ගය
ඔබ පතන ආදරය ඔබට දෙනු ඇත.
ඔබ, වාසනාවන්ත සුළුතරයට අයිති නම්
ඔබට මේ දෙකම එක් අයෙක්ගෙන් ලැබෙනු ඇත.


එහෙත්
ඔබට කෙදිනක හෝ
තෝරාගැනීමක් කරන්නට සිදු වේ නම්,
හැමවිටම ආදරය තෝරාගන්න.’


පරිවර්තනය- හෙල්මලී ගුණතිලක


Translation of the poem 'Choose Love' by Lang Leav, from the book The Universe of Us (2016)
sketch- watercolour and ink on paper


16 comments:

  1. "Who gives a hoot about love" කියල තමයි, අපිට ඉගැන්නුවෙ.🤔

    ReplyDelete
    Replies
    1. https://www.yourdictionary.com/hoot

      Delete
    2. බස්සා, Pra Jay තමයි හොඳම උත්තරේ දීලා තියෙන්නේ! :D

      Delete
  2. AnonymousJuly 16, 2022

    Aga higa kam ethiwunaama aadaraya pela dorin penala yanawa kiyala ape aayathanaye sabaapathi kenek e dawaswala young managers la wana apita upadesak lesa staff meeting eke kiwwa.
    E nisaa oya field eke yanakota polwathu, the wathu wage depala thiyana then balanna kiwwa.

    Mata e upades mathaka nethi wunaa monawahari adrushyamaana balawegekin.

    Thamanta himi de thamay lebenne.
    You can't choose.

    ReplyDelete
    Replies
    1. ඇත්ත, මේ තරම් සරල තෝරාගැනීමක් නෙමෙයි ඒක. Nothing is ever black and white in life.

      Delete
  3. චිත්‍රය ලස්ස්.........සනයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුමුදු. මේ දවස්වල දිය සායම් + කළු පෑන් චිත්‍ර අත්හදා බලමින්. :)

      Delete
  4. Aaa matath kiyanna amathaka wunaa.

    Wrukayan wagema haa iitath wediya lassanata chithra adinna dakshay kiyala me chithrayen eththatama pennum wenawa.

    Api online chithra pradarshanayak thiyamuda.
    Methek kal enda, wrukayo ehema ethulath chithra ekathuwak.

    ReplyDelete
    Replies
    1. Chalana- වෘකයෝ නෙමෙයි නරි! :D
      මම මේ ලඟදි දිය සායම් චිත්‍ර වලට බැස්සා අවුරුදු ගාණකට පස්සේ. ඒකෙත් එක එක ක්‍රම අත්හදා බලමින් මේ ටිකේ. පෝස්ට් එකක් දාන්නම් ටිකක් එකතු කරලා. තව නරි ටිකකුත් අඳින්න ඕන.
      ස්තූතියි අගය කිරීමට. එතකොට මට හිතෙන්න ගන්නවා මේවා බෙදාගන්න තරම් වටිනවා කියලා :)

      Delete
  5. කවියත් ලස්සනයි, පරිවර්තනයත් ලස්සනයි, චිත්‍රය නම් unique, මලී.

    කවියෙන් කියන දේට conceptually එකඟයි. නමුත් මලී උඩ කමෙන්ට් එකට කියලා තියෙනවා වගේ ජීවිතේ කලු සුදු තීරන නෑ වගේම, මට හිතුනෙ narcissistic personality ඇති කෙනෙක් එක්ක ආදරෙන් බැඳිලා, මිනිස්සු (ගැහැනු, පිරිමි) දෙකොටසම කොච්චර අමාරුවෙ වැටෙනවද කියලා, උදා. Amber Heard case එක. ඒගොල්ලන් ආදරය කරන්න, වඩා නිවැරදිව කියනවනම් ආදරය පෙන්වන්න, ඉතා දක්ශ අයනෙ.

    ReplyDelete
    Replies
    1. thank you Lotus!
      ඔව් මාත් ඒ අදහසට එකඟයි. මගේ සමීපතම යෙහෙළියෝ දෙන්නෙක් ඉන්නවා narcissistic personality තියෙන සහකරුවෝ ඉන්න. එයාලගේ ජීවිත දැකලා, 'ආදරේ' හැටියට එයාලා නිර්වචනය කරන දේවල් සහ ඒවායින් පීඩා විඳින හැටි දැකලා පුදුමත් හිතෙනවා.
      මීට අමතරව ආදරය විතරක් තිබුණා කියලා එකට ජීවත්වෙන එක 100% viable නැති බව වයස යද්දී අපිට තේරුම් යනවා නේද? ඒකට තව ගොඩක් දේවල් සම්පූර්ණ වෙන්න ඕන.

      හැබැයි කවියක් හැටියට මේකේ පොඩි ගතියක් තියෙනවා තමයි. මගේ Hot Chocolate Days fb page එකේ මේකට views & shares නොහිතුව තරම් බර ගාණක් ලැබිලා තියෙන්නෙත් ඒ නිසා වෙන්නැති

      Delete
  6. තෝරාගන්නේ මොකෙන්ද? හදවතින් තෝරාගන්නවා නම් ආදරය. මොළයෙන් නම් කැමති ජීවිතය. තෝරාගන්නගේ වයසත් බලපාන්න පුළුවන්. අවුරුදු 20-25 තරුණියක් නම් ආදරය. අවුරුදු 35 ට වැඩි නම කැමති ජීවිතය. 25 - 35 අතර නම් හිතන ආකාරය අනුව.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉයන්, ඒක ඇත්ත. හිතට මුල් තැන දීලා තෝරාගන්නවාද, ප්‍රැක්ටිකල් පැත්ත බලනවද කියන එක වයසයි, කෙනෙක් ගේ circumstances මතයි බලපානවා නේද? සමහරවිට කොයි වයසකදී වුණත් ආදරේ තෝරාගන්න බැහැ තව දේවල් ඒකෙන් අහිමිවෙනවා නම්.

      Lang Leav කිව්වට මේවා එහෙම ලේසියෙන් කරන්න පුළුවන් දේවල් නෙමෙයි නේ? :D

      Delete