July 24, 2016

පුතුට

සිසිරයේ සීත උදයක
ලේ පාට සිහිනෙක මැද
මහමෙර දෑත මිටි කර
නුඹ රහසේම පිපුණා

කඳුලක රිදෙන සිසිලත්
සුසුමක දැවෙන පවනත්
සිනහවේ මුදු ව අතුරා
නුඹ මවෙත ගෙන ආවා

කුස තුල නිදන කල මෙන්
කටපාඩම් ය තවමත්
නුඹේ හද ගැස්මේ හඬ
මගේ හද මැද දැනෙනා

ඉතින් දිවයනු මැන දුර
ලෝකය නුඹේ පාමුළ!
නුඹ සිනාසෙන හැම විට
මගේ ලොවේ හිරු මැවෙනා

happy birthday my little one!

pic- Adventure Bay, Bruny Island- Tasmania




6 comments:

  1. Love it. So soft as always. And love the pic too :)

    ReplyDelete
    Replies
    1. thanks Hiranya, as always. the pic- he was trying to run into the waves and I was trying to keep him with me- as in life I guess!:)

      Delete
  2. ලස්සන හෘදයාංගම කවියක්... පුතාට සුභම සුභ උපන්දිනයක් වේවා....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිසර!

      Delete
  3. Beautiful and touching. The picture when looked at with the poem in mind, is so poignant.

    ReplyDelete