March 11, 2016

අහසක්!


සුසුමක් වෙන්න බැරි නම්
රිදෙන හිත සිඹ සනසන
අහසක් වෙවී ඉන්නම්
නුඹ යනෙන මඟ හැම තැන

රෑ වෙන්න හිත නැතිවම
තව බිඳක් තාවර වෙන
නිල් පෑ අහස මම මයි
ගිම්හානයේ කෙළවර

වැහි ලිහිණි කැළ පියඹන
දම් පෑ වළා පසුතල
මමයි ඒ මුදු සිතුවම
නුඹ නෙත බිඳක් නවතන

ඉතින් නුඹ හඳුනනු ඇත
නෙක පැහැ මගේ සෙනෙහස
සුසුමක් වෙන්න බැරි දින
අහසක් ව නවතිමි මම

Photo- a sunrise in Marshall Islands captured by Dr. Shyam Mahakalanda,

3 comments:

  1. කදිම ඡායාරූපයක් හා කදිම පදවැලක්

    ReplyDelete
  2. හොද පාර්ථනාවක්.

    ReplyDelete