Mimi& I- March 1985, Seychelles |
මේ පින්තූරේ මගේ අතට ආවේ අහම්බෙන්. අවුරුදු තිහකට විතර පස්සේ.
අපිට ඉස්සර බළල් රංචුවක් උරුම වෙලා තිබුණා. අපේ ඕනෑවටම නෙමෙයි. නැත්තෙමත්
නෙමෙයි. ඒ දවස්වල සේෂෙල්ස් වල අපි උන්නු ගෙදර වටපිට උන්නු බළල්ලු ඉබේම වගේ
අපේ ගෙදරට රොක් වුණා. එහෙම වුනේ පොඩි අක්කාත් මාත් උන්ට ආදරේ පෙන්නුව නිසා
වෙන්නත් පුළුවන්. අපි උන්ට එක එක විකාර නම් දැම්මා. උපන්දින උත්සව තිබ්බා.
නිදාගන්න ගෙවල් හදලා දුන්නා. සෙල්ලම් ගෙවල් වලට හවුල් කරගත්තා. කිරි වල පොඟවලා බිස්කට් කන්න දුන්නා. ඉතින් උන් පවුල් පිටින් අපේ ගෙදර නැවතුනා.
මේ පින්තූරේ ඉන්න මිමී මට හොඳට මතකයි. බළල්ලු රංචුවෙන් නපුරුම නිසා.හැමදාම
රණ්ඩු වලට ගිහින් තුවාල කරගෙන ආව නිසා. බූසි ම වලිගය තිබුණේ ඌට නිසා. ඌ
කාවවත් මායිම් නොකළ නිසා. මට මේ ගවුමත් හොඳට මතකයි. ඒක ඒ අවුරුද්දේ
උපන්දිනේට අම්මා මහලා දුන්න නිසා. මහලා දුන්නේ ටිකක් ලොකුවට නිසා. ඒකෙ
පුංචි කොටු වල තිබුණු සමහර පින්තූර උඩු යටිකුරු ව තිබුණු එකට මම ටිකක්
අකමැතිව උන්නු නිසා. ඒත් මේ පින්තූරේ ගත්තේ ඇයි කියලා මට මතක නැහැ. තාත්තා
අහම්බෙන් ගත්තු පින්තූරයක් වෙන්න ඇති. මිමී ගේ අයිතිය තිබුණේ නම් පොඩි
අක්කාට. ඌට ප්‍රංශ ආරට නමක් දැම්මෙ එයා ඒ දවස්වල ඉස්කෝලේ ප්‍රංශ ඉගෙනගන්න පටන්ගෙන තිබුණු නිසා වෙන්න ඇති. ඒත් කේන්ති ගිය වෙලාවක එයාගේ තොල පැලිලා ලේ
එන්න මූණ හීරුවෙත් එයාගේ ආදර මිමී ම තමයි. ඒ වගේ පුංචි දේවල් මතකයි. ඒත්
මිමී ඇතුළු බළල් පවුල දාලා අපි ලංකාවට එද්දී දුක හිතුනාද, ඇඬුවාද කියලා නම්
මට මතක නැහැ. අඬන්න ඇති බොහෝ විට. අඩුම ගානේ බාලයා වුණු මමවත්. සමහරවිට ඒ
බව මතක නැත්තේ අවුරුදු තිහක් විතර යද්දී දුක හිතෙන ලොකු දේවල් අමතක වෙලා
ලස්සන පුංචි දේවල් විතරක් මතක හිටින නිසා වෙන්න ඇති.
Memories both sweet and not so sweet are the sustenance which helps us to keep on plodding on this never ending journey of life.
ReplyDeleteThanks Malee for sharing…:)
and also as the saying goes- “One of the keys to happiness is a bad memory.” ― Rita Mae Brown :)
Deletethanks Ravi!
සි සේල්ස් අයිලන්ඩ් වලද හිටියේ, මගේ යාලුවෙක් කිව්වා ඉස්සන් කර්මාන්තය හොදින්ම කරනවා කියල.
ReplyDeleteඔව්, දූපත් ගොඩක එකතුවක් නේ.
Deleteස්තුතියි . අපේ නංගාගෙ සුදු මහත්තයා මතක් වුණා . එයත් මේ වගේ ....
ReplyDelete