මේ අවුරුද්දේ මම කියවපු හොඳම පොත නම් කරන්න කිව්වොත් ඒ අරුන්දතී රෝයි ගේ Mother Mary Comes to Me පොත බව කිසිම විවාදයක් නැතිව කියන්න පුළුවන්. මේ අරුන්දතී රෝයිගේ ජීවිත කතාව, ඒ වගේම මේ ඇගේ අම්මාගේ කතාව. අරුන්දතී තමන්ගේ ළමා කාලයේදී ලැබුණු ශාරීරික සහ මානසික පීඩාවන්, ජීවිතය පුරා ඈ මුහුණ දුන් විවිධ අවමන්, කම්කටොලු වගේම ලෝකයේ ජය කෙහෙළි නංවමින් ඈ ලැබුව ජයග්‍රහණත් ඒ හා බැඳුණු ප්‍රසිද්ධිය ගැනත් විස්තර මේ පොතට කැටි කරලා තියෙනවා. ඇගේ ලේඛන ශෛලියේ විශේෂත්වය තමයි කටුක දුකත්, ඉහළම ප්‍රහර්ෂය ත් එකම සැහැල්ලු තානයෙන් විස්තර කරන්න ඇයට තියෙන අපූරු ම හැකියාව.
අරුන්දතීගේ කතාව කියවද්දී ඇගේ ජීවිතයේ ප්‍රධාන චරිතය ඇගේ මව බව පැහැදිලියි. නමුත් මේ, සම්ප්‍රදායික ලෙස මවක් සහ දුවක් අතර අපට හුරු ළබැඳි බව, ළතෙත් බව ආදියෙන් යුතු එකක් නම් නෙමෙයි. “She was my shelter and my storm.”අම්මා ගැන ඈ කියන්නේ එහෙමයි. මේ කතාව පුරාවටම පාහේ අරුන්දතී තමන්ගේ මව අමතන්නේ Mrs Roy නමින්. ඊට හේතුව ලෙස ඈ දක්වන්නේ කාලයක් ඇයත් ඇගේ සොයුරාත් මව මෙහෙයවූ පාසලේ සිසුන් ව ඉන්දැද්දී ඔවුන්ට ද එසේ ඇයට අමතන්නට ඇගෙන් අණ ලැබුණු නිසා කියන කාරණය. නමුත් ඇයට හැමදාම ඇගේ මව Mrs Roy කෙනෙක් මිසක් 'අම්මා' කෙනෙක් නොවුණු බව කියවන්නාට දැනෙනවා.
“When it came to me, Mrs Roy taught me how to think, then raged against my thoughts. She taught me to be free and raged against my freedom. She taught me to write and resented the author I became”
වෘත්තියෙන් ගෘහනිර්මාණ ශිල්පිනියක් වන්නට සැලසුම් කළ අරුන්දතී, අහඹු විදිහට චිත්‍රපට තිර පිටපත් ලිවීමටත් පොත් ලිවීමටත් යොමු වීමේ ගමන ගැන ඈ මේ පොතෙන් විස්තර කරනවා. ඇගේ පළමු නවකතාව වන The God of Small Things වෙනුවෙන් 1997 දී Booker සම්මානය ලැබීම ඇගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක්. ඉන් ඇගේ ජීවිතය උඩු යටිකුරු වුණත් ඉනික්බිති ඇයට ලැබුණු ප්‍රසිද්ධිය ඈ පාවිච්චි කළේ කාලීන සමාජ, දේශපාලන ගැටළු ගැන හඬ නඟන්නයි.
අහම්බෙන් ලේඛිකාවක් වීම ගැන ඇය මේ පොතේ විස්තර කරන්නේ මෙහෙමයි.
I knew even then that language was outside me, not inside me. I knew it would not come to me on its own. I needed to hunt it down like prey. Disembowel it, eat it. And when I did, I knew that language, my language, would ease the way blood flowed through my body. It was out there somewhere, a live language-animal, a striped and spotted thing, grazing, waiting for me-the predator. That was the law of my jungle. It wasn't a non-violent, vegetarian dream.”
“I was puzzled, because I realized that I wasn’t writing it from beginning to end. I felt as though I were sculpting smoke. Generating it, then organizing and disciplining it.
අරුන්දතී ගේ ජීවිත කතාවේ පාඨකයාව හඬවන තැන් බොහොමයක් හමු වෙනවා. ඒත් ඈ ඒ දුක්බර කතා කියන සිනා මුසු විලාසය නිසාම අපේ කඳුළු ත් එසැණින් මැකිලා යනවා.
කේරළයේ කොට්ටායම් වැනි අප්‍රකට ගම්මානයක හැදී වැඩී ලෝකයටම ප්‍රකට ලේඛිකාවක් බවට පත්වුණු අරුන්දතී රෝයි ගෙන් අපට ලේඛනය ගැන උගත හැකි පාඩම් බොහොමයි. ඒත් ඇගේ චරිතාපදානය වන Mother Mary Comes to Me සුවිශේෂී පොතක් වෙන්නේ, ඉන් ඇගේ නොසැලෙන ගුණයත් එඩිතර බවත් ගැන ඈ ලෝකයට බොහෝ කරුණු හෙළි කරන නිසාමයි.
Mother Mary Comes to Me (2025) - Arundhati Roy
Penguin Books
ඉතිං කියවන්නම වෙනවා නෙව ඔහොම විස්තර කලාම. දැන් කවුදෑ මේක පෙරලලා දෙන්නේ..........?
ReplyDeleteකුමුදු - තාම මේක ලංකාවේ වැඩිය හොයාගන්න නැහැ කියලායි ආරංචි, available උනාම කවුරුහරි ඉක්මනටම සිංහලට පෙරළයි, අවසර අරගෙන හරි නැතුව හරි! :D
Deleteගැහැණු ළමයින්ට බොහෝ වෙලාවට අම්මලා එක්ක තියෙන්නෙ කම්ප්ලිකේටඩ් රිලේශන්ශිප් එකක්. තාත්තලා එක්ක get on වෙන්න ලේසියි; අම්මලා එක්ක අපිට karmic friction එක වැඩියි කියලා මට හිතෙන්නෙ. නමුත් ඒකම අපේ growth හා advancement වලට පොසිටිව් විදිහට යොදාගන්න පුලුවන්.
ReplyDeleteබලමු.. පොත කියවලා හිතුනෙ මොකක්ද කියලා කියන්නම්කො. "ඈ ඒ දුක්බර කතා කියන සිනා මුසු විලාසය නිසාම අපේ කඳුළු ත් එසැණින් මැකිලා යනවා" කියලා මලී කියපු නිසා පොත කියවන්න ආසා හිතුණා.
"It wasn't a non-violent, vegetarian dream" -love it.
Lotus - ගෑනු කියන්නේ කොහොමත් complicated ජාතියක් නිසා වෙන්න ඕන ඔය අම්මලා දුවලා අතර friction එක ඇතිවෙන්නේ. //“She was my shelter and my storm.”// කියන එක ඒ වගේ සම්බන්ධකම් වලට අදාළයි.
Deleteමේක ටිකක් intense පොතක්. මම සාමාන්‍යයෙන් traumatic දේවල් කියවන්නේ නැහැ දැන්. මේකෙත් එහෙම කෑලි ටිකක් තියෙනවා. But she doesn't dwell on them, so it makes the reading light.
අරුන්දතී ලියන්න පටන් ගත්ත process එක ගැන තියෙන කොටසට මමත් කැමතියි. බොහොම පොඩි ලේඛන ඉතිහාසයක් තියෙන මාත් ලියන්න යොමු වුණේ බොහොම අහම්බෙන් නේ. අරුන්දතී එක තැනක කියනවා එයාට හිතෙනවා කියලා ඒ කතාව හැමදාම එහෙමම විශ්වයේ කොහේ හරි තිබුණා, එයාව tool එකක් වගේ පාවිච්චි කරලා ඒ කතාව ලියවුණා වගේ අදහසක්. කතාවක් ලියන්න ගනිද්දී එක ඉවරවෙන්නේ කොහොමද කියලා කිසිම අදහසක් නැතිව ලියද්දි, මම නොහිතනම විදිහක කතාවක් නිර්මාණය වෙද්දී මටත් ඔය වගේ දෙයක් හිතිලා තියෙනවා. she expresses it better than me :)
කොහොමත් ඔය කේරළයේ කස්ටිය අපට සමානකම් තියනවා. ඒ නිසා සමීප බවක් දැනෙනවා. සාරිය, කොට කොණ්ඩෙ සහ සිගරට් එක අමුතුම රැඩිකල් පෙනුමක් ගේනවා. හ්ම්......
ReplyDeleteඔව් බස්සා, කේරලය ලංකාවට සමාන ලක්ෂණ තියෙන නිසාද කොහෙද එහෙ මිනිස්සුත් සෑහෙන්න දුරට අපි වගේ . අරුන්දතී නම් සාම්ප්‍රදායික කේරළ කාන්තාවක් කියන්න බැහැ. එයාගේ ජීවිතේ හැල හැප්පීම් එක්ක එයා සම්පූර්ණයෙන්ම වෙනස් උනා වෙන්නැති
Delete