May 17, 2025

එක්තරා වර්ගයක උමතුවක් අගය කිරීමකි



මගේ අත්තම්මා සතුව තිබුණේ 
සිහිකල්පනාවෙන් අඩක් පමණි.
ඉතිරි අඩ බොහීමියාවට ආපිට ඉගිල ගොසිණි   

සීතල සැන්දෑවරුවල 
නිවසේ පිල මත 
ඈ පත්තර පිටු අතුරන්නීය 
ඒ, ගෙවත්තේ කුහුඹුවන්ට
එහි යටට රිංගා 
බ්ලැන්කට්ටුවක් යටදී මෙන් 
උණුසුම් වීම පිණිසයි 

කාලයේ අකුණු සර වැදුණු පසු,
ඉතිරි වී ඇති සිහියෙන් 
මටත් 
ඈ වැනිම වන්නට ඇත්නම්
ඒ තරමටම ආදරණීය වන්නට හැකිනම් ,
ඒ මගේ පැතුමයි 

Translation of the poem 'In Praise of Craziness, of a Certain Kind'
by Mary Oliver 

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක 
Digital Art


13 comments:

  1. මේක මරු මරේ මරු

    ReplyDelete
    Replies
    1. ඩිමෙන්ශියා ඇල්සයිමර් වගේ තියෙන වැඩිහිටියොත් මේ වගේ ඇති‍්
      මම හිතනනෙ එක එයාලගේ වෙනම ලෝකයක්

      Delete
    2. Discourse- ඔව් ඒක හරිම අවාසනාවන්ත තත්ත්වයක්. ලෙඩාටත් වටේ ඉන්න අනිත් අයටත් දුකක්. මෙහෙම සතුටින් ඉන්නවා නම්, හානියක් නැති දේවල් කරනවා විතරක් නම් කමක් නැහැ ඉතින්

      Delete
  2. ලස්සන කවියක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි!

      Delete
  3. අනේ අපේ ආච්චි.....
    හොඳටම ඇවිදින්න පුළුවන්කම තියෙද්දී සිහියෙන් බාගයයි
    අපිව සිනා සයුරක ගිල්ලුවා අවසාන කාලයේ
    95 යි ඇඳේ හිටියේ දවස් 5යි
    දැන් අවුරුදු 15ක් ගෙවුනා එත් අදටත් මතක් කර කර හිනා වෙනවා

    ReplyDelete
    Replies
    1. කුමුදු - මම හිතන්නේ සිහිය තිබුණත් නැතත් අනිත් අයගේ ආදරය ලබමින් වයසට යන්න, මැරුණාට පස්සෙත් මතක් කරන කෙනෙක් වෙන්න වාසනාවන්ත වෙන්න ඕන. ඔයාගේ ආච්චිත් එහෙම කෙනෙක්!

      Delete
  4. ශෝක් කවිය!

    "ඉතිරි අඩ බොහීමියාවට ආපිට ඉගිල ගොසිණි" හී හී... මට නම් දැම්මම එහෙමයි. උදේ කෑවෙ මොනවද කියලා දවල්ට මතක නෑ 🤣

    ReplyDelete
    Replies
    1. Lotus- මට ඕකේ අනිත් පැත්ත. මට ඕනේ එකයි එපා එකයි ඔක්කොම මතකයි. වෙලාවක ෆියුස් යනවා කියලා තමයි මගේ සමීප කට්ටිය කියන්නේ. හැබැයි බිසී උනාම මටත් පදාස පිටින් අමතක වෙන ලක්ෂණයක් තියෙනවා දැන් දැන්! :D

      Delete