මගේ අත්තම්මා සතුව තිබුණේ
සිහිකල්පනාවෙන් අඩක් පමණි.
ඉතිරි අඩ බොහීමියාවට ආපිට ඉගිල ගොසිණි
සීතල සැන්දෑවරුවල
නිවසේ පිල මත
ඈ පත්තර පිටු අතුරන්නීය
ඒ, ගෙවත්තේ කුහුඹුවන්ට
එහි යටට රිංගා
බ්ලැන්කට්ටුවක් යටදී මෙන්
උණුසුම් වීම පිණිසයි
කාලයේ අකුණු සර වැදුණු පසු,
ඉතිරි වී ඇති සිහියෙන්
මටත්
ඈ වැනිම වන්නට ඇත්නම්
ඒ තරමටම ආදරණීය වන්නට හැකිනම් ,
ඒ මගේ පැතුමයි
Translation of the poem 'In Praise of Craziness, of a Certain Kind'
by Mary Oliver
පරිවර්තනය- හෙල්මලී ගුණතිලක
Digital Art
මේක මරු මරේ මරු
ReplyDeleteඩිමෙන්ශියා ඇල්සයිමර් වගේ තියෙන වැඩිහිටියොත් මේ වගේ ඇති්
Deleteමම හිතනනෙ එක එයාලගේ වෙනම ලෝකයක්
Discourse- ඔව් ඒක හරිම අවාසනාවන්ත තත්ත්වයක්. ලෙඩාටත් වටේ ඉන්න අනිත් අයටත් දුකක්. මෙහෙම සතුටින් ඉන්නවා නම්, හානියක් නැති දේවල් කරනවා විතරක් නම් කමක් නැහැ ඉතින්
Deleteලස්සන කවියක්
ReplyDeleteබොහොම ස්තූතියි!
Deleteඅනේ අපේ ආච්චි.....
ReplyDeleteහොඳටම ඇවිදින්න පුළුවන්කම තියෙද්දී සිහියෙන් බාගයයි
අපිව සිනා සයුරක ගිල්ලුවා අවසාන කාලයේ
95 යි ඇඳේ හිටියේ දවස් 5යි
දැන් අවුරුදු 15ක් ගෙවුනා එත් අදටත් මතක් කර කර හිනා වෙනවා
කුමුදු - මම හිතන්නේ සිහිය තිබුණත් නැතත් අනිත් අයගේ ආදරය ලබමින් වයසට යන්න, මැරුණාට පස්සෙත් මතක් කරන කෙනෙක් වෙන්න වාසනාවන්ත වෙන්න ඕන. ඔයාගේ ආච්චිත් එහෙම කෙනෙක්!
DeleteNice
ReplyDeleteThanks Pra!
Delete+++++++++++++++👌
ReplyDeleteThanks Bassa!
Deleteශෝක් කවිය!
ReplyDelete"ඉතිරි අඩ බොහීමියාවට ආපිට ඉගිල ගොසිණි" හී හී... මට නම් දැම්මම එහෙමයි. උදේ කෑවෙ මොනවද කියලා දවල්ට මතක නෑ 🤣
Lotus- මට ඕකේ අනිත් පැත්ත. මට ඕනේ එකයි එපා එකයි ඔක්කොම මතකයි. වෙලාවක ෆියුස් යනවා කියලා තමයි මගේ සමීප කට්ටිය කියන්නේ. හැබැයි බිසී උනාම මටත් පදාස පිටින් අමතක වෙන ලක්ෂණයක් තියෙනවා දැන් දැන්! :D
Delete