Lotus: මෙහෙමයි තිබ්බේ 'It is a fire that neither kindles by force nor dies when extinguished.' මං හිතන්නේ 'ගින්දර' කියලා සිංහලෙන් කිව්වාම අපිට දැනෙන්නේ ටිකක් දරුණු විදිහට :)
I like it when you all contest my choice of words though :D එතකොට මම තවත් පරෙස්සමෙන් වචන තෝරන්න පුරුදු වෙනවානේ! මේකේ 'ගාලිබ්' කෑල්ලට තමයි මම කැමතිම. අන්තිමට බලද්දී ඒක ගාලිබ් තමන්ටම කියාගත්තු දෙයක් බව දැනුණාම වෙනම ට්විස්ට් එකක් තියෙනවා
ප්‍රේමෙ , හහ් මතක් කරන්න එපා ඕකව. මාව කෑවෙ උන්ද තමා.🤣
ReplyDeleteමම මේ "දිල්" බලල එන ගමන්. ආන්න ජංසං, දැන් එහෙම සොඳුරු මතක ලියන්නෙ නැත්තෙ ඇයි? අර නැන්දගෙ 'අනේ... කෙල්ලෝ තුන්දෙනාම තාත්තා මයි!' කතාවට පැරඩි එකක්.
Triplets! I can’t tell them apart. Two ponny tails and ..... one tail
ප්‍රේමේ තමයි ඔක්කොම අර්බුද වලට මුල! :D
Deleteබස්සා 'දිල්' බලලා ආවා කිව්වාම මං හිතුවා හින්දි චිත්‍රපටියක් කියලා!
දිල් ත් නංගිත් මාත් එකවගේ එකේ නොහිතපු ජවනිකාවක් දිග ඇරුණා මේ ඊයේ පෙරේදා. දිල්ව බලන්න ගිය වෙලාවක එයා ගේ නංගිගේ මාස දහයක විතර කෙළි පැටික්කි ජීවිතේ පලවෙනි වතාවට මාව දැක්ක ගමන් 'අම්මා' කියලා මගේ අතට පැන්නා. ඒ බබා එහෙම නාඳුනන කවුරුවත් අතට යන්නේ නැහැලු. ඉතින් අර අතීතයේ නැන්දා කීව කතාව තාම වලංගු බව අපිට පිළිගන්න වුණා. :D
අතීත සොඳුරු මතක නම් තව තියේ . දැන් ඉතුරුවෙලා තියෙන්නේ ලිව්වොත් ගුටිකන්න නියමිත එව්වා. ඒ නිසා නොලියාම ඉන්නවා! :D :D
වීඩියෝව මරු. මං ආසා වර්ගයේ එකක්.
//දැන් ඉතුරුවෙලා තියෙන්නේ ලිව්වොත් ගුටිකන්න නියමිත එව්වා//
Deleteඅනේ ඔන්න ඔහේ ලියලම දාපං මචං. මේ අපි වගේ නම්, ගම් වෙනස් කරලා අනුන් ගෙ කතාවක් , ප්‍රබන්ධ වගේ.🙏🤣
මෙව්වා බස්සෝ නම් ගම් නැතිවම දැම්මත් අදාළ කෙනා කියව්වොත් ඒ තමන්ගේ වැඩ බව තේරෙන තරම් යුනික් කතන්දර. මේ නහින දෙහින කාලේ ලියවිල්ලක් නිසා නිකම් මොකටද මිතුරෝ හතුරෝ කරගන්නේ කියලා මං දැන් මධ්‍යම ප්‍රතිපදාවෙන් වැඩ. :D
Deleteඅන්තිමට තියෙන 'ගින්දරකි' කියන වචනයට වෙනුවට, චුට්ටක් විතර 'රොමෑන්ටික්' වචනයක් තිබ්බා නම් හොඳයි වගේ 😊.
ReplyDeleteමොකක්ද ඒ බස්සා කියලා තියෙන 'දිල්' සීන් එක. මලීගෙ කතාවක්ද? මම කියවලා නෑනෙ 😒.
Lotus: මෙහෙමයි තිබ්බේ 'It is a fire that neither kindles by force nor dies when extinguished.'
Deleteමං හිතන්නේ 'ගින්දර' කියලා සිංහලෙන් කිව්වාම අපිට දැනෙන්නේ ටිකක් දරුණු විදිහට :)
දිල් ගේ කතාව මේක. එයා මගේ අතිජාත බෝඩිම් සගයා. අර 'යන්නම් අක්කා' ගැන ලීව කතාවේ ප්‍රධාන චරිතයත් මේ දිල් ම තමයි!
https://hotchocolatedays.blogspot.com/2017/03/blog-post_29.html
අහා එහෙනම් යන්නම් අක්කා ආයෙත් කියවන්න ඕනෙ. කවදාවත් නොදැකපු, ඒත් හරිම සමීප බවක් දැනෙන දිල් නං විරල චරිතයක්. 👌💐
Delete//දිල් නං විරල චරිතයක්// අනිවාර්යයෙන්ම.
Deleteකතාවක් තියෙනවනේ කාලේ ගත වෙද්දී හිතට ළඟ මිනිස්සු geographically ළඟ හිටිනවා අඩුයි කියලා. මට නම් ඒක හොඳටම අදාළයි. දිල් වගේ සමීප යාළුවො හැමෝම වෙන වෙන රටවල ඉන්නේ. such is life!
ඔව් මට තේරෙනවා. ඒක බොහෝ අයට වගේම මටත් අදාලයි. කාලයත් එක්ක අපේ සිතුම්-පැතුම්, වෙනස් වෙනවා. කලින් තිබ්බ සාධක දැන් වෙනස් වෙලා. අදට ඒවා නොගැලපෙන නිසා, අපෝ මමත් සද්දෙ වහල ඉන්න තැන් අපමණයි. පැහැදිලි කිරීම් දෙකටම ස්තූතියි.🙏👌💐
Delete'ගින්දර' වචනය ගැන මම නිකන් කිව්වෙ මලී. Wasn't contesting your choice of words.
Deleteදිල්ගෙ කතාව කියෙව්වා. තැන්ක් යූ ෆො ද ලින්ක්. බස්සටත් තැන්ක් යූ මතක් කලාට.
දිල් is a character නේද. අර බස් එකේදි තරුණයාගෙ කෝල් එක ආන්ස්වර් කරපු එක කියවද්දි මට දිගටම හිතුනෙ කොහොමද ඒ තරුණයා on the spot මේ කටකාර, එහෙත් තැන්පත් කෙල්ල ගැන ආදරයක් ඇති කරගත්තනම් කියලා. ඒක නිකම් ෆිල්ම් ප්ලොට් එකක් වගේ වෙයි.
I like it when you all contest my choice of words though :D එතකොට මම තවත් පරෙස්සමෙන් වචන තෝරන්න පුරුදු වෙනවානේ! මේකේ 'ගාලිබ්' කෑල්ලට තමයි මම කැමතිම. අන්තිමට බලද්දී ඒක ගාලිබ් තමන්ටම කියාගත්තු දෙයක් බව දැනුණාම වෙනම ට්විස්ට් එකක් තියෙනවා
Deleteබස්සා විසින් මේ රැන්ඩම් පෝස්ට් එකට දිල් ව එක්කගෙන ආව බව දන්නවා නම් දිල් හැංගෙනවා! :D
වැඩේ කියන්නේ අරම ෆිල්ම් ජවනිකාවක් වෙන තරමට වැඩේ දුර දිග යන්නේ නැත්තේ දිල්ගේ ගති ස්වභාවය දැක්කාම ඇත්තටම එහෙම දෙයක් උනාද, මට පිස්සුද කියලා ඒ මිනිස්සුන්ට හිතෙන්න ගන්න නිසා. They start questioning their own sanity :D මේ ලියලා තියෙන ගොඩක් ලක්ෂණ එයාව කාලයක් තිස්සේ මං ළඟින් ආශ්‍රය කරපු නිසා දන්නවා මිසක් එයාගේ බැච් එකේ යාළුවො පවා පෝස්ට් එක කියවලාත් පිළිගන්නේ නැති තත්ත්වයක් තිබ්බේ. දැන් අර 'යන්නම් අක්කා' ව අවුස්සපු එක උනත්, මම දිල් තරම් නිශ්ශබ්ද කෙනෙක් නොවුණත් මම නම් ජීවිතේට නොකරන ජාතියේ වැඩක්.
ඉතින් ඇත්තටම දිල් ටෝටලි යුනීක් චරිතයක් තමයි :)