October 21, 2024

"එය වසන්තය නොවේ එකමෙක මලක් බව දැනී"

කාලෙකින් ලස්සන සින්දුවක් අහන්න ලැබුණා. visual එක වෙනමත්, වචන වෙනමත්, දෙකම එකටත් රස විඳින්න පුළුවන් නිර්මාණයක්.



ඔබ ඇවිත් ගිය මගක පියවර ළකුණු නොසොයමි
තව දුරක් එක්ව යන්නට බැරි කරුණු සොයනෙමි
එය වසන්තය නොවේ එකමෙක මලක් බව දැනී
යළි මතක නැති නොවන ලෙස මම සුවඳ විඳගමි...

රළ බිඳෙයි හෙටත් වෙරලක
නුඹ ලඟක නැතියෙනි
හිත බිඳී යන්න නොම දී
යලි යලි හදාගමි...

හමුවන්න යැයි සසර නොකියන
කරුණු ඇතියෙනි
මතු මතුත් හමුවුනෝතින්
ආදරෙයි නොකියමි....

Artiste  |  Chapa Jayaruk
Lyrics  |  Himali Weerakkodi
Melody & Music  |  Mahesh Vithana
Video Director | Pramod Rathnayake
Cast
Uddika Premarathna
Malini Fonseka

4 comments:

  1. //....visual එක වෙනමත්, වචන වෙනමත්...රස විඳින්න...//
    සහතික ඇත්ත. අර මුලින්ම තියෙන "අහසින් බාන" සොට් එක ඩ්‍රෝන් එකකින් ගන්න ඇති. කැමරා වර්ක් සෑහෙන්න හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඔව් බස්සා, බොහොම සංයමයකින් කෙරුණු නිර්මාණයක් බව පේනවා.

      Delete
  2. සින්දුව ලස්සනයි . ඒ නොගැලපෙන ආදරයක් වගේ එකක් ගැනද

    ReplyDelete
    Replies
    1. අජිත් - සින්දුව විතරක් ගත්තාම නොගැලපෙන/නොලැබෙන ආදරයක් ගැන තමයි.
      විෂුවල් එකෙන් වෙනම කතාවක් කියන්නේ. බොහොම කාලෙකට ඉස්සර යුද්ධේ දි මැරුණු සැමියා/පෙම්වතා එක්ක තාම හිතින් කතාබහ කරමින් ඉන්න කාන්තාවක් ගැන. ඇය මානසික රෝග සායනයට තමයි ඒ යන්නේ. ඈ දැන් වයසයි. ඒත් ඇගේ හිතේ ඉන්න පිරිමි කෙනා හිටිය විදිහටම, තරුණ ව ඉන්නවා. උද්දිකගෙයි මාලනීගෙයි රඟපෑම අපූරුයි.
      මුලදී මම හිතුවේ යුද්ධෙදි පුතාව අහිමි වුණු අම්මා කෙනෙකුගේ කතාවක් කියලා. බස් හෝල්ට් එකේ මරණ දැන්වීමේ විස්තර වලින් තමයි එහෙම නැති බව තේරුණේ. "ලොකු අම්මාට පිස්සුද?" කියලා පොඩි දරුවා අහද්දී "කට!" කියලා ඒ දරුවාගේ අම්මා කියනවා ඇහෙන්නේ ඈ ට ඇත්තටම 'පිස්සු' හැටියට සැලකෙන නිසායි. ඒ විදිහට සියුම් දේවල් තියෙන නිර්මාණ දැන් අඩුයි නේද?

      Delete