March 07, 2024

ඩිජිටල් චිත්‍ර

මම ඩිජිටල් චිත්‍ර අඳින්න ගත්තේ මෑත කාලේදී. ඒක තනිකරම ගවේෂණාත්මක ගමනක්. කිසිම දෙයක් නොදැන අත පත ගාමින් ඉගෙනගත්ත කලාවක්. මුකුත් නොදැන අඳින්න අරන් කාලය ගතවෙද්දී එක එක ක්‍රම අත්හදා බලන්න මම එඩිතර වුණා කියන්න පුළුවන්.

මගේ පරිවර්තනයකට, කවියකට මගේම චිත්‍රයක් එකතු කරන්න ලැබුණාම දැනෙන්නේ සම්පූර්ණ බවක්. චිත්‍රයක් අඳින්න හිතුනාට පින්සල්, වතුර, දියසායම් දිග ඇරගන්න කම්මැලි වෙලාවට මේ ක්‍රමය නියමයි. ඩිජිටල් චිත්‍ර ඉක්මන්, වැරදුනත් ලේසියෙන් නිවැරදි කරන්න පුළුවන් නිසා ඒවා බොහොම forgiving.

සමහර වෙලාවට මම Pinterest වලින් inspiration ගන්නවා- ඒත් එහෙම අඳින අතරේදී මට ඕන පාරවල් වල හැරිලා යන නිසා බොහෝ වෙලාවට අවසාන ප්‍රතිපලය නිමිත්තට වැඩිය බොහොම වෙනස්. ඒ වගේම stylus එකෙන් වගේම mouse එකෙනුත් මම අඳිනවා.

මේ මම මෑත කාලේදී ඇන්ද චිත්‍රවලින් කීපයක්. තෝරද්දී තමයි තේරුණේ සෑහෙන්න ප්‍රමාණයක් තියෙනවා කියලා!


digital drawings HG by Malie G

11 comments:

  1. නියමයි. 👌💐
    සමහර ඒව අදමයි දැක්කෙ. අර අන්තිම එකට කලින් එක "පොල්කට්ටෙන් එහා ලෝකය". ඒත් හොඳම ඒවා මෙතන නෑ.
    1. අනේ නැඟිටින්නකෝ - බව්ඌඌඌ....
    2. තව තිබ්බා "සිබිල් වෙත්තසිංහ" ස්ටැයිල් එකේ වර්ණ සංයෝජනයක් කාන්තා ඇඳුමකට යොදපු එකක්. නම මතක නෑ.

    ReplyDelete
    Replies
    1. බස්සාගේ මතකේ තමයි මතකේ! :D
      1. පොල්කට්ටේ චිත්‍රෙ ඇන්දාට ඒකට ගැලපෙන කවියක් කතාවක් හම්බවුනේ නැහැ, ඒකයි මෙච්චර කල් නොදැක්කේ.
      2. 'අනේ නැගිටින්නකෝ' සම්පූර්ණයෙන්ම අමතක වුනානේ. ඒක මගේ මේසේ ළඟ frame කරලාත් තියෙනවා! තව දහයක් පහලවක් තියෙනවා නොදාපු. පාට් ටූ එකක් දෙන්නම් තව මාස හයකින් විතර :)
      3. මන් හිතන්නේ බස්සා කියන්නේ අර නිල් සාරියක් ඇන්ද ගෑනු කෙනාගේ චිත්‍රය. කොටසක් හරි අතින් ඇන්ද චිත්‍ර මම මේකට දැම්මේ නැහැ. ඒකෙ ගෑනු රූපේ ඇන්දේ අතින්නේ

      Delete
  2. හරිම ලස්සන නිර්මානශීලී චිත්‍ර එකතුවක් නොවැ.සමහර චිත්‍ර පන පිහිටෙව්ව වගෙයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සරත්, වැරදි වැරදි ප්‍රගුණ කළ කලාවක් :)

      Delete
  3. අඩේ ඒක මරුනේ, මෙලෝ දක්ෂතාවයක් නැති මට මේකවත් පුරුදුවෙන්න හිතෙනවා

    ReplyDelete
    Replies
    1. අඳිමු ඉවාන්! හිතන තරම් අමාරු නැහැ.

      Delete
    2. "හෙඩ්-ලස් හෝස්මන්" වගේ එකක් ඇඳපං බලන්න.🤭

      Delete
  4. 11 අමරදේව මාස්ටර්ද?

    ReplyDelete
    Replies
    1. අමරදේව මාස්ටර් ට කොන්ඩේ තිබ්බ කාලේ :D

      Delete
  5. ගොඩක් ඒවා දැකල තියෙනවා
    චිත්‍රය ඉස්සර වෙන අවස්ථා වලුත් ගොඩයි
    ලස්සනයි මලී

    ReplyDelete