මාවතේ පියසි මත
තදින් වැසි වැටෙද්දී
විවරව ඇති පොත් හලක්
ඉදිරියෙන් හමුවීම
මොනතරම් නම් වාසනාවක්ද!
අනික ඒ සියල්ලම
පාවිච්චි කල පැරණි පොත්
අනික ඒ සියල්ලම
පාවිච්චි කල පැරණි පොත්
එක් රාක්කයක තනිකරම කවි පොත්!
ඒ මදිවාට ජැරල්ගෙත්, වෙල්ඩන් කීත්ගෙත්
පොත් දෙකකට මැදිව
හුරුපුරුදු නිල්- ලා කහ පැහැති කවරයෙන්
'83 සිට මුද්‍රණය නතර වූ
මගේ කුඩා පොත හමුවීමම
තව වාසනාවක්!
කවරයෙහි ලා කෝපි පැල්ලම්ය.
නිකුත් වූ පසුව එය
ලන්ඩන් මුද්‍රණාලයෙන්
පසුකළ ඍතු ගණන බලද්දී
එය මා තරම්වත් වයස්ගතව නැත.
ඒ මදිවාට ජැරල්ගෙත්, වෙල්ඩන් කීත්ගෙත්
පොත් දෙකකට මැදිව
හුරුපුරුදු නිල්- ලා කහ පැහැති කවරයෙන්
'83 සිට මුද්‍රණය නතර වූ
මගේ කුඩා පොත හමුවීමම
තව වාසනාවක්!
කවරයෙහි ලා කෝපි පැල්ලම්ය.
නිකුත් වූ පසුව එය
ලන්ඩන් මුද්‍රණාලයෙන්
පසුකළ ඍතු ගණන බලද්දී
එය මා තරම්වත් වයස්ගතව නැත.
ඉනික්බිති කියෙව්වෙමි
එතුළ ලියා ඇති නම;
ඒ, මා මියෙන තුරු
මට ප්‍රේම කරාවි යැයි
මා සිතූ මිනිසාගේ නම යි
මගේ වාසනාව එතකින්ම නිම විය.
එතුළ ලියා ඇති නම;
ඒ, මා මියෙන තුරු
මට ප්‍රේම කරාවි යැයි
මා සිතූ මිනිසාගේ නම යි
මගේ වාසනාව එතකින්ම නිම විය.
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Watercolour painting

ඔය පරණ පොත් කඩ ගැන මගෙත්, සොඳුරු අතීත මතකයක් තියන නිසා මුල් පද ටික ආසාවෙන් කියෙව්වා.
ReplyDelete//ගේ වාසනාව එතකින්ම නිම විය//
හුටා!
පරණ පොත් කඩයක් කිව්වම ලොකු අයිස්ක්‍රීම් භාජනයක් වගේ
ReplyDeleteහරියට...... හැන්දකුත් අරන් මෙහෙ වරෙන් කියනවා වගේ...
++++++
ReplyDeleteස්තූතියි හැමෝටම. මමත් ආසා තැන් තමයි පරණ පොත් කඩ. කවදා හරි මට මගේම පොතත් මේ විදිහට හම්බවෙයිද දන්නෙත් නැහැ! :)
ReplyDelete