December 01, 2022

උපදෙස්

අත්හරිනු මැන
ලෝකය ද, තමන්ව ද
අවසන දෙවියන් ද

සොයාගනු මැන දෙවියන්
මල් පඳුරු, ගල් කුළු අතර
පූස් සුරතලුන්, පදිකයන් අතර

සරල වීමට, නිරවුල් වීමට
කප්පාදු කරනු මැන
විශ්වාසයන් සහ තර ඇදහීම්
රැගෙන යනු තහනම් ය
අමතර ගමන් මලු

පිරික්සා බලනු මැන
ඔබ සතු සියලු දෙය
මෘදු ලෙසත්, තියුණු ලෙසත්
අත්හරිනු හැකි වේවි එවිට
නුවුමණා තවත් බොහෝ දේ
නැවත නැවතත්

එහෙත් තබා ගනු මැන ඔබ වෙත
ඔබ හද ගැස්ම වැඩි කරන දේ
සිත තුළ බරැති ව දැනෙන දේ

අවසන ඔබ සතුව තිබෙනු ඇත්තේ
අල්පයක් දේ පමණි
ඊට නම් ඔබේ සාක්කුවේ
බොහෝ ඉඩකඩ ඇතිවනු ඇත

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of the poem ‘Instructions’ by Sheri Hostetler

Sheri Hostetler උපත ලැබුවේ ඇමෙරිකාවේ Ohio ප්‍රාන්තයේ ය. ඇය දශක දෙකක් තිස්සේ පූජකවරියක් ලෙස කටයුතු කරන අතර ඉඳහිට කාව්‍යකරණයේ ද යෙදෙන්නීය.

ලන්ඩන් කවි දෙසැම්බර් 2022 කලාපය
https://londonkavi.com/#10608

sketch- watercolour and ink on paper




4 comments:

  1. උපදෙස් ටික හොඳයි, පිළිපදින එකනෙ අමාරු.

    Voice SL තරඟකරුවෙක් 'බිඳෙන බඳුන්' සිංදුව හරි ලස්සනට කිව්වා ලඟදි. "බිඳුනු කලක අමතක කල නොහැකි නම් සිතින්...., බිඳෙන බඳුන් කුමකට සුරකින්නෙ ආදරෙන්" කියන්නෙත් ඔය වගේ දෙයක් නේද.

    ReplyDelete
    Replies
    1. Lotus- ලන්ඩන් කවි පිටුව වෙනුවෙන් මේ කිවිඳිය ගැන විස්තර හොයද්දි තමයි දැනගත්තේ ඈ පූජකවරියක් බව. එතකොට කවිය makes sense කියලා හිතුණා. ඔය වගේ broad උපදෙස් දෙන්න පුළුවන් පූජක පක්ෂයට තමයි :)
      බිඳුණු කලක අමතක කරන්න බැරි නිසා බිඳෙන බඳුන් ආදරෙන් සුරකින්නේ නැතිව ඉන්න එකත් එක්තරා අපරාදයක් නේද? බිඳෙන බව දැනගෙන ආදරෙන් සුරකින්න බැරි ද?

      //To live in this world you must be able to do three things: to love what is mortal; to hold it against your bones knowing your own life depends on it; and, when the time comes to let it go, to let it go.//- මේ Mary Oliverගේ මම කැමති කවියකින් කැමතිම කොටසක්

      Delete
    2. අන්න හරි මලී...

      බිදෙන නිසාම තමයි නේද ආදරෙන් රැක ගන්න ඕනී... 😁

      Delete
    3. මලී & නවීන්, සිංදුව අහලා වශී වුනාට මමත් ඒ අදහසේ තමයි. බිඳෙන බව දැනගෙනත් ආදරෙන් සුරැකීම තමයි නියම ආදරය කියලා මමත් හිතන්නෙ. අජාන් චා කියලා තියෙනවා නේද see the glass as (already) broken කියලා.

      Delete