'The worst thing in life is not to end up alone. It is to end up with people who make you feel alone.'- Robin Williams

October 18, 2022

"පිහිතුඩෙන් ආදරේ ලීවේ"

මේ පෝස්ට් එක 'අමු' සින්දු කීපයක් ගැන. ගායකයාත් ඒවා හඳුන්වන්නේ අමු සින්දු කියලයි. You tube channel එකේ පවා තියෙන්නේ 'අමු music' කියලා.

අඩුම සංගීත භාණ්ඩ කීපයක් එක්ක අමුතුම පද රටාවකට, සංජීව් ලොන්ලියෙස් කියන ගායකයාගේ අනන්‍ය කටහඬින් ගැයෙන මේ සින්දු ගැන විස්තර කරනවාට වඩා හොඳම දේ අහන එක. මේ සින්දු වැඩිහරියක පද, සංගීතය, ගායනය තුනම ගායකයාගේමයි. 

මේ සින්දුවලට මීට වඩා ප්‍රසිද්ධියක් ලැබෙන්න ඕන කියලයි මගේ අදහස

(සමහර සින්දු මැද්දට තමන්ගේ පෞද්ගලික ව්‍යවහාරයේ යෙදුම් දාලා තියෙන එකට නම් මගේ ඒතරම් මනාපයක් නැහැ. ඊට අමතරව සමහර ඔරිජිනල් වීඩියෝ වල විෂුවල් එහෙමත් අන්තිමයි කියන එකත් කියන්න ඕන ඉතින්. ඒ සින්දු බලන්නේ නැතිව අහන්න හොඳයි!) 

Youtube channel 


9 comments:

  1. මේකට මේ සින්දුවත් එකතු කරගන්න...
    https://www.youtube.com/watch?v=meLBrhklTrM

    මේ ගායකයාගේ මීට අවුරුදු 10 වගේ කලින් ජනප්‍රිය වෙච්ච සින්දුවකුත් තියනවා. හැබැ‍යි ඒවා වෙනස් විදිහේ ඒවා. = "මගෙ ස්වීටි කෙල්ල තැඹිලි ගෙඩිය"

    ReplyDelete
    Replies
    1. නිදන් ඉන්න බස්සොත් ඇහැරෙනවා ඕයි මේවා ඇහෙන කොට :)
      වැස්සට විතරක් මොකෑ, ඒක ඕන වෙලාවක ලෙලෙව්වැකි?

      නියමයි. මේ බානවා කලෙක්ෂන් එකට. ස්තූතියි.👌🙏

      Delete
  2. හින්දි සිනමාවේ ඒ වගේ සින්දු හරියට තියෙනවා නේද Yeh Jawaani Hai Deewani ෆිල්ම් එකේ ghagra සින්දුව ඔය කියන model එකේ ගොඩක් hit වුන සින්දුවක්.

    ReplyDelete
    Replies
    1. කුමුදු, මට හින්දි සිනමාව ගැන තියෙන්නේ ඉතාම අල්ප දැනුමක් බව කියන්නත් ලැජ්ජයි :)

      Delete
  3. "අමු සින්දු" වචනෙ දුන්නාට මලීටත්, දන්න හොඳ සින්දු නිර්දේශ කල අයටත්, වැට ගහපු අයටත් මගේ ප්‍රණාමය.

    ReplyDelete
  4. නිදන් ඉන්න බස්සෝ ඇතුළු මගේ fan club එකත්, කල්පෙකින් මතුවුණු තිසරත් සින්දුව රස වින්ද එක ගැන සතුටුයි. තව මේ වගේ 'අමුතු' සින්දු හම්බ වුනොත් ඔත්තුව දෙන්න ඕන ඔන්න!

    ReplyDelete
  5. හෙල්මලී ඔබේ ඔත්තුවට ස්තුතියි . ඔහුගේ ගී සියල්ලම වගේ ඇහුවා. පිහිතුඩෙන් ආදරේ වගේම කලීෆා ත් ලස්සනයි. අජිත් කුමාරසිරි, සාදර බණ්ඩාර ගේ ගීතත් අහන්නට ඇතැයි හිතනවා.

    ReplyDelete