October 01, 2022

කළු කබායේ හිඩැස්

මරණයට අධිපති මහත්මයාණෙනි
කියන්න සතුටුයි මට
ඔබේ දිගු කළු කබායේ
හිඩැස් ඇති බව
 
වර්ෂ 1273දී මියගිය රූමි
ඔබේ කබායෙන් රිංගා
පැමිණියා අද මා මුණගැහෙන්නට
ඒ ඔහු ආ පලවෙනි වතාවත් නොවේ

ඔහු මා මතකයට ආවා මිස
වදනින් නො දෙඩූ බව සත්‍යයයි
එමෙන්ම ඔහුගේ උස මහත ගැන
තවම මා බිඳක් හෝ නොදනී
 
ගසක සෙවනක සිටි මට
ඒ ගස මෙන් ඔහු ජීවමාන බව හැඟුණි
එමෙන්ම
භෞතික වූ පමණින්ම
හැම දෙයක්ම මහඟු නැතැයිද දනිමි
 
මට කවියක් දෙකක් දී
රූමි යන්නට ගියේය
ටික වෙලාවක් තෘප්තිමත් සතුටින් ගත කළෙමි
ගස තුළද මට දැනුණේ ඒ සතුටමයි
මෙලොව හැම දෙයක්ම හවුලේ බෙදා නොගැනේ ද?
ඔහු දුන් එක් කවියක්, ගසක් ගැන ලියවුණකි
එබැවිත් ගසටත් ඊට හිමිකමක් දැනෙන්නට ඇත

ඉතින්
මරණයට අධිපති මහත්මයාණෙනි
කිසිම අපහසුවකින් තොරව
ඔබේ දිගු කළු කබායෙන්
රහසේම පිටතට පැමිණෙන ඔහු
රූමි ය.

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of the poem 'I Am Pleased to Tell You' by Mary Oliver

photo - Unsplash
දිනමිණ- වසත් සුළඟ 28.09.2022
http://epaper.dinamina.lk/Home/ShareImage?Pictureid=db806455




4 comments:

  1. 'Mr මාරයා'ට චැලෙන්ජ් කරලා නේද.

    There's no death කියලනෙ කියන්නෙ. ඒ වුනාට ඒක තේරුම් ගන්නනම් සෑහෙන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. මේක කියෙව්වම මට හිතුණේ ඇත්තටම මේ කවියන්ටත් හිතෙන දේවල් කියලා. මාරයාගේ කබායේ හිඩැස්! :)

      Delete