February 23, 2022

පියපත

 

අදත් ඉඳහිට දවසක
අළු අඳුරු රුදු හවසක
මතක කඳු දෙදරවමින්
සිහින මතුවන දින ඇත

බෝ දුර ඉගිල යද්දී
නුඹ අතැර ගිය පියපත
අත්ලත මුදු ව සතපා
සිප ගැනෙන හෝරා ඇත

-හෙල්මලී-
23| පෙබරවාරි | 2022

10 comments:

  1. Replies
    1. Thank you Likhitha, කාලෙකින්!

      Delete
  2. ඇත්ත තමයි!

    ReplyDelete
  3. Replies
    1. ස්තූතියි අහස් යාත්‍රිකයා!

      Delete
  4. 'මතක කඳු දෙදරවමින්' හරියටම ගැලපෙන වචන ටික.

    ReplyDelete
    Replies
    1. Lotus -එහෙම දවස් තියෙනවා නේ?

      Delete