May 31, 2019

මොණර කතා


වැසි බර දිනවලදී
බරාඳ වැට මත
තෙත තිර රෙදි මෙන්
ඔවුහු එල්ලී සිටිති
සෙබඩ නඩය නම්
ගඟට වැටී තෙතබත් වුණු
අළු පැහැ කොට්ට මෙනි

එහෙත් වියලි දිනවලදී නම්
මෙතැන උත්සවයකි
දිලිසෙමින්, බැබලෙමින්
ගිගිරි සොලවමින්
ස්පාඥ්ඥ නැටුම ඇරඹේ

සවිමත් අළු පැහැති දෙපා මතින්
ගොවිපොළේ තැන තැන
නගරයෙන් නගරයට
මේ ප්‍රසංගය ගෙන යමින්
ඔවුහු අහංකාරව ඇවිදිති

ගායනය නම්
වෙන කෙනෙකුට පැවරුවා නම් යහපත් ය 
සිතෙන තරමට අති බිහිසුණු ය
එය සින්ඩරෙල්ලාගේ සොයුරිය වැනි ය
එතරම් අවලස්සනක් ගැන
එළිපිට සඳහනක් කරන්නට
කවුරුත් බියෙනි
මේ හැම අතරේ
පුංචි බුචර් කුරුල්ලෙක්
අවධානයක් නොලබාම
කණුවක් උඩ හිඳ
සිත් කුල්මත් කරමින් ගී ගයයි 



On wet days
they hang on the verandah railing
like wet curtains
the peahens
become grey cushions
that fell in a river

but on dry days
celebration
shimmer and tremble
shake that castanet
the Spanish dance begins

up goes the opera set
raised as if a cord were pulled
or a child’s stand-up picture book
opened

their strong grey legs
strut and hawk this show
around the farm
from town to town

and the singing
so gruesome
it were best left to others
however
like Cinderella’s sister
no-one dares mention
such ugliness to them
while the little plain butcher bird
sings so ravishingly
sitting almost unnoticed on a post

Kate Llewellynගේ මේ කවිය මොණර රංචුවක් හිතේ අඳින්නේ බොහොමත් නිරායාසයෙන්. වැසි දින තෙතබත් ව තටු හකුලාගෙන ගත කර ඉර පෑයූ දිනවලට පුරුදු අහංකාර රැඟුම් රඟන මේ මොණර රංචුව කවියේ වචන අතරින් මැවී පෙනෙන්නා වගේ.

ටික කලකට කළින් මටත් මේ වගේ ම මොණරු රංචුවක් ඕස්ට්‍රේලියාවේ තස්මේනියා ප්‍රාන්තයේ, ලෝන්සේස්ටන් හි Cataract Gorge නම් සුන්දර පරිසරයේදී මුණ ගැහුණා. මේ, සංචාරකයන්ට Tamar ගඟ හරහා chair-liftsවල නැඟී එතෙර කඳු ප්‍රදේශයට ගොස් සිරි නරඹන්නට අවස්ථාව සලසන තැනක්. මෙතැනට පිවිසේද්දීම, රථ ගාල පුරාම සක්මන් කරන මොණර රංචුවක් දකින්න පුළුවන්. එන යන රථ තඹ සතේකට මායිම් නොකරන ඔවුන් මහා පාර මැද පිල් විදහා නටන්නෙත්, රථවල වහල මතට නැගී අහංකාර බැලුම් හෙලන්නෙත් ඔවුන් ඒ බිමේ අයිතිකරුවන් වගේ.

අප එහි ගිය දින තද මීදුමක් තිබුණු අතර පිල් කළඹෙන් වෑස්සෙන දිය සහිතව වැටක් මතට වී උන් උඩඟු මොණර තරුණයෙක් කැමරාවට හසු වුණේ මෙලෙසයි. 

At Cataract Gorge- Tasmania


ලංකාවේ, රත්නපුර ප්‍රදේශයේ අපගේ ඥාති නිවසක ගෙවත්තේත් මෙවැනිම මොණර පවුලක් පදිංචිව ඉන්නවා. උස කඳු ගැටයක ඇති ඒ නිවසට යා යුත්තේ බෑවුම් සහිත පටු ගුරු පාරකින්. මේ මඟ දෙපස ඇති උස ගස් මත ලැග දවස ගතකරන මේ මොණර රංචුව උස් හඬින් හඬගා අමුත්තන්ගේ පැමිණීම නිවැසියන්ට සැල කරනවා. 'බල්ලෝ හදන්න මහන්සි වෙන්නේ මොකටද මොණරු ඉන්දැද්දී!' යැයි කියමින් එහි ගෙහිමියා හිනැහෙනවා . එහෙත් දිනක් රාත්‍රී වෙලාවක අප ඒ නිවෙසට ගිය විට වත්තේ දසතින් ඇසුණේ අඳුර විනිවිදිමින් උස් හඬින් ගැයෙන මොණර ගීත. පරිසරයේ අඳුර ට එක් වෙලා දෙකන් කීරි ගස්වන ඒ මූසල හඬ ගෙන ආවේ සංකා සහගත හැඟීමක්. ඒ මතකය නැවත විඳිද්දී ඉහත කවියේ මොණරුන්ගේ කෑ ගැසීම් ගැන and the singing, so gruesome, it were best left to others යැයි කීම ඉතාම සුදුසු බව මට සිතෙනවා.

3 comments:

  1. “The sparrow is sorry for the peacock at the burden of its tail.”
    ― Tagore

    ReplyDelete
  2. පුහු ආඩම්බරයක් තිබුනාට 'තෙමිච්ච මොණරාත් තෙමිච්ච කුකුලෙක් වගේ' පිල් අකුලාගෙන ඉන්නවා වගෙයි පෙනෙන්නේ.

    ReplyDelete
  3. මොණර කවිය ලස්සනයි. මෙහේ නම් මොණරු කරදරකාරී තරමට. වනාන්තර විනාශ වෙද්දී උන් ගම් වලට ඇවිත්. වගා විනාශ කිරීම හා ඔවුන්ගෙන් කිනිතුලු බෝවීම තියේලු.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...