January 22, 2019

ස්තූතියි ඔබ සැමට!




සහස් පියවර -කෙටිම කෙටි කතා පොත එළිදක්වන උත්සවය ඉතාමත් සාර්ථක කරගන්නට උපකාරී වුණු හැමදෙනාටම මගෙන් පිදෙන ස්තූතියයි මේ. 


  • මේ කතා පොතක් හැටියට ගොනු වෙන්නට කළින් ඉඳන්ම ඒවා සමාජ මාධ්‍ය ජාලා සහ පුවත්පත් ආදියෙහි කියවා ප්‍රතිචාර දුන්, හොඳ නරක කී සැමට 
  • පොතට ගැලපෙන කතා තෝරන්නට උපකාරී කළ, කවර නිර්මාණය සහ ප්‍රවර්ධන නිර්මාණ හැම එකක්ම ඉතා ලස්සනට කර දුන් සැමට.
  • මා විදේශයක සිට භාරදුන් ප්‍රකාශන කාර්යය ඉතාම උනන්දුවෙන් සහ කාර්යක්ෂමව සිදුකර දුන් නිලන්ත ගමගේ ප්‍රමුඛ සයුර ප්‍රකාශන ආයතනයට 
  • පොත් එළිදැක්වීමේ උත්සවය සාර්ථක ලෙස සංවිධානය කරගන්නට උපදෙස් දෙමින්, නිරතුරුව මා ළඟ උන්, මා කළ යුතු වැඩ කටයුතුත් පවරාගෙන කරමින් මට ඉතාමත් සුවිශේෂී සහයෝගයක් දුන් මිතුරු කැළට සහ නෑදෑ හිතවතුන්ට 
  • පොත සහ පොත එළිදැක්වීමේ උත්සවය පිළිබඳව පූර්ව ප්‍රචාරක කටයුතු කර දුන් මාධ්‍ය 
  • ආයතන වලට සහ ඒ ආයතන හා මා සම්බන්ධ කර දුන් සැමට.
  • ජනවාරි 18 දා උත්සවයට සහභාගී වී එය ආලෝකවත් කරන්නට දායක වූ හැමදෙනාට   
  • දේශන පැවැත්වීමට මගේ ආරාධනාව භාරගෙන පැමිණ, ඉතා හරවත් දේශන කළ සුදර්ශන සමරවීර සහ සහන් කසීර වික්‍රමසිංහ සහ සභාව මෙහෙයවූ විදුර ඩයස් අභයගුණවර්ධන සහෘදයන් ට 
  • උත්සවය දා පොත් අලෙවි කටයුතු, සංග්‍රහ සහ සැරසිලි ආදියට සහාය දුන් සැමට 
  • මා වෙසෙන මෙල්බර්න් සිට මෙන්ම මේ ආරංචිය දැක ලෝකයේ සතර කොණ සිට නිරතුරුව පණිවිඩ එවමින්, සුභපැතුම් සහ දිරිගැන්වීම් එවූ ලබැඳියන් ට   

මේ හැමදෙනාට මගේ ආදරයත් ස්තුතියත් පිරිනැමේ. මේ සිහිනය සැබෑ වූයේ ඔබ සැම නිසා යි. ඉතින් ඔබත් ඒ සතුටේ නිසැක කොටස්කරුවන් ය

(එක් නමක් හෝ අතපසු වෙනු ඇතැයි බියෙන් මේ ගමනට මා හා එක් වූ බොහෝ දෙනාගේ නම්  වෙන වෙනම සඳහන් නොකළ බව ලියා තබමි)

පොත මිළදී ගත හැකි තැන ගැන අසා එවූ සැමට එය සරසවි පොත් හල් වලින් සහ kbooks.lk වෙතින් ලබාගත හැකි බව දන්වමි 


11 comments:

  1. සුභ පැතුම්! එන්න බැරි උනාට කණගාටුයි.. පොත කියවලා ඒ ගැන ලියන්නම්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කල්‍යාණ මිත්‍ර, ෆීඩ්බැක් බලාපොරොත්තුවෙන්!

      Delete
  2. Replies
    1. දහසක් වැඩ මැද එදා ඇවිත් ගියාට ස්තූතියි Pra Jay!

      Delete
  3. පොත ලැබුණා.. ස්තුති මලී. කියන්න දේ ගොඩයි.. කෙටියෙන් කිව්වොත් මම ඒ පොත කියෙව්වේ නෑ අකුරු අතගෑවා...කවි පොතත් එනකල් බලන් ඉන්නවා 🙂

    ReplyDelete
    Replies

    1. බීට්ල්, මුකුත් ලියාගන්න බැරිව හිටිය කාලෙක මට ආයෙත් ලියන්න දිරි දුන්න හැටියට මේ පොතේ shares තියෙනවා ඔයාටත්!
      අකුරු බ්ලොග් එකේ කතා ටිකයි, තව අලුතින් ඉස්සරහට ලියන කතා ටිකකුයි පොතක කියවන්න මගෙත් හීනයක් තියෙනවා.:)

      Delete
    2. හා..හා.. දේදුණු ලිව්ව දවසේ ලෝකේ වටේම තියෙන ඒ shares සේරම ගන්න තරම් ඔයා පෝසත් වුනා මතක නැද්ද... මම පෙන්ෂන් ගියදාක අර හීනේ හැබෑවෙයිද බලමු😄

      Delete
    3. ආ ඔව් ඔව් නේ, පෙන්ෂන් යන්නත් එපායැ ඉතින් ඒකට නේද? මෙච්චර කල් හිටිය එකේ එහෙනම් ඒ ටිකත් ඉන්නම්- පොත fund කරන්න බැංකු මංකොල්ලේ ... එක්කෝ ඕන නැහැ නේ?😄😄

      Delete
  4. ������ ඒකත් කරමු..!

    ReplyDelete