October 07, 2016

හීනයක්!

ගැඹුරු නින්දක පසුවුණු
සයික්ලමෙන් මලකට වුව
පෙති අතර සඟවා ගත්
හීනයක් පැවතිය හැක

සිනාසෙන්නට අමතක
වැහි වැටෙන හවසක වුව
ඒ හීනයම ඇහැරී
කවියක් ව ගිලිහෙනු හැක


drawn with MS Paint























11 comments:

  1. කියාගනු නොහැකිව
    දුහුලු පෙති මත ගැවසි
    රිදුම් දෙන සිහිනයක
    කථා බිඳුවක් තිබිය හැක.......

    ජයවේවා!!!

    ReplyDelete
  2. කෙටියි.. අගෙයි..

    ReplyDelete
  3. වැහි වැටෙන හවසක වුව
    සීතලේ සිනාසෙමින්
    ඇහැරෙන හීන
    කවියක්ව ලියවෙනු හැක.....

    Nice drawing...

    ReplyDelete
  4. Even a cyclamen flower,
    Relaxing in a deep slumber,
    May have a vivid dream,
    Hidden among her colorful petals,

    During a rainy twilight,
    When even laughter is constrained,
    That dream may awaken,
    And become a heartfelt verse.

    ReplyDelete
  5. ස්තූතියි හැමෝටම!

    Ravi glad to have inspired you to at least translate.. good job! :)

    ReplyDelete
  6. මල් හීන හඳුනන
    දෙනෙතකට ඉඳ හිට හසු වුව
    ඒ බොහෝ කවි හීන
    අඳුරේම සැඟවී යා හැක...

    ReplyDelete
    Replies
    1. අඳුරේම පිපුණත්
      සැඟවී ඉබේ මැකුණත්
      කවි හීන අතරේ
      සිනා මතක ද විය හැක

      Delete
  7. අතිශය අපූරු කවියක්.. රවී මාමාගෙ පරිවර්තනයත් එසේමයි..))

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වැසි දැරිය!:)

      Delete
  8. රවී කරලා තියෙන්නේ පරිවර්තනයක් විතරක්ම නෙමෙයි... අගය කිරීමකුත් එකතු කරලා...
    //And become a "heartfelt" verse//

    ReplyDelete
    Replies
    1. ආ ඔව් නේද.. තිසරටත් පේන දේවල්! රවී මගේ නිකම්ම නිකම් 'ගිලිහෙන කවිය' heartfelt කරලා ලස්සන කරලා. ආයෙත් කවි ලියන්න පටන් ගන්න අභ්‍යාස කරනවත් ලු මේ දවස් වල.ඒ නිසා වෙන්න ඇති!

      Delete