October 13, 2016

මතක කැබලිති

-අළුත් අයිතිකරුවන් විසින් බාගෙට කඩා දැමූ මහගෙදර අහම්බෙන් ඇස ගැටුණි

පුංචි කාමරයට
උදේකට අව්ව වැටුනම
කැටයම් මෝස්තරයක්
ඇඳෙනවා බිත්ති හතරේම


කුස්සියේ මතකද
පෝරණුව ළඟ කෙලවර
පූසි ට පැටව් ලැබුණේ
එතැනයි රෑක කළුවර

පුංචි ගවුමක පැටලී
එක තැනක් ඇදවී ගිය
ජනේලයේ ග්‍රිල් එක
මතකයි තවම හොඳටම

පින්තූර පේලිය
අපි තුන්දෙනා හිනැහුණ
මෙතැන මේ බිත්තියේ
තවමත් පෙනෙන නොපෙනෙන

ඉතින් දැන් නිමවී
යුගයක් මෙතැන ගතවුණ
හීනයක සෙවනැලි
තවම දැවටේ හැමතැන

බිඳී ගිය ගඩොලක
උළු කැටක කැබලිති මැද
තවමත් ම රැව් දේ
සිනා හඬ සොඳුරු යුගයක

2 comments:

  1. ගෙබිම පුරා වැටි වැටී
    ඇවිද ගිය ඒ පා පොඩී
    මතකෙ පුරාවට සිහිවෙවී
    අතීතය අමතක නොවී.....

    ජයවේවා!!!

    ReplyDelete
  2. පරණ දේ වටින්නේ ඒක අයිතිව තිබුන කෙනාට විතරයි.

    ReplyDelete