April 15, 2016

Three Questions | Lang Leav

'කෙබඳු වීද ඔහුට ප්‍රේම කිරීම?' විමසුවා ස්තුතිවන්ත බව
'මියැදී සිට සැණකින් යළි පණ ලැබීමක් සේ විය' පැවසුවෙමි

'කෙබඳු වී ද ඔහුගෙන් ප්‍රේමය ලැබීම?' විමසුවා සතුට
'නිරන්තර අඳුරෙන් මිදීමක් සේ විය' පැවසුවෙමි
'ජීවිතකාලයක නිහඬ බව බිඳීමක් සේ විය'

'කෙබඳු වී ද ඔහුව අහිමි වීම?' විමසුවා ශෝකය
දිගු නිහැඬියාවකින් පසු පැවසුවෙමි,
'ජීවිතය පුරා ලද සියලු සමුගැනීම් එකවර සිදුවුණා සේ විය'

--------------------------------

'What was it like to love him?' Asked Gratitude.
'It was like being exhumed, I answered, 'and brought to life in a flash of brilliance.'

'What was it like to be loved in return?' Asked Joy.
'It was like being seen after a perpetual darkness,' I replied.
'To be heard after a lifetime of silence.'

'What was it like to lose him?' Asked Sorrow.
There was a long pause before I responded:
'It was like hearing every goodbye ever said to me—said all at once.'

- Lang Leav




1 comment:

  1. ආදරය කාලය ගත වෙන්න කලින් නැතුව ගියාම සුභවාදී මතකයන් එක්ක ජීවත් වෙන්න පුළුවනි

    ReplyDelete