'You know what charm is: a way of getting the answer yes without having asked any clear question.'— Albert Camus (The Fall)

March 08, 2025

කතන්දර - චිත්‍ර!

මගේ කෙටිකතා පොත් දෙක පළ වෙලා දැන් අවුරුදු කීපයක් වෙනවා. සහස් පියවර පොත ලියලා නම් අවුරුදු හයකුත් වුණා. ඒත් තාම මට පොත් කියවූ අයගෙන් විවිධ ප්‍රතිචාර ලැබෙන එක හරිම සතුටු කාරණයක්. මම හිතන්නේ ලියන කෙනෙකුට තමන්ගේ නිර්මාණයක් අනිත් අය රස වින්දා කියලා අහන්නට ලැබීම තමයි උපරිම සතුට. 

මට ළඟදී එහෙම පණිවිඩයක් ලැබුණා දක්ෂිණා වික්‍රමසිංහ නංගීගෙන්. මගේ කෙටිකතා රස වින්දා ට අමතරව ඈ තව පියවරක් ඉස්සරහට ගිහින්. ඒ සමහර කෙටිකතා කියවද්දී ඇගේ හිතේ මැවුණු රූප ඈ ඩිජිටල් චිත්‍ර බවට පත් කරලා. දක්ෂිණා මේවා මාත් එක්ක බෙදාගත්තාම මට පුදුම හිතුණා. ඒ කතාවල සාරය ඇගේ හිතට කා වැදුණු බව මේ නිර්මාණවලින් පැහැදිලියි. අනික මේවා මම ආසම විදිහේ සරල, සුන්දර චිත්‍ර!

ඉතින් දක්ෂිණා, මගේ කතන්දර වලට තව මානයක් එක් කළාට, ඒවා මාත් එක්ක බෙදා ගත්තාට බොහොම ස්තූතියි නංගි 🩷










4 comments:

  1. අනේ හරිම අපූරු චිත්‍ර ටිකක්
    මොකක්දෝ හුරුපුරුදු බවක් වගේ එකක් දැනෙනවා
    nostalgic........................

    ReplyDelete
    Replies
    1. කුමුදු මං හිතන්නේ ඒ කතා කියවද්දී හිතේ ඇඳුනු චිත්‍රවලට කිට්ටු නිසා වෙන්නැති

      Delete
  2. මම හරිම ලාලසාවකින් කියවපු කතා ටිකක් මේ! ඉතින්, මේ චිත්‍ර ටික මාව ලස්සන ලෝකෙකට ගෙනිච්චා!

    ReplyDelete
    Replies
    1. ඒ බව අහන්න සතුටුයි වර්ෂා!
      ඔව් මටත් හරි ආසා හිතුණා මේ චිත්‍ර දැක්කාම

      Delete