February 27, 2018

Early Autumn





















-එක වැනිම ගස් පෙළක් කොළ පැහැයෙන් බබලද්දී එක ගසක පමණක් පත් රත් පැහැ වී ඇත 

හරිතවන් සිහිනෙක මැද 
සරද්දී නුඹ හැම දෙන 
රත් පැහැති සළු පොරවා 
සන් කරමි සිසිරය වෙත 

පත් එකින් එක අත්හැර 
පා කරද්දී සුළඟට 
සරතයක මුදු ගී තනු 
ඇසේවී බෝ දුර සිට

දුවවා කෙසර මුල් රැස
බදා සීතල පොළොවම 
සිසිරයේ නිද්‍රාවට
කල් තබා එළඹෙමි මම

සීතලම හදවතකට
කුමටද දැවෙන උණුහුම
සදාකල් සිසිරයකට
හිරු නිවමි හුස්මක් පිඹ


photo-Burwood- Vic

7 comments:

  1. කලින් කොළ හලා සූදානම් වන ගසට, අනිත් ඒවාට කලින් මල් පුබුදු කර, මුලින්ම එන මීමැස්සන් ආකර්ෂණය කර ගත හැකි වේවි.
    ඒ උනාට මෙහෙම කියමනකුත් තිබෙනවා නේද? He who laughs last, laughs best !

    ReplyDelete
    Replies
    1. Early bird gets the worm; Early worm gets eaten.

      Delete
    2. මේ ගහ මම දැන් වැඩකරන ගොඩනැගිල්ල ඉස්සරහා තියෙන්නේ. මම ඒ ගැන උනන්දු වෙනවා දැකලා මාත් එක්ක වැඩකරන කෙනෙක් මට ඒකෙ ඉතිහාසය කිව්වා. ගොඩනැගිල්ල හදලා ඉවරවුන අලුතමයි මේ ornamental pears ගස් පේලිය ගෙනත් හිටවලා තියෙන්නේ. ඒ කියන්නේ තරමක ලොකු ගස්. ගස් කොම්පැනියෙන් ඇවිත් ගොඩනැගිලි හදලා ඉතුරුවුණු සුන්බුන් ගොඩේම ගස් ටික හිටවලා ගියාලු. කිසිම පෝරක් නැති තැනක හිටවපු නිසා ගස් ටික ඔක්කොම මැරෙයි කියලා හැමෝම හිතලා. ඒත් ඒවා කොහොමහරි survive වෙලා. ඒත් මේ ගහ විතරක් එදා ඉඳන්ම අමුතුයිලු. මේ විදිහට කලින් කොළ ඔක්කොම හැලිලා යනවලු. අලුතින් කොළ එන්නේත්, මල් පිපෙන්නේත් හොඳටම පරක්කු වෙලා ලු. ඒ කියන්නෙ අසනීපකාරයෙක්!

      Delete
  2. අපූරු අදහස මලී.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමින්ද!

      Delete
  3. What makes you different makes you beautiful.. :D..

    ReplyDelete
    Replies
    1. in this case could also make you dead! :D

      Delete