April 27, 2017

ඈෂ් ගස


ඈෂ් ගස
මඟ අසල

සරත් කල උදෑසන
මිහිදුමෙන් සළු අඳින,
කහ පැහැති පත් අතර...
ගීත තවරා තබන,
අඩ අඳුර, ලා එළිය
අතර හිඳ සිනාසෙන,


ඈෂ් ගස
නුඹ ය මට,
කතා සහසක් කියන





[මම වැඩට යන පාරේ ඈෂ් ගහක් දකිනවා හැමදාම. පුදුම වැඩේ කියන්නේ වසන්ත කාලේදී, ගිම්හාන කාලේදී විශේෂයෙන් පේන්නේවත් නැති මේ ගහ, සරත් කාලේදී කැපිලා පේන්න පටන් ගන්න එක. අනිත් කාලවලදී කොළ පාටින් පිරිලා තියෙන ඈෂ් ගහ ටිකෙන් ටික පරිසරය සීතල වෙද්දී ලස්සන කහ පාටකට හැරෙනවා. ඒක ඈත තියාම දිස්නේ දෙන, මතක හිටින පාටක්. තව ටික දවසකින් මේ ලස්සන, සීත කාලය බිලිගන්න බව නම් දන්නවා. ඒත් මේ ලස්සන ගහට පුංචි සැමරුමක් දෙන්න මේ චිත්‍රය අඳින්න හිතුනා]

4 comments:

  1. ඔය Ash ගසේ ලස්සන කොළ වලින් පෙන්වන්නෙත් ඇතිවීම්. පැවතීම, නැතිවීම යන කිසි කෙනෙකුට මැඩ පැවැත්විය නොහැකි සොබා දහමේ නිරුපනයක් නේද?

    ReplyDelete
    Replies
    1. ගස් වල කොළ හැලෙන කාලෙට නම් ඒ බව හොඳටම දැනෙනවා

      Delete
  2. රැකගන්න ඈෂ් ගස
    නපුරු කුරුමිනියගෙන්
    "එමරල්ඩ් ඈෂ් බෝරර්"
    වින කරයි ඔය ගසට

    අපේ පැත්තේ තියෙන ඈෂ් ගස් රැක ගන්න ලොකු ගේමක් දෙන්නේ.
    (හැබැයි මේ ඔසී රටේ නම් නෙවේ)

    ReplyDelete
    Replies
    1. එහෙම කරදරයක් ගැන අහලා තිබුණේම නැහැ! මෙහේ නම් ඈෂ් බෝරර් ලා නැහැ වගේ- හොඳ උස මහත ඈෂ් ගස් නිතර දකින්න තියෙන නිසා. ස්තූතියි ඇනෝ :)

      Delete