September 11, 2024

ගිම්හාන කවිය




නිවසින් නික්මී
විවිධ දේ බලන්නට යමි

දකිමි,
දිලිසෙන හරිත සමක් ඇති ගෙම්බිය
ලිහිසි වේල් පටක් වැනි ඇගේ බිත්තර
රන් පැහැති දාර ඇති දෑස

ඉහලට මතු වූ නෙලුම් මල් සහිත විල
තැන තැන රෝස පැහැ මල් ඉහිරුණු
එහි උණුසුම් ඉවුරු
සහ දීර්ඝ, නිශ්චල හවස් වරුව

බිමට වට සුදු වලාකුළක් වැනි
සුදු කෙකින්න
සෙමෙන් එක් අඩියක් තබා
මඳක් නැවතී
අනෙක තබන්නීය

බලා සිටිමි
නිසල දිය මත

තමන්ගේම මෘදු පා සටහන් කවිය
ලියන අයුරු

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Translation of the poem ‘Summer Poem’ by Mary Oliver

Mary Oliver (1935-2019) ඇමෙරිකාවේ ඔහයෝ ප්‍රාන්තයේ උපත ලැබූ කිවිඳියකි. ස්වභාව ධර්මයේ සුන්දර බව කවියට කැටි කරගැනීමට මහත් සමත්කමක් දැක්වූ ඇය, කවි පොත් තිහක් පමණ පළ කර තිබේ. Mary Oliver කාව්‍යකරණය සඳහා පුලිට්සර් සම්මානය ඇතුළු සම්මාන රැසක් හිමි කරගෙන තිබේ.

ලන්ඩන් කවි - සැප්තැම්බර් 2024 කලාපය https://tinyurl.com/4s3n8ra5

Digital art


13 comments:

  1. ++++++++++++++++++++👌💐
    වැට කලින් කයියට ඈ?🙏
    ඉස්සර මාත් ගෙම්බියෙක් බලන්න ගියා. පස්සෙ ගෙම්බි පැනලා ගියා. වැරැද්දක් කියන්නත් බෑ නෙව? පනින එක එයාලගෙ ජානමය ගතියක්.🤔

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. බස්සා කම්මැලිකමට පෝස්ට් දෙකක කමෙන්ට් එකක දානවා වගේ!
      ගෙම්බියෝ නම් ඔහොමම තමයි. පැනිල්ල උපතින් අරන් ආව අයනේ. අනික බස්සන්ට ගැලපෙනවද ගෙම්බියෝ?

      Delete
    3. මාත් ආස සින්දුවක්, අමරදේව මාස්ටර්ගේ වියපත් කටහඬ නිසා විශේෂයි

      Delete
  2. හරි අපූරුයි
    හිතට තවත් බරක් එකතු කලේ නැහැ නෙව
    එහෙම කවිත් තියෙනවා එහෙනම්

    ReplyDelete
    Replies
    1. ඔව් කුමුදු, මේ කිවිඳිය සාමාන්‍යයෙන් කවිවලට නොගන්න නිමිති යොදාගන්නවා හරියට, එයින් ඒවායේ ලස්සන වැඩිවෙනවා.
      මේ අර මම ගත්තා කීව පොතෙන්, තව පරිවර්තනය කරන්නම්.

      Delete
  3. පොඩි කතාවක් වගේ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එහෙම දැනෙනවා තමයි

      Delete
  4. ගෙම්බියෙක් දිහා මේ තරම් උනන්දුවෙන් බැලුවා කියන්නෙ කොච්චර හොඳයිද.

    මලී ඒ කිවිඳියගෙ ෆේමස් කවියක් එනවා The Summer Day කියලා. මේක නම් ගූග්ල් කලාම එන්නෙ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. Lotus- මේ කවිය ටිකක් අප්‍රකට එකක් තමයි . මම මෙයාගේ කවි පොතක් ගත්තනේ , ඒකෙන් හොයාගත්තේ . මෙන්න ඔරිජිනල් කවිය .
      ~Summer Poem~
      Leaving the house,
      I went out to see
      the frog, for example,
      in her shining green skin;
      and her eggs
      like a slippery veil;
      and her eyes
      with their golden rims;
      and the pond
      with its risen lilies;
      and its warmed shores
      dotted with pink flowers;
      and the long, windless afternoon;
      and the white heron
      like a dropped cloud,
      taking one slow step
      then standing awhile then taking
      another, writing
      her own softfooted poem
      through the still waters.

      Delete
  5. කොතෙක් සරල පරිවර්තනයක වුණත් මනරම් තානයක් දවටන්න ඔබට පුළුවන්! එය තෝරාගන්න ඔරිජිනල් පොයම් එක නිසාම එක් වන රහක් නොවෙයි. ඔබට අනන්‍ය දෙයක්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වර්ෂා !
      සමහරවිට ඒ එක කාලයකදී මාත් කවි ලීව කෙනෙක් නිසා වෙන්නැති. අනෙත් දේ තමයි සිංහල භාෂාවේ සුමට බවට මම හරිම ආසයි. මේ කවි සිංහලට හරවද්දී ඒ නිසාම ඒවාට තවත් කවීත්වයක් එකතුවෙනවා කියලා මට හිතෙනවා.

      Delete