June 28, 2025

වැසි දිනක දී



මෝනිං ග්ලෝරි මල් ගාලේ
ඇදී යන ගොළුබෙල්ලන්
රෝස පැහැති හිම යානා පදවන්නන් මෙනි
රාස්බෙරි පඳුරේ
රත් පැහැ ඇඟිලි වන් එල මැද
මකුළුවෙකු තද නින්දේ ය
මා කුමක් කළ යුතු ද?
මා කුමක් කළ යුතු ද?

වැස්ස සෙමෙන් ඇද හැලේ
ඒ මැද පුංචි කුරුල්ලන් පමණක් නොව
කුරුමිණියන් පවා ප්‍රීතියෙනි
හරිත පැහැ පත්‍ර
වැසි දිය සියල්ල උරාගනිමිනි
මා කුමක් කළ යුතු ද?
මා කුමක් කළ යුතු ද?

දෙබෙරෙකු,
තම කඩදාසි මාලිගාවේ පිල උඩ සිටී
නිල් පැහැති කෙකින්න වළාකුලකින් පාව එමිනි
අඳුරු දියෙන් ඉහළට පනින මාළුන්ගේ 
පෙනෙන්නේ මුව සහ දේදුන්නක් පමණි

අද උදෑසන
විලේ වූ නෙලුම් මල්
මොනේ ගේ චිත්‍රයේ නෙලුම් මල් වලට නොදෙවෙනි විය
දෙනියේ ගැවසෙන කුඩා දරුවන්
ඉන් ඉවතට කැඳවාගෙන විත්
කීකරු ලෙස, ප්‍රයෝජනවත් ලෙස
ශිෂ්ටත්වයේ අකුරු වෙත යොමු කරන්නට
මට තවදුරටත් උවමනා නැත
ඔවුන් තෘණ පැලයකට වඩා උසස් යැයි උගන්වන්නට
මට අවශ්‍ය නැත
(ඔවුන් ඊට වඩා උසස් නැත)

Translation of the poem 'Early Morning, My Birthday' by Mary Oliver
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 

Digital art


6 comments:

  1. කල්ලො, බල්ලො අරං එන නිසා බස්සො සෞභාව සෞන්දර්‍යය රසවිඳින්න බැක් යාර්ඩ් එකට යන්නෙ නෑ. ඒත් මෙහෙම එව්වා නං අවුලක් නෑ.👌💐

    ReplyDelete
    Replies
    1. බස්සෝ ස්වාභාව සෞන්දර්යය විඳින්නේ රෑට නෙමෙයිද? :D
      ඔලිවර් නෝනාගේ කවි වල නම් තනිකරම තියෙන්නේ nature. ගහක්, ගලක්, මලක් නැති කවියක් නැති තරම්

      Delete
  2. මම English version එකත් කියවලා ආවෙ, මලී; ඒකෙ වචනත් හරිම ලස්සණයි. මලීගෙ සිංහල වචන ඊට නොදෙවෙනිව ලස්සණයි. එයාගෙ හුඟක් කවිවල කෙකින්න ඉන්නවා නේද.

    මම බලපු version එකේ, කවියට පහලින් මේ quote එක (which I believe is Mary Oliver's) තිබුණා ".... I learned, that the world’s otherness is antidote to confusion – that standing within this otherness – the beauty and the mystery of the world, out in the fields or deep inside books – can re-dignify the worst-stung heart.” Beautifully put නේද.

    ReplyDelete
    Replies
    1. ඔව් Lotus, එයාගේ වචන හරි ලස්සනයි, ඒ වගේම සරලයි. ඇත්තටම පරිසරය රස විඳලා මිසක් මෙහෙම ඒ ඇසුරෙන් wisdom ලියන්න බැහැ. Love that quote too.

      //එයාගෙ හුඟක් කවිවල කෙකින්න ඉන්නවා නේද.//
      Heron ගැන ලියලා ඊළඟ පේළියේ 'she' කියලා තිබ්බ කවි වලට තමයි මම මුලදී කෙකින්න කියලා පාවිච්චි කරන්න ගත්තේ. මේකේ නම් she තිබ්බේ නැහැ. ඒත් 'කොකා' කිව්වාම කැත නිසා මේකටත් එහෙමම දැම්මා :D

      Delete
  3. ඇත්ත...පරිසරය හොඳටම විඳගෙන තියෙනවා එයා. මං හිතන්නේ, පරිසරය විඳපු අවසාන generation එක විදියට අපිට සෙල්ලම් කරන්න කිසිම සෙල්ලම් බඩුවක් ඕන වුනේ නැති අවස්ථා ඕන තරම් තිබුන නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් කුමුදු- ඉස්සර නිවාඩු කාලවල එහෙම උදේ එළියට බැස්සාම ආයෙත් ගෙදර එන්නේ බඩගිනි උනාම නේද? ඒ කාලේ අම්මලාටත් එහෙම අපි ගැන හොයන්න, බයවෙන්න ඕන වුණේ නැහැනේ.
      Mary අපිටත් කලින් පරම්පරාවේ නිසා අපිටත් වැඩිය ඒ අවස්ථාව ලැබෙන්න ඇති.

      Delete