ඔය කාඩ් වල ලියන පිළිවෙළකුත් තිබුණා. පෝස්ට්කාඩ් වර්ගයේ ඒවා හදලා තිබුණේ මුද්දරයක් ගහලා තැපැල් කරන්නයි. හැබැයි අපි නම් ඕවා දුන්නේ අතේ. ඒ නිසා අපි වැඩි හොඳට ඒ මුද්දරය අලවන්න තිබ්බ කොටුවේ 'අතේ තැපැල්' කියලාත් ලිව්වා. දැන් නම් ඒවා මතක් වෙද්දී අයියෝ කියලාත් හිතෙනවා! මීට අමතරව අපි 'මිතුරිය වාසනාට මිතුරිය හෙල්මලීගෙන්' වගේ මාර formal විදිහට තමයි කාඩ් වල ලීවේ මේ එදිනෙදා හම්බවෙන යාලුවන්ට. ගුරුවරුන්ට ලියද්දී කීකරු සිසුවිය වගේ විශේෂණ පද ත් දැම්මා. මම ලංකාවේ ඉස්කෝලේ යන්න පටන් ගත්තේ පහේ පන්තියේ ඉඳන් නිසා මට මේ අප්රකාශිත වෙසක් කාඩ් හුවමාරු රීති ටික මුල ඉඳන් ඉගෙනගන්න වුණා ඉතින්.
හැබැයි ඉතින් වෙසක් සතිය පහු වෙද්දී යාලුවන්ගෙන් ලැබුණු වෙසක් කාඩ් මිටිය මේස පුරා අතුරලා ආයෙත් ආයෙත් හැඩ බලමින්, මේ වතාවේ කීයක් ලැබුණාද කියලා ගණන් කරමින් අපි හරි සතුටු වුණා. ඊළඟ අවුරුද්දේ පොත් වලට පිටකවර දාද්දි අලවන්න පින්තූර ගන්නෙත් මේ කාඩ් එකතුවෙන් තමයි. බුද්ධාගම පොතට නම් අනිවාර්යයෙන් ඇලෙව්වේ ලොකු බුදු පිළිමයක් තිබුණු කාඩ් එකක්. අනිත් පොත් වලට අර රෝස මල් එහෙම තිබුණු කාඩ් ප්රයෝජන වුණා.
ලොකු පන්තිවලට යද්දී මේ කාඩ් හුවමාරු පුරුදු නැතිවුණා කියලායි මතක. නෑදෑ කෙනෙක්ගෙන් එහෙම ඇත්තටම තැපෑලේ ගෙදරට ආව කාඩ් එකක් දෙකක් විතරයි ඒ කාලේ වෙසක් කාලෙට ගෙදර තිබුණේ.
දැන් ලංකාවේ කඩවල වෙසක් කාඩ් විකුණන්න තියෙනවාද, ළමයි ඒවා හුවමාරු කරගන්නවාද කියලා හරියටම දන්නේ නැත්තේ මමත් ලංකාවෙන් පිටවෙලා දශක දෙකක් විතර ගතවෙලා නිසා. අපි නිවාඩුවට ලංකාවට ගිය එක සැරයක වත් වෙසක් කාලයක යන්නත් බැරි වුණා. කොහොම කළත් ඒ වෙසක් කාඩ් මතක ටික නම් බොහොම සුන්දර බව තේරෙන්නේ මෙහෙම අතීත මතක සවාරියක ඇවිදලා ආවාම තමයි.
-පරණ වෙසක් කාඩ් වල පින්තූර හොයාගන්නත් නැති තරම් දැන්. මේ පින්තූරය bbc.com පිටුවෙන්
හෙහ්, හෙහ් . අර 'අතේ තැපැල්' සහ "කීකරු සිසුවිය" වගේ කෑලි නියමයි. සුන්දර මතකයක්. වෙලාවකට හිතෙනවා ලමා කාලෙ සරලයි, සුන්දරයි කියලත්. ඒත් මට මතක විදිහට බලාගෙන හිටියෙ ලොකු වෙලා හම්බ කරන කං. එදා සරල, ලාභ, පොඩි දේ වලින් අපි ලබපු සතුට ගැන හිතුවාම තේරෙනවා හැම දෙයක්ම මානසිකයි කියලා.
ReplyDeleteබස්සා - ළමා කාලේ සුන්දර -වගකීම් සහ commitments අඩු නිසා නේ?
Deleteහැබැයි ඒ කාලේ වැඩිහිටියන්ට තිබුණු වරප්රසාද ලබන්න අපි ඇඟිලි ගැන්නා. අපිත් වැඩිහිටියෝ වුනාම තමයි තේරෙන්නේ ඒවා වරප්රසාද නෙමෙයි යුතුකම්, වගකීම් කියලා!
ඒ කාලේ ඒක ඒ තරම් පොඩි දේකුත් නෙවෙයි මම හිතුවෙ. ඒ අපිට කරන්න තිබුන ලොකුම දෙයක් තමයි. ඊට පස්සේ ඒවා අලවලා තොරන් හැදුව මතකයි. ඔයා ඔය ලියපු ටික මට දැනෙන්නෙ මම ලිව්වා වගේ
ReplyDeleteකුමුදු, අපේ යුගේ කාටත් මේ වගේ අත්දැකීම් තිබුණා නේද? ඔව් පොඩි දේවල් නෙමෙයි, මේවා තමයි අපිට තිබ්බ හයිලයිට්ස්! අපේ ළමයින්ට නම් මේ සරල සතුට තේරෙන එකක්වත් නැහැ
Delete
ReplyDelete++++++++++++++++
Thanks Pra!
Deleteඑහෙම කාලෙකුත් තිබුණා තමයි නේද 😃.
ReplyDeleteදැන් නම් ඉතින් ට්රෙන්ඩ් එක දන්සල් වඳින එක මම හිතන්නෙ. කන්න බොන හොඳට තියෙන අයයි, නැති අයයි ඔක්කොම පෝලිම්වල ඉඳලා අන්තිමට ජීවිතත් අනතුරේ දාගන්නවා. අනේ මන්දා... මේ රටවල ඉන්න ලංකාවෙ අයත් එහෙමනෙ. මම දැක්කා YT විඩියෝ එකක රෝස් පාන් දන්සැලකට ගිහින් ඊට පස්සෙ අයිස් ක්රීම්, බිස්කට්+tea, ආප්ප සහ අන්තිමට බිරියානිත් කන්න යනවා. මුකුත් කියන්නත් හොඳ නෑ එක එක්කෙනා සතුටු වෙන විදිනෙ 🤗
Lotus - අපිත් ඕක කතා වුණා. දැක්කාද මෙල්බර්න් වල මේ පාර තිබුණු දන්සැල් තොගය? දැන් නම් ඒක තරඟයක් වගේ වෙලා. ලංකාවේ දන්සැල් වලින් නම් අනිත් සෙනඟ අතරේ දුගී මගී යාචකයොත් වේල් දෙක තුනක් වත් බඩ කට පිරෙන්න කනවා ඇතිනේ. ඒකට ඉතින් මෙහෙ නම් එහෙම අහේනියක් ඇති අය නෙමෙයිනේ ඒවායින් කන්නේ. මට නම් වස කම්මැලි වැඩක් පැය ගණන් පෝලිමේ ඉන්න. අනික මේ හීතලේ!
Delete