May 07, 2026

බල්ලන්ගේ සොඳුරු බව




“මට හිතුණා වැලි තලාවේ වාඩිවෙලා
පුර හඳ පායන හැටි බලන්න
මොකද කියන්නේ පර්සි? යමුද?”

ඉතින් සඳ දුරින් නැඟෙමිනි, කෙතරම් සුන්දර ද?
ඒ දසුන මට මා ගැනම සිතන්නට පොළඹවයි
දෙව්ලොව ගැන කල්පනා කරන
අංශු මාත්‍රික ජීවියෙක්මි
සඳේ පරිපූර්ණ රූ සපුව ගැන
කෘතඥ වෙමි
ලෝකයට ප්‍රේම කිරීම
කෙතරම් පොහොසත් ක්‍රියාවක් ද!

මේ අතරතුර පර්සි
මගේ ගතට ඇල වී
මගේ මුව දෙස බලාගත්වනම සිටින්නේ
ඔහුගේ ලෝකයේ පරිපූර්ණ සඳ
මා යැයි සිතමින් මෙනි

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක 

Translation of the poem 'The Sweetness of Dogs' by Mary Oliver

Digital sketch

3 comments:

  1. Oooo.........I love you Percy............

    ReplyDelete
  2. පර්සි..... පර්සි.... පර්සි...... 😃😃😃

    “මේ අතරතුර පර්සි මගේ ගතට ඇල වී මගේ මුව දෙස බලාගත්වනම සිටින්නේ...“ මලී දකින්න ඇතිනේද Punch කියන පුන්චි වඳුරු (macaque) පැටියගෙ විස්තර. උපතේදී එයාගෙ අම්මා විසින් අත් ඇරලා, zookeepersලා එයාව බලාගෙන, plushie toy කෙනෙක් අම්මා විදිහට ළන්කරගෙන හිටිය. Punch ගැන විඩියෝ එකක් මම දැක්කා; එයාව ලොකු වඳුරෙක් බුලි කරලා, zookeeper කෙනෙක් ඇවිල්ලා Punchව වඩාගෙන Punchට තුවාලද කියලා පරීක්ශා කරනව. ඒ වෙලාවෙ Punch, zookeeperගෙ ඇස් දෙක දිහා බලාගෙන, එයාගෙ මුහුණ ඔහුගෙ පපුවට කිට්ටු කරගන්නවා. Such a beautiful interaction 🤗.

    "ලෝකයට ප්‍රේම කිරීම කෙතරම් පොහොසත් ක්‍රියාවක් ද!" Not many people can do it.

    ReplyDelete