tag:blogger.com,1999:blog-1902291384827754492.post928606243577455032..comments2024-03-27T18:43:58.415+11:00Comments on Hot Chocolate Days: ගුරුවර මතක මලීhttp://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-1902291384827754492.post-58021033442991475852019-05-15T23:03:52.881+10:002019-05-15T23:03:52.881+10:00Mahee needa? Ithaama pahath ganayee bhaashaa shayi...Mahee needa? Ithaama pahath ganayee bhaashaa shayiliyak thibunaa,api o/L karana awurudde staff room eka issaraha panthiye hitiye ,hamadaama udeeta nowaradawaa baninawaa ,mulu panthiyama office eka issaraha kaanuwe dana gaswuu awasthaa noaduwa thibeeDianahttps://www.blogger.com/profile/04397208000199211301noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-40548750967814114802018-07-09T14:17:41.904+10:002018-07-09T14:17:41.904+10:00ඔයා 1996 දී ඉස්කෝලෙට ආව අවුරුද්දේ තමයි මම AL කළේ! ...ඔයා 1996 දී ඉස්කෝලෙට ආව අවුරුද්දේ තමයි මම AL කළේ! අනේ 6 වසරේ බට්ටෙක් වෙලා ඔයා ඉන්නත් ඇති මම ඉන්දැද්දීත් :) සුමී මිස් නම් වයසට යන්නේ නැහැ නේද? මම ලඟදි පින්තුරයක් දැක්කා ඒ විදිහමයි. ඔයගොල්ලන්ට චිත්‍ර වලට වැඩිපුර ලකුණු දෙන්න ඇත්තේ ළමයි චිත්‍ර අතඇරලා යයි කියලා බයේ වෙන්න ඇති. ඔයා විස්වාස කරන එකක් නැහැ මට චිත්‍ර වලට මුළු ලකුණු 50% හම්බවෙලා තියෙනවා මිස්ගෙන්. ඉතින් අපේ වගේ ඉස්කෝලෙක එහෙම වුනහම පන්තියේ 'වෙනියා' බහිනවානේ හෝ ගාලා. ඒ කාලේ ඕවා තමයි පොළොව නුහුලන අපරාධ! අපි ඉන්න කාලේ චිත්‍ර කාමරේ තිබුණු තැන දැන් තට්ටු තුනේ ගොඩනැගිල්ලක් හදලා. ඒක තිබුණේ ඝාණ්ඨාරේ පැත්තේ නෙමෙයි, ඉස්කෝලේ මුල්ලක. එහාපැත්තේ සංගීත කාමරේ. අපි ඉතින් සරිගම තාලෙට චිත්‍ර ඇන්දේ! ඉලෙක්ට්‍රික් බෙල් එද්දී අපි අස් වෙලා :)

අනිත් එක්කෙනාව නම් ඔයා දන්නේ නැති වෙන්න විදිහක් නැහැ, අපි අයින් වෙද්දීත් එයා අංශභාර වෙලා හිටියා- මට මතක හැටියට 6,7,8 පන්ති වලට. විද්‍යාව ඉගැන්නුවේ. 'මිහිකත පාලනය කරන' වගේ නමක් තියෙන්නේ ;)මලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-87384527140755892732018-07-07T21:54:22.053+10:002018-07-07T21:54:22.053+10:00අනේ අක්කේ, මේ ලිපියට පාර පෙන්නුවාට ඔයාට ගොඩක් ස්තූ...අනේ අක්කේ, මේ ලිපියට පාර පෙන්නුවාට ඔයාට ගොඩක් ස්තූතියි. මේක මට මග ඇරිලානේ. සුමී මිස් ගැන කියලා තියෙන ටිකනම් ඇත්තම ඇත්ත. මම ඉස්කෝලේදි ගුටි කාලා තියෙන්නේ ඒ මිස්ගෙන් විතරමයි. ඒත් අදටත් මං - මං විතරක් නෙවෙයි මිස්ගෙන් ඉගෙනගත්ත හැමෝම - මිස්ට හරි ආදරෙයි. ඒ කාලේ තිබ්බ සැර මුකුත් දැන් නෑ අනේ, මට දැන් අවුරුදු කීපයකට උඩදිත් මුණ ගැහුණා. ඒ කාලේ බුදු මැදුරයි බෞද්ධ සංගමේයි තිබුණේත් මිස්ගේ භාරයේ. චිත්‍ර කාමරේ එහා පැත්තෙනේ අපේ සීනුව වෙනුවට පාවිච්චි කරපු ඝාණ්ඨාරේ තිබ්බෙ. අක්කාට මතකද? පස්සෙ ඒක වෙනුවට තිබුණ ඉලෙක්ට්‍රික් සීනුවටනං මං කැමතිම නෑ.

අක්කා කිව්වට විශ්වාස කරනවද මිස්ගෙන් මට එක සැරයක් චිත්රවලට ලකුණු සීයෙන් අනූ දෙකක් හම්බවුණා. අපේ ග්‍රේඩ් එකේ චිත්‍ර කරපු ළමයි හැමෝටම ඒ වාර විභාගෙදි එහෙම බෝනස් හම්බවෙලා තිබුණා. ඒ අපිට සෞන්දර්ය විෂයක් විදිහට චිත්‍ර හෝ නැටුම් හෝ සංගීතය වෙනුවට ඉංග්‍රීසි සාහිත්‍යය තෝරගන්න අවස්ථාව ලැබුණ වෙලාවෙදි. ඒ කියන්නේ නවය වසරේ අන්තිම වාර විභාගෙදි. මිස් එච්චර ලකුණු දීලත් මං ඉතිං ඒ වෙද්දි ඉංග්‍රිසි සාහිත්‍යය තෝරගන්න හිත හදාගෙන ඉවරයි. ඒ තමයි මගේ ජීවිතේ වෙනස් කරපු විෂය. ඉංග්‍රීසි සාහිත්‍යය.

අක්කා මේ කියන අනිත් ගුරුතුමිය ගැනනම් මට හිතාගන්න බැහැ. මම ඉස්කෝලෙට ඇතුළු වුණේ 1996 අවුරුද්දෙදි. මට මුණගැහුණු හැම ගුරුවරයෙක් ගැනම සුමී මිස් ගැන වගේ කතා කරන්න බැහැ. සමහර ගුරුවරුන් ඊටත් වඩා බොහොම ආදරණීයයි, සමීපයි. තවත් ගුරුවරු ඒ ශ්‍රේණියෙදි ඒ විෂය උගන්වපු ගුරුවරයෙක් කියන ගෞරවයෙන් විතරක් හිතේ රැඳිලා තියෙනවා. ඒත් මේ අක්කා කියපු තරම් හිතේ නොපහන් මතකයක් ඉතිරි කරපු කෙනෙක්නම් මට නැහැ. කොහොමවුණත් එකම ටියුෂන් පන්තියකටවත් නොයා සාමාන්‍ය පෙළ ඉහළින්ම සමත් වෙන්න මට පුළුවන් වුණේ මට ලැබුණු ඒ ආදරණීය ගුරුවරුන් හැම දෙනාම නිසා. උසස් පෙළ ගැනනම් කතා කරන්න එපා, ඒක වෙනම කතාවක්. එතන වරදක් තියෙනවානම් ඒ තනිකරම මගේ වරද. ඕ ලෙවල් වාගෙම සෙල්ලමෙන්, සැහැල්ලුවෙන් ඒ ලෙවලුත් ගොඩ දාගන්න පුළුවන් වෙයි කියලා හිතපු මගේ වරද. :Dසිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-74256098698161421782017-12-30T08:28:24.088+11:002017-12-30T08:28:24.088+11:00Thattaya-ස්තූතියි. සිසු අවධියේදී ගුරුවරුන්ගේ දේව ග...Thattaya-ස්තූතියි. සිසු අවධියේදී ගුරුවරුන්ගේ දේව ගතිත් කුඩුකේඩු ගතිත් අපිට බොහොමත්ම දැනෙන්නේ සමාජ අත්දැකීම් අඩු නිසා වෙන්නඇති නේද? දැන් ආපිට බලද්දී ඒ අයත් මිනිස්සු.. ප්‍රශ්න තියෙන්න ඇති..ඒ ප්‍රශ්න ළමයි පිටින් යවන්න ඇති වගේ දේවල් හිතෙනවා. කොහොම වෙතත් තමන් ගැන සිසුන්ට හොඳ හෝ නරක lasting impression එකක් ඇතිවෙන බව ගුරුවරු මතක තියාගන්න ඕන.
//"ජීවිතය යනු දකුණට යන දුම් රිය ගමනක් නම් ගුරුවරයා යනු අළුත්ගමදී ; වතුර ටික බී ඉවත දමන වෑවරයකි!"// ඒක නම් නියම උදාහරණේ! මලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-57009297066159933052017-12-29T20:11:31.900+11:002017-12-29T20:11:31.900+11:00ගුරුවරු කියන්නේමහා පුදුමාකාර පිරිසකි! බොහෝ අය දෙවි...ගුරුවරු කියන්නේමහා පුදුමාකාර පිරිසකි! බොහෝ අය දෙවිවරු සේය! තවත් පිරිසක් කුඩුකේඩු චරිථයන්ය. මියගිය නීති විදුහලේ කථිකාචාර්ය වර්යෙකුවූ ආර් පල්ලෙවෙල මහතා කියන්නේනම් "ගුරුවරයා යනු මිනිසා අතර ලමයෙකි! ලමයින් අතර මිනිසෙකි කියාය."ඒකට මට හිනා! හිනා!!" නමැති පොතේ දක්වා ඇත්තේ "ජීවිතය යනු දකුණට යන දුම් රිය ගමනක් නම් ගුරුවරයා යනු අළුත්ගමදී ; වතුර ටික බී ඉවත දමන වෑවරයකි!" කියාය.
කෙසේ වෙතත් මා ; මාහට යුතු අයුතුකම් කල සියළු ගුරුවරුනට ඉතාමත් ගෞරවයෙන් සළකන්නෙක්මි.ඒ මා පාසලෙන් හා මාගේ පියාණන්ගෙන් ලත් ආභාශයෙන්ය. මන්ද මට හමුවූ නරකම ගුරුවරයා වුවද ; මෙලොව එක් නරකම ශිෂ්‍යයෙකු හට හෝ නිවැරදි මග පෙන්වා ඇතැයි මා තුල ඇති විශ්වාසයය. අනර්ඝ ලිපියක්! Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-85405472278100123342017-12-28T23:37:13.659+11:002017-12-28T23:37:13.659+11:00ඉන්නවා.. ඉන්නවා.. මේක ලියද්දිත් මතක්වෙලා ගිහින් බල...ඉන්නවා.. ඉන්නවා.. මේක ලියද්දිත් මතක්වෙලා ගිහින් බලල ආවා.. හෙහ්.. සල්මාලි එංගලන්තයේ.. යාලුවා ඇමෙරිකාවේ.. මුහුණුපොතේ ඉන්නවා දෙන්නම.. ඒත් මම ඇඩ් කරගෙන නෑ.. ;) කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-61825724143264421152017-12-28T22:03:13.031+11:002017-12-28T22:03:13.031+11:00කල්‍යාණ- බලාගෙන ගියාම අපි එක කාලේ කට්ටියනේ! :) ගුර...කල්‍යාණ- බලාගෙන ගියාම අපි එක කාලේ කට්ටියනේ! :) ගුරුවරු ගැන පෝස්ට් එක කියෙව්වා. බොහොම අනර්ඝ මතකයක්නේ තියෙන්නේ. ඇත්තටම බැලුවාම අපි අද ඉන්න තැනට එන්න ගුරුවරු තමයි අඩිතාලම දැම්මේ. මම මුලින්ම ඉස්කෝලේ ගියේ සේෂෙල්ස් රටේදි නිසා මුල ඉඳන් ක්‍රියෝල් බාසාවෙනුත්, ඊටපස්සේ ලංකාවට ඇවිත් සිංහල බැරිව ආයෙත් මුල ඉඳන් සිංහලෙනුත් ඉගෙනගෙන ගොඩ ගියේ ගුරුවරු මං වෙනුවෙන් සෑහෙන්න මහන්සි වුණු නිසා කියලයි මගේ විස්වාසය.ඒ නිසා මම ඒ ගුරුවරුන්ට සෑහෙන්න ණය ගැතියි.

අමුතු නමක් තියෙන එකේ වාසි වගේම අවාසිත් අනන්තයි. මොන මරිසි වැඩක් කළත් අනිත් අයගේ නම් කෙසේ වෙතත් මගේ නම මතක හිටියා ගුරුවරුන්ට. ඒ වගේම ඒකෙ අනිත් පැත්තට සමහරුන්ට මගේ නම හරියට මතක නැතිව කියපු කේලම් නිසා 'හේමමාලි' ලා මං වෙනුවට බැනුම් ඇහුවා! :D

සල්මාලි + එයාගේ යාලුවා නැද්ද හොයාගන්න දැන්? :)මලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-37169407106053732692017-12-28T17:30:44.528+11:002017-12-28T17:30:44.528+11:00ෂා! මේක මරු.. මාත් අවුරුදු දෙකකට විතර කලින් ලියුව ...ෂා! මේක මරු.. මාත් අවුරුදු දෙකකට විතර කලින් ලියුව ගුරුවරු ගැන මගේ මතකය..

http://kalahitha.blogspot.com/2015/10/to-teachers-with-love.html

බැලුවම අපි ඔක්කොටම හම්බවෙලා තියෙන්නේ එකවගේ ගුරුවරු.. දෙයියනේ කියල මගේ ගුරුවරුන්ටත් මාව අඳුන්නලා දෙන්න ඒ හැටි කරදර වෙන්න වෙලා නෑ.. 'අපොයි මේ අර..' කියල යසට මතක හිටින විදියට තමයි අපි ඒ කලේ ඉස්කෝල 'රන්' කරේ.. :))

ආ.. මම හතේ පන්තියේ හිටියේ මීට අවුරුදු විසි නවයකට කලින් නේ.. ඒ කියන්නේ මලී ඉඳල තියෙන්නේ අපේ ජුනියර් ක්ලාස් එකේ.. බාලිකා පාසලක්ය කියූ නිසා බය වෙන්න දෙයක් නෑ ඉතීම්.. හැක්. අපේ පහල පන්ති වල හිටියා 'මාලි' කෙනෙක්.. එයටත් ටිකක් වෙනස් නමක් තමයි තිබුනේ 'සල්මාලි' කියල.. එයාගේ හොඳම යාලුවා එක්ක මගේ පොඩි ක්‍රෂ් එකක් වගේ එකක් තිබ්බ නිසා එයාව මට හොඳටම මතකයි.. :) කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-56131015677046626772017-12-27T20:11:04.903+11:002017-12-27T20:11:04.903+11:00ඔය පනා තහනම අපේ අක්කල ඉස්කෝලේ යනකොටත් දැඩිව තිබුණ,...ඔය පනා තහනම අපේ අක්කල ඉස්කෝලේ යනකොටත් දැඩිව තිබුණ, අපි යනකොටත් තිබුණද කොහෙද, නමුත් ළමයි පනා ගෙනාව මතකයි. කාටවත් නොපෙනී පාවිච්චි කලාම හරි. මම නම් වැඩිය කොන්ඩෙ පීරන්නේ නැහැ ඒ කාලෙ, පීරුවත් වෙනසක් නැති කපුටු කූඩුවක් තිබුණු නිසා.

"සිරස් කොරොස් කෙස් යබලිස විලසින" කියද්දී ගුරුතුමිය උදාහරණෙට ගත්තෙ මගේ කොන්ඩේ, කොටින්ම.

හැබැයි වෙන නීති ටිකක් තිබුණ. ගල් අල්ලපු කරාබු තහනම් - මේක පටන් ගත්තේ ප්ලාස්ටික් කරාබු තහනම් කරන්න, නමුත් අන්තිමට ගල් ඇල්ලු සියලු කරාබු තහනම් කළා. මගේ කරාබුවේ සුදු පාට ගල් තිබුණ, ඉතින් කරාබු නොදා හිටිය උසස් පෙළ ඉවර වෙනකම්.

ඔයා හරි. අපි දහය වසරෙදි එක යාලුවෙක් ලියපු හසුනක් හමු වෙලා මුළු සෙක්ෂන් එකේම බෑග් චෙක් කලා. එදා ඒ හසුන ලියපු යාළුවා ආවෙත් නැහැ, නමුත් වයිස් ප්‍රින්සිපල් පන්තියට ඇවිත් "ලියුම් ලියන්නෙ වල් කෙල්ලො" කියල අපි ඔක්කොටම ඉතා පරුෂ වචනයෙන් බැනල ගියා. දැන් ආපස්සට හැරිල බලද්දි නම් අනේ මන්ද. යම්කිසි මගපෙන්වීමක් හෝ සැර වීමක් අවශ්‍යයි තමයි, නමුත් එහෙම බැන්න කියල ලියුම් ලියන අය අය නොලිය ඉන්නෙත් නැහැ. එදා නම් අපටත් එපා උනා, කොහෙවත් තිබුණු දේවාලයක් ඉහේ වැටිල දරුණු විදියට බැනුම් අහපු නිසා.එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-78660640817454205722017-12-27T13:29:29.743+11:002017-12-27T13:29:29.743+11:00මානවී- ටිකක් ඇත්ත ඒ කතාව. මම එහෙමකටම දඟ වැඩ කළේ නැ...මානවී- ටිකක් ඇත්ත ඒ කතාව. මම එහෙමකටම දඟ වැඩ කළේ නැහැ- ඒත් කණ්ඩායම් හැටියට කරපු, හරියට කවුද කළේ කියලා හොයාගන්න බැරිවුන සොඳුරු ව්‍යාපෘති කීපයකට නම් දායක වුණා ඉස්කෝලේ යන කාලේ. ගුරුවරුන්ගේ සැක ලයිස්තුවේ ඉන්න ඇති මම ෂුවර් එකටම! නිශ්ශබ්ද ළමයි ගැන ඔය කීව එක ඇත්ත කියලා හිතෙනවා අපේ පන්තිවල හිටිය සමහර ඒ වගේ ළමයින්ගේ දැන් ජීවිත එක්ක බලද්දී. තව අතකට හිතෙනවා අපේ ඉස්කෝල වැඩි අවධානයක් යොමු කළේ කිසිම තේරුමක් නැති නීති රීති ක්‍රියාත්මක කරන්න මිසක් ජීවිතේ ගැන අපිට කියලා දෙන්න නෙමෙයි කියලා. ඔයා විස්වාස කරන එකක් නැහැ ඒ කාලේ අපේ ඉස්කෝලේ පනා ගේන්න තහනම් කියලා නීතියක් තිබ්බා! පනා!! හිතන්නකෝ ඉතින්.. අපිට කොහොම හරි හංගලා පනා ඉස්කෝලේ ගේනවා ඇරෙන්න වෙන වැඩක් තිබ්බේ නැහැ! :Dමලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-120614240792955282017-12-27T02:54:43.455+11:002017-12-27T02:54:43.455+11:00ඔයා එක පාරක් ගහේ ඉඳල අහු උනා කියන්නෙ, ඒ කාලෙ දඟ පැ...ඔයා එක පාරක් ගහේ ඉඳල අහු උනා කියන්නෙ, ඒ කාලෙ දඟ පැංචෙක් වෙන්න ඇති. ඉතින් අනිත් මිස් ටත් හුරතල් දඟ පැංචව මතක තියෙන්න ඇති.

පාසල් වල ගුරුවරු දඟකාර පැටවුන්ට කැමතියි, මොකද ඒගොල්ලො ගේන්නෙ ඔය "ආයෙ අහුවෙන්න ඔය වගේ දේවල් කරන්න එපා" වගේ සිල්ලර නඩු.

කිසිම කතා බහක් නැති, කෑ ගහන්නේ නැති, නිහඬව බිම බලන් ඇවිදින ඇතැම් සිසුවියෝ (ඔක්කොම නොවේ), හිටපු ගමන් පාසලෙන් අතුරුදහන් වෙනව. එතකොට ඒ නඩු විසඳන්න සිදුවෙන්නෙ පොලිසියයි, ළමාරක්ෂණ අධිකාරියයි, දෙමවුපියොයි ඔක්කොමල එක්ක. හිතේ තියන දේ කෙලින්ම කියන්න පුළුවන් ජාතියේ සිසුවියන්ව තේරුම් ගන්න ලේසි නිසා, ඔවුන් අතින් බරපතල දෙයක් සිදු වන්නට කලින්, සැලකිලිමත් වෙන්නත් පුළුවන් ඇති.

මේක ටිකක් ජජ්මන්ටල් කතාවක්. අපිට බෑ හැසිරීමෙන් මිනිස්සු මනින්න. නමුත් බාලිකා පාසලක, දහය එකොළහ වසර වල සිදු වූ දේවල් දැක්කම සහ ගුරුවරුන්ගේ ප්‍රතිචාරය දැක්කම මට හිතුණු දෙයක් ඕක.එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-35557603469850452002017-12-26T21:38:08.593+11:002017-12-26T21:38:08.593+11:00ස්තූතියි ඉයන්!ස්තූතියි ඉයන්!මලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-175703186207657032017-12-26T21:37:42.455+11:002017-12-26T21:37:42.455+11:00ඇනෝ- ඔව්, ඒ කාලේ නම් ඒවාගේ අහේතුකව සැර පරුෂ ගුරුවර...ඇනෝ- ඔව්, ඒ කාලේ නම් ඒවාගේ අහේතුකව සැර පරුෂ ගුරුවරුන්ගේ ලොකු වැරද්දක් අඩුපාඩුවක් දැනුණේ නැහැ. ලෝකය ගැන අත්දැකීමක් නොතිබුණු නිසා වෙන්න ඇති. වැඩිහිටියෝ වුනාට පස්සෙයි සමහර දේවල් වල හරි වැරැද්ද තේරෙන්නේ. මේ 'දරුණු' ගුරුවරිය ගැන නම් අදටත්, කවුරු කතා කළත් කියන්නේ 'අපෝ මතක් කරන්න එපා.. එක සැරයක් මටත් මෙහෙම දෙයක් කළා..' කියලා අමිහිරි මතකයක්මයි. එක අතකින් ඒ ගුරුවරියගේ අවාසනාව. හොඳ දෙයක් ඉතිරි කරලා යන්න අනන්ත අවස්ථා තියෙද්දී කහට ම ඉතිරි කරලා ගිය එක. මලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-14757390078503022922017-12-26T16:48:01.452+11:002017-12-26T16:48:01.452+11:00++++++++++++++++++ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-48216089075137754412017-12-26T15:51:13.613+11:002017-12-26T15:51:13.613+11:00...” හරි හරි ආයෙත් අහුවෙන්න ඔය වගේ වැඩ කරන්න එපා........” හරි හරි ආයෙත් අහුවෙන්න ඔය වගේ වැඩ කරන්න එපා.. දැන් පන්තියට යන්න!’ යැයි කියා ඈ මා නිදහස් කළ අතර ‘අහුවෙන්න ඔය වගේ වැඩ කරන්න එපා’ සහ ‘ ඔය වගේ වැඩ කරලා අහුවෙන්න එපා’ යන වැකි දෙක අතර ඇති වෙනස ගැන කල්පනා කරමින් මම එක පිම්මේ පන්තියට දිව ගියෙමි....”

අන්න ගුරු උත්තමාවො. හිරගෙයක් වත් පාලනයට සුදුසු නැති අය කුඩා දරුවන්ට උගන්නන දැම්මම වෙන දේ හිතා ගත හැකියි.

Anonymousnoreply@blogger.com