tag:blogger.com,1999:blog-1902291384827754492.post3279143946192846104..comments2024-03-29T12:17:19.343+11:00Comments on Hot Chocolate Days: වැටුණා...වැටුණා!!මලීhttp://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-1902291384827754492.post-9502807424288602842019-03-15T03:47:05.603+11:002019-03-15T03:47:05.603+11:00Is it a type of migraine? Is it a type of migraine? Malini Ganewattahttps://www.blogger.com/profile/11092957217981461024noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-59379261975035508382018-11-15T21:53:46.136+11:002018-11-15T21:53:46.136+11:00මාලනී ඇන්ටි- සාමාන්‍ය කලාන්ත කැටගරියේ එහෙනම් ඇන්ටි...මාලනී ඇන්ටි- සාමාන්‍ය කලාන්ත කැටගරියේ එහෙනම් ඇන්ටි ඉන්නේ. :) මගේ එක ඒකෙ ඊළඟ අවස්ථාව! ඒත් ගොඩක් අය හිතන්නේ මෙහෙම වෙන්න බැහැ, අවධානය ගන්න කරන වැඩක් කියලා. මට මෙහෙම කලන්තයක් හැදුනහම දවසක් විතර අල්ලලා තියෙන තද ඔලුව කැක්කුමකුත් හැදෙනවා. ඒ නිසා පුළුවන් තරම් මේ වගේ අවස්ථා මඟඅරින්නමයි බලන්නේ. ඒත් ලේසි නැහැ! පුදුම වැඩේ කියන්නේ තාත්තාටයි අක්කලා දෙන්නටයි ත් මේක තියනවා. මට තමයි දරුණුම හැබැයි! ආරෙට ලැබුණු තෑග්ගක් ද කොහෙද :)මලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-49114171113895552882018-11-14T20:50:06.228+11:002018-11-14T20:50:06.228+11:00මම මේ වගේ දෙයක් ඇහුවේ අදමයි. ලේ දැක්කම ක්ලාන්ත වන ...මම මේ වගේ දෙයක් ඇහුවේ අදමයි. ලේ දැක්කම ක්ලාන්ත වන අය ගැන අහල තියෙනවා. මාත් ක්ලාන්ත වෙලා තියෙනවා. උදේ රැස්වීමේදී, දතක් ගලවපු දවසක pregnancy මුල් මාසවල, බබා ලැබිලා ඊට පස්සේ හෙදියක් මාව ඇඳෙන් බස්සවන වෙලාවේ වගේ අවස්ථා වල.
Malini Ganewattahttps://www.blogger.com/profile/11092957217981461024noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-64075907864588052762017-10-17T11:03:26.919+11:002017-10-17T11:03:26.919+11:00තිසර, එහෙම බෝඩ් එකක් ගහගෙන හිටියා වගේ තමයි සමහර වෙ...තිසර, එහෙම බෝඩ් එකක් ගහගෙන හිටියා වගේ තමයි සමහර වෙලාවට.'උගත් පාඩම්' නිසා සමහර මිනිස්සු මාව දුර එද්දී අඳුනනවා. එක සැරයක් blood test එකකට ගිහින් ඉන්ජෙක්ෂන් කටුව අතේ ගහල තියෙද්දීම ලේ ගත්තු ගෑණු ළමයාගේ ඇඟ උඩට කලන්තේ දාලා වැටිලා එයාවත් පෙරළාගෙන බිමට වැටුණා. දැන් මාව එතැනින් බ්ලැක්ලිස්ට් කරලාද කොහේද.. දොරෙන් එද්දීම ලේ ගන්න ඕන නම් හාන්සි වෙන්න කියලා ඇඳ පෙන්නනවා. එතන වැඩ කරන පොඩි කෙල්ලෝ ටික මාරු වෙලා වයසකම, සැර ම එක්කෙනා ඒ වැඩේට එවනවා! :D මලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-38827398109222713302017-10-16T17:14:33.282+11:002017-10-16T17:14:33.282+11:00අර ඉන්ධන ප්‍රවාහනය කරන ට්‍රක් වල ගහන්නේ "වහා ...අර ඉන්ධන ප්‍රවාහනය කරන ට්‍රක් වල ගහන්නේ "වහා ගිනි ඇවිලෙන සුළුයි" කියලා, ඒ වගේ, "වහා ක්ලාන්තය දමන සුළුයි" කියලා ටැග් එකක් එල්ලගෙන ඉන්න තිබ්බේ වටේ පිටේ මිනිස්සුන්ව දැනුවත් කරන්න. :)තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-11205547731498193132017-10-13T22:14:10.099+11:002017-10-13T22:14:10.099+11:00ලිඛිතා, රවී- දැන් පේනවා නේද මම තනිකර අහිංසකයි- මේක...ලිඛිතා, රවී- දැන් පේනවා නේද මම තනිකර අහිංසකයි- මේක අපේ තාත්තාගෙන් ලැබුණු තෑග්ගක් කියලා? :D මම ඉතින් පොඩ්ඩක් ඒක වැඩි දියුණු කරගත්තු එක වෙනම කතාවක්!

තාත්තා කියලා තියෙන ජවනිකාවේ අන්තිම කොටස-

ක්ලාන්ත වූ තරුණියගේ පියා වහා වහා සිද්ධිය වූ තැනට එයි. කෙතරම් ඉක්මනට පැමිණියේද යත් ඔහු එද්දිත් තුවාල කරුවන් ඉවත් කර නැත. එය දැක ඔහුද එසැණින් ක්ලාන්ත වෙයි! :D මලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-76091601822871476422017-10-13T15:35:38.790+11:002017-10-13T15:35:38.790+11:00සිංහල ඉංග්‍රීසි මාරුවෙලා පොඩි වැරදීමක් උනා. ඒකයි d...සිංහල ඉංග්‍රීසි මාරුවෙලා පොඩි වැරදීමක් උනා. ඒකයි delete කළේ. ඔන්න ආයිත් දානවා.

මලී දුවගේ මේ පොස්ට් එකට reply එකක් දාන්නම ඕනෑ. මටත් ඔය ගතිය තිබෙන එක ලියලා තියෙනවනේ. ඒක හරියට හරි. මටත් මුලින්ම කලන්තේ දැම්මේ අටේ පන්තියේ ඉගෙන ගනිද්දී (විශ්වාස කරන්න 1952 අවුරුද්දේ) ඒ කාලේ තිබුණේ සෞඛ්ය්ය සහ සාමාන්‍ය විද්‍යා ව එක විෂයයක් ලෙසට. අපට ඒ විෂයය ඉගැන්වූයේ PTI (ක්‍රීඩා උපදේශක). හෘදය සහ රුධිර සංසරණය පාඩමකදී මට කලන්තේ දාලා වැටෙනවා යන්තම් මතකයි. මට සිහි වෙන විට මේසයක් උඩ මාව දිග අතට බාවලා. ඇඳුම් බුරුල් කරලා. ඒ මදිවට නාවලා වගේ මුහුණෙත් ඔලුවෙත් වතුර. මුළු පන්තියේම කෙල්ලෝ කොල්ලෝ මාව වට කරගෙන. අපේ ගුරුවරයා First aid පාඩමකට ආදර්ශයක් ලෙසට මාව අරගෙන. දෙන්නෙක් මගේ අත් අල්ලාගෙන නාඩි බලනවා. මම දඩි බිඩි ගාලා නැගිටලා අත් ගසා දාලා කලිසම උස්ස ගත්තා.
ඒ උනාට ඊට පස්සේ මම A Level Zoology වලදිනම් ගෙම්බන්, මියන් වැනි සත්තු ඕන තරම් dissect කළා. Degree එකටත් Zoology කළා. දැනුත් ඒ අමාරුව තිබෙන්නේ වෙන ස්වරූපයකින්. තවම injection කටුවට නම හරිම බයයි. අනින කොටම බොහෝ වෙලාවට කලන්තේ දානවා. දැන් සති කිහිපයකට උඩදී මගේ ඇසකට cataract ඔපරේෂන් එකක් කළා. එතෙන්දි වෙච්ච හදිය ගැන මගේ blog පොස්ට් එකක් ලියන්නද හිතමින් අදි මදි කරමින් සිටියේ. අපේ 'blood group' එකේ තවත් අයත් සිටින නිසා දැන් බය නැතුව ලියන්නට පුළුවන්. ඉදිරියේදී ඒක ලියනවා.
අර ලිඛිතා කියන //හම්මේ දැනෙන සනීපයක්... වෙල්කම් ටුද ක්ලබ්!!! // එකට මටත් බැඳෙන්න පුළුවන් නේද වැඩිහිටි සාමාජිකයෙක් විධියට?.

ඊට පස්සේ, අර රවී කියන වර්ගයේ movie එකක් කරනකොට මටත් පොඩි acting කෑල්ලක් දාන්නටත් හැකිවේවි මෙන්න මේ විධියට. (..... වැඩකරන කාර්යාලයට හදිසි ටෙලිෆෝන් පණිවුඩයක් ලැබෙයි.)
' ඔය මිස්ටර් .......... ද?. මලී කියන්නේ දුව නේද? මෙන්න එයා පිටකොටුව බස් ස්ටෑන්ඩ් එකේ ...... බස් පෝලිමේ කලන්තේ දාලා වැටිලා. ටිකක් අමාරු වගෙයි. ළඟ හිටපු ලේ ගලන තුවාල කාරයෙක් දැකලා.'
‘අනේ.....! සහෝදරයා........’
'බොහොම ස්තුතියි පණිවුඩය දුන්නට . මම මේ කිට්ටුවමයි වැඩ කරන්නේ. විනාඩි දහයකින් එනවා. කරුණාකර මා එනතුරු ඉන්න.'
Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-60706844781487609592017-10-13T15:33:25.094+11:002017-10-13T15:33:25.094+11:00කලාන්ත හැදීමට අවදානම් අවස්ථා
දැකීම
1. ඕනෑම ඉස්ප...කලාන්ත හැදීමට අවදානම් අවස්ථා

දැකීම
1. ඕනෑම ඉස්පිරිතාලයක වාට්ටුවක් ( ලේ දැකීම අවශ්‍ය නැත. කෙඳිරියක් හෝ ඇසීම ඇති)
2. ලේ ඩිංගක් කොහේ හරි තිබ්බම ඇති
3. අතක්/කකුලක්/වෙනත් අවයවයක් තුවාල වෙලා එල්ලගෙන යන කෙනෙක් දැක්කහම
4. තවත් කෙනෙකුගේ දුකක් ( සංවේදී: ළමයෙකුගේ හෝ කාගේ හරි අකල් මරණයක්, හදිස්සි අනතුරක්)

ඇසීම
1. ඉහත ඔක්කොම කාටහරි කියනවා ඇහුවොත්
2. සංවේදී වෙනත් සිදුවීමක් කිව්වහම
3. ලේ දන්දෙනවා කිව්වහම
4. පොතක ඒ වගේ කොටසක් කියවීම

අනේ එක්කෝ ඕනේ නැහැ.. මේවා ලියන්න ගිහින් දැන් මගේ අත්දෙක හිරිවැටිලා ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-51561326046327640952017-10-13T15:27:24.551+11:002017-10-13T15:27:24.551+11:00Dayawee ඇයි මේක අයින් කලේ???? :-(Dayawee ඇයි මේක අයින් කලේ???? :-(ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-12841279071771325682017-10-13T15:04:35.360+11:002017-10-13T15:04:35.360+11:00This comment has been removed by the author.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-62809657268436741652017-10-12T09:42:29.263+11:002017-10-12T09:42:29.263+11:00තවත් කොයිල් ජනතාව සිටින බව ඇසීමෙන් ඇතිවන්නේ මහත් ප...තවත් කොයිල් ජනතාව සිටින බව ඇසීමෙන් ඇතිවන්නේ මහත් ප්‍රීතියකි නැගණිය!! :D :D මලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-55299232995421403222017-10-12T09:22:26.600+11:002017-10-12T09:22:26.600+11:00Ravi, thanks boss, honoured :)
ඔබතුමාගේ අදහස අනුව...Ravi, thanks boss, honoured :)

ඔබතුමාගේ අදහස අනුව නිර්මාණය කළ 'වැටුණා!' මියුසික් වීඩියෝවේ රූප රාමුවක් සහ වොයිස් කට් කිහිපයක්. :D

පසුබිමින් බස් නැවතුම්පලක්. කොළඹ බස් පෝලිම අසල මිනිසුන් එක් රැස් වී ඇති අතර ටයිම් කීපර් කූඩුවෙන් පිටතට ගත් පුටුවක හිඳ හිස පහලට නවා සිටින තරුණියක්. ඈ සරසවි සිසුවියක් බව අනුමාන කළ හැක. ඇගේ දෙපා මුල ෆයිල් කවර කිහිපයක් ඇති බෑගයකි.

බස් පෝලිමේ සිටි මගියෙක්- 'ඔය ගෑණු ළමයා අපි ළඟ හිටියේ, එකපාරට වැටෙන්න ගියා.. අපි පැනලා අල්ලා ගත්තා.. මේ සමරෙයි මායි ලොකු කතාවක හිටියේ.. අපේ තාත්තාට ළඟදී බයිපාස් එකක් කළා නේ.. එකේ විස්තර කතා කර කර අපි හිටියේ..තව පොඩ්ඩෙන් මෙයා වැටෙනවා දකින්නෙත් නැහැ.."

අසල බස් රථයක සිටි තරුණයෙක්- 'ඔය නංගි දවසක් කලන්තයක් දාලා මාත් සීට් එකක් දීලා තියෙනවා.. පවු මොකක් හරි හාට් එකේ අවුලක් වෙන්නැති.. හැබැයි මම සීට් එක දීපු දවසේ නම් බයෙන් වගේ සීට් එක යට බල බල හිටියා"

බයික් එකක යමින් සිටි තරුණයෙක්- "ආ... ඔය කෙල්ල ඉස්සර අපේ ඕලෙවල් පන්ති ආවා..නම නම් මතක නැහැ- මොකක්ද අමුතු නමක් තිබ්බේ.. සිටි සිටි ගාල කලන්තේ දානවා සමහර පාඩම් වලට..අපිට ඉතින් මරු ආතල්!!"

බස් නැවතුම්පල අසලින් පාසලට ඇවිද යන දේවිකා මිස්-"ඔව්.. ඔව් මම හොඳට දන්නවා ඒ ළමයාව... මගේ විද්‍යාව පන්ති ආවා නේ.. ඔය කලන්තේ දැමිල්ල අසනීපයක් නෙමේලු- පවුලෙන් එන දෙයක් කියන්නේ.. අනේ මන්දා ඉතින් එහෙම කිව්වට නේද? දොස්තර කෙනෙකුට වත් පෙන්නලා බලන්න තියෙන්නේ.."මලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-75738488425038027142017-10-12T04:15:52.611+11:002017-10-12T04:15:52.611+11:00මගේ කලාන්ත ඉතිහාසය ගැන මෙහෙම කෙටියෙන් ලියන්න බැහැ ...මගේ කලාන්ත ඉතිහාසය ගැන මෙහෙම කෙටියෙන් ලියන්න බැහැ අය්යෝ. ඒවා අති රමණීය කතා. රෙදි නැහැ!

මමත් ඔහොම පොතක් කියෝගෙන කියෝගෙන ගිහින්.... ( හැබැයි තිබ්බේ වේදනාව ගැන, ලේ ගැන වැඩි දෙයක් තිබ්බේ නැහැ) දැම්මනේ කලන්තේ!!! වෙලාවට හිටියේ ඇඳක් උඩ. මම විසින්ම සිහිය ආවට පස්සේ ඊළඟ ජේදේ ඉඳල කියෙව්වා මුකුත් උනේ නැහැ වගේ. අදටත් ඒ ජේදේ තිබ්බ දේ දන්නේ නැහැ.

මට ලේ විතරක් නෙවෙයි, වේදනාව දැනුනත් දෝය්යා !! අත දොරට අහු උනත් ඇති.. පටෝරියන් වෙනවා. හම්මේ...... මේවා නොකියා හිටියේ මගේ කොයිල් වැඩේට හැමෝම හිනාවෙන හන්දා. හම්මේ... මේක නම් ජොලි සිද්දියක්..

මගේ කලාන්ත කතා දුසිමක් විතර ඇත. ඔය ඇහෙන විට දාන ජබර කලන්තේ නම් අන්තිම කුජීතය. සිහිය එනකොට වටේ උන්ගේ ප්‍රතිචාර ඇහෙනකොට පොලවේ වැලලෙන්නට සිතේ!ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-77648171856505761052017-10-11T22:17:21.562+11:002017-10-11T22:17:21.562+11:00හෙහ්..වැටුනා කිව්ව මට එක පාරටම මතක් වුනේ ඉරාජ්ගෙ අ...හෙහ්..වැටුනා කිව්ව මට එක පාරටම මතක් වුනේ ඉරාජ්ගෙ අර මේ දවස්වල කුප්‍රකට වීඩියෝ එක..."දැනුනා"...

ඔන්න වැඩේ නෝන මහත්තය......ඔහෙටත් තියෙන්නෙ මේ මහඟු අවස්ථාවෙන් වහාම ප්‍රයෝජන ගන්ට නොහොත් "කල දුටු කල වලට කණයා පණ්ඩිතයට ඒ දණ්ඩෙ යන්ටත් බෑ" කිව්ව වගෙ වැටුනා කියල වීඩියෝ එකක් හදල පබිලිස් කොරන්ට..

ඔය ඒ කාලෙ ඉඳලම පන්සලේ කෝවිලේ පල්ලියේ පුදබිමේ එහෙම ගෙම්බ පොළවෙ ගැහැව්ව වගෙ ඇදං වැටිච්චි සීන්සුයි ඒ කාලෙ යාලු මිත්‍රයො, දෙමව්පියන්ගෙ එහෙම වොයිස් කට් එහෙමත් දාල එහෙම එකක් හැදුවනම් අනිවාර්යයෙන් හිට් වෙයි....

Your writing style is amazing malee, hilarious no doubt but there is something more to it...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-18017666507765517412017-10-11T21:15:50.037+11:002017-10-11T21:15:50.037+11:00නෑ නෑ එහෙම ආපහු කියද්දී කලන්තේ වෙන්නේ නැහැ ඉයන්, f...නෑ නෑ එහෙම ආපහු කියද්දී කලන්තේ වෙන්නේ නැහැ ඉයන්, first hand විතරයි! තනිකර මනසින්ම හදාගත්තු දෙයක්. හැබැයි අපේ තාත්තාටත්, මගේ අක්කලා දෙන්නාටත් අඩු වැඩි වශයෙන් මේක තියෙනවා. ඒ නිසා පොඩි ජානමය බලපෑමක් තියෙනවාදත් මන්දා. හැබැයි ඒ ගොල්ලන්ට දෙයක් දකින්න ඕන. මම ඊට දියුණුයි..මට නම් ඇහුවත් ඇති! :Dමලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-53751511490329104182017-10-11T21:11:49.063+11:002017-10-11T21:11:49.063+11:00ආ ඔයාත් ඒ බෝට්ටුවේමද? අහන්නත් සතුටුයි! ප්‍රසිද්ධ ත...ආ ඔයාත් ඒ බෝට්ටුවේමද? අහන්නත් සතුටුයි! ප්‍රසිද්ධ තැනක ඔහොම කලන්තයක් දැම්මහම දැනෙන්නේ එසේ මෙසේ ආඩම්බරකමක් නෙමේ නේ? :D හා ලියමුකො බලන්න ඔයාගෙත් කලන්ත කතා ටික!මලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-80452345605286536302017-10-11T18:00:46.270+11:002017-10-11T18:00:46.270+11:00මේ පෝස්ට් එක ලියද්දි පරණ ඒවා මතක් වෙලා කලන්තෙ දැම්...මේ පෝස්ට් එක ලියද්දි පරණ ඒවා මතක් වෙලා කලන්තෙ දැම්මෙ නැත්ද? මෙවන් දෙයක් ගැන කලින් අහල තිබුණේ නැහැ. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-21721436110023434292017-10-11T14:08:06.895+11:002017-10-11T14:08:06.895+11:00හම්මේ දැනෙන සනීපයක්... වෙල්කම් ටුද ක්ලබ්!!! මමත් ඔ...හම්මේ දැනෙන සනීපයක්... වෙල්කම් ටුද ක්ලබ්!!! මමත් ඔයා ජාතියෙන්මයි .. එමමයි.. කලන්ත රෙකෝඩ් කඩා ඇත්තේ ඉස්කෝලේ විතරක් නෙවෙයි. යන යන හැම තැනම සලකුණු තබා යමි

:-)ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.com