January 18, 2020

සහස් පියවර පොතට අවුරුද්දක්!

සහස් පියවර කෙටිකතා එකතුව එළිදක්වලා අදට හරියටම අවුරුද්දක්. බොහොම කෙටි කාලයකදී මුද්‍රණ කටයුතු නිමකරලා මම ලංකාවේ  නිවාඩුවකට ගිය අතරතුරදී පුංචි උත්සවයක් සංවිධානය කරලා ඒ පොත එළිදක්වන්න ලැබීම එක්තරා ආකාරයක හීනයක් හැබෑ වීමක්. මේ හැම දේම පිටිපස්සේ මට හයියක් වෙමින් උන්නු පවුලේ අය, නෑදෑයින් සහ හිත මිතුරන් නොවෙන්නට තාමත් මම පොතක් පළකිරීම ගැන හිතමින්,තැවෙමින් ඉන්න තිබුණා. 

මගේ පොත නිසා පහුගිය අවුරුද්දට ගොඩනැඟුණු මිතුරුකම් බොහොමයි. පොත කියවලා තමන්ගේ හෘදයාංගම අදහස් කියන්න මට කතාකළ, පණිවිඩ එවූ අයගේ ආදරය තාමත් මට අදහාගන්න බැරි තරම්.. ඉතින් ඒ සුන්දර අත්දැකීමේ කොටස්කරුවන් වුණු හැමදෙනාටම, ආයෙත් වතාවක් ස්තූතියි! 


පින්තූරය- අමිල ගුණතිලක, මහවැලි කේන්ද්‍රයේදී
සහස් පියවර, කෙටිම කෙටි කතා- සයුර ප්‍රකාශනයක් 


2 comments:

  1. පියවර සහසක් තබා එළී දැක්වූ 'සහස් පියවර' කෙටිම කෙටි කතා වැනි තවත් නව කෘතියක්, තව එක පියවරක් පෙරට තබා 'සහසකුත් එකක්' ලෙස ඉක්මණටම එළී දක්වමු.

    ReplyDelete
  2. This is a grreat post thanks

    ReplyDelete